Mon. Jul 8th, 2024
Spread the News

ඔබ සැමට සුභ දවසක් වේවා!
කිසිවෙක් ගැන මම අහිතක් ඇති කර නොගනිමි.

ප්‍රශ්නය ඇත්තේ මා වටා නොව, මා දැනට එහි නොසිටියත් මා ඉපදුනු රට අදෘශ්‍යමාන හස්තයක් විසින් ගිල ගන්නට ආගමික හා විමුක්ති දේශපාලනයේ මුහුණුවරින් එහෙත් කඩතුරාවකින් මුහුණ වසාගෙන කරන නින්දිත උත්සාහය මම නොඉවසමි.

විවිධ සංස්කෘතීන් තිබෙන රටවල් ලෝකයේ ඕනතරම් තිබෙනවා. එය ලංකාවේ සංස්කෘතික සන්දර්භය සමඟ සැසඳිය නොහැක්කේ පළමුවන යුරෝපීයා මේ දිවයිනට පය ගැසු මොහොතේ සිට ප්‍රධාන සංස්කෘතිය වූ සිංහල බෞද්ධ හැදියාවට විරුද්ධව කළ හැකි හැම විනාශයක්ම අදටත් කරමින් සිටින නිසයි.

ඊනියා පාර්ලිමේන්තු සම්ප්‍රදායේ පක්ෂ ක්‍රමය තුළත්, විප්ලව වෙස් මුහුණු බැඳගෙන එළියේ කළ අමානුෂික ක්‍රියාදාමයන් තුළත්,
සිංහල බෞද්ධ විරෝධී වෙනත් ආගමික කණ්ඩායම් විදේශීය බලවේගයන් සමග එකතුවි කරන ලද කුමන්ත්‍රණකාරී තරුණ සංහාරයන් තුළත් සැඟවී ඇති නොකිව් කථාව මේ රට මිහිපිට අපායක් කිරීමයි.

කට වාචාලකමට මිනිසුන් කඩාවැටුණු බෞද්ධ කමක් ගැන අවලාද නැගුවත්, හානිය සිදුවී ඇත්තේ බුදුදහමට නොව බුදු දහමින් පලායෑම තුළින් මිනිස්කම අහිමිකරගත් එලොවටත් නැති මෙලොවටත් නැති මිනිස්සුන්ටයි.

මා හට අමුතුවෙන් අයත් කර ගැනීමට දෙයක් හෝ නැති වීමට දෙයක් නැත.
නැති වුනොත් නැති වෙන්නේ ජීවිතය පමණයි.
වරක් (1987) එය මගෙන් උදුරා ගැනීමට රාජ්‍ය බලය ගත් උත්සාහය අසාර්ථක වීම නිසා අදත් මා ජීවතුන් අතර සිටිනවා. එදා ආරක්ෂා වනු ඒ ජීවිතයට මා අරුතක් දීමට උත්සාහ කරනවා.

දේශපාලනය හෝ සදාචාරය පිළිබඳ මෙලෝ රහක් නැති මිනිසුන් ජනාධිපති අගමැති ඇමතිවරු වීමට සිහින දකින සමාජයක ඒ සඳහා සියලුම සුදුසුකම් තිබුනත් ධන කාමයෙන් හෝ බලකාමයෙන් මත් නොවී පැහැදිලි අරමුණක් වෙනුවෙන් මේ ගමන යමි.

මෙතෙක් ඔබ සැම වෙතින් ලැබුණු චර්යා ධාර්මික සහයෝගය
ගැන මම හෘදයංගමව
ස්තුතිවන්ත වෙමි.

ඔබ සැමටත් රටටත් ජය!
( එඩ්වර්ඩ් )
13.03.2023