Fri. Jul 5th, 2024
Spread the News
Picture Courtecy Brand of the world

මේ සඳහා අපට අනුන් සමග සංසන්දනය කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ.

දැනුම, අත්දැකීම්, ආත්ම විශ්වාසය හා කැපවීම තුළින් දියුණුව යනු පීඩිතයාගේ සිහිනයක් නොව හෙට දිනයේ යථාර්ථයක් බව
ඔප්පු කරන්නෙමු.

මේ සඳහා අපි මැතිවරණයන් ඉල්ලා කෑමොර නොගසන්නෙමු.

ඉදිරියේදී ජනතාව ඉල්ලන මැතිවරණ යකට ජනතාව ඉල්ලන නියෝජිතයින් පමණක් ඉදිරිපත් කරමින් වර්තමානයේ පරිහානියට පත්ව ඇති පාර්ලිමේන්තුවේ සංයුතිය වෙනස් කරන්නෙමු.

අපි ක්‍රමය වෙනස් කරන්නට උත්සාහ නොකරමු. එහෙත් අපි ජනතාව ඉල්ලන ජනතාව පතන දේ පමණක් දෙන්නට චර්යා ධාර්මිකව බැඳී සිටිමු.

මෙය ජනතාව සහ (පාලකයන් නොව) ජනතා මෙහෙවර වෙනුවෙන් ඉදිරිපත් වෙන පිරිස අතර ඇතිවන නෛතික සම්මුතියක් තුළින් දේශපාලන යථාර්ථයක් කරන්නෙමු.

ජනතාව ඉදිරිපත් වුණොත් අපි ඉදිරිපත් වෙනවා කියන බොළඳ සංකල්පය වෙනුවට ඔබ වෙනුවෙන් අප ඉදිරිපත් වෙනවා කියන්නට අපට හැකියාව මෙන්ම ශක්තිය ද තිබෙනවා.

ඔබගේ සිහින ලොවෙහි
කිරුළු පළඳින්නට අප කාහටවත් අවශ්‍ය නැත.

ජනතාව අප කෙරෙහි තබන විශ්වාසය ම අපගේ කිරුළු වන්නේය.

කතාව තුළදී නොව අප ක්‍රියාවන් තුළදී එකිනෙකා හමු වෙමු.

  • එඩ්වර්ඩ් –
    27.02.2023