Spread the News

ඔබ බෞද්ධයෙක්ද ?
බෞද්ධයෙක් නම් ලොව්තුරා බුදුකෙනෙකුන්ගේ බුද්ධත්වය ඔබ පිළිගන්නවාද ?
බුද්ධත්වය පිලිගන්නවා නම් ඔබ ත්‍රිපිටකය පිළිගන්නවාද ?
(ත්‍රිපිටකය නොපිළිගන්නා බෞද්ධයන්ට මෙය අදාළ නොවේ.)
එයද පිලිගන්නවා නම් ඔබ එහි වූ සුත්‍ර බුදු හිමියන්ගේ ශ්‍රී මුඛයෙන් දේශිත දේශනා ලෙස පිළිගන්නවාද ?
එයද පිලිගන්නවා නම් ඔබ මහා මංගල සුත්‍රය පිළිගන්නවාද ?
එයද පිලිගන්නවා නම් ඔබ එහි එක් ගාථාවක එන “පතිරුප දේශ වාසෝච” යන වැකිය පිළිගන්නවාද ?
“සුදුසු පෙදෙසක වාසය කිරීම” යනු එහි කෙටි තේරුමයි.
සාරාසංඛෙයිය කල්ප ලක්ෂයක් සමතින්සත් පාරමී පුරා ලොව්තුරා බුද්ධත්වයට පත් වූ එවන් මහා උත්තමයෙක් තිලොව දෙස බලා ලොව පුරා මිනිස් වාසයක් පවතිද්දී “පතිරුප දේශයක්” නම් කලේ ඇයි ?
ලොව සියලු දෙනා මිනිසුන් නම් , සියල්ලන්ම එකම නම් , ගහ කොළ සතා සීපාවා සෑම තැනම ඇත නම් , ගංගා කඳු ශිඛර හෙල් මලු වනාන්තර මෙකි නොකී සෑම දෙයක්ම ලෝකයක අයිතිය නම් උන්වහන්සේට “පතිරුප දේශයක්” ගැන කීමට හේතු සාධක වුයේ කුමක්ද ?
ලොව එකම වූ බෞතික නිර්මාණයන්ගෙන් සමන්විත වුවක් වුවත් “ලොවම පතිරුප දේශයක්” යයි උන්වහන්සේ වදාළේ නැත්තේ ඇයි ?
ලොවම පතිරුප දේශයක් වුවා නම් උන්වහන්සේට එම වැකිය යෙදීම අවශ්‍ය වන්නේ නැත.
“පතිරුප දේශය” යනු “මිනිස් වාසය නොමැති හෝ වාසයයට නුසුදුසු පෙදෙසක්” යන අර්ථයෙන් දෙසුවක්ද ?
දෙවැනි පදය “පුබ්බෙත කත පුඤඤතා” හෙවත් “පෙර පින් ඇති බව” යන වැකියෙන් “පතිරුප දේශ වාසෝච” යනු මිනිසුන් නොමැති හෝ මිනිසුන්ට වාසය සඳහා සුදුසු නැති පෙදෙසක් නොවන බව ඔප්පුවේ.
ඇයි ?
මිනිසුන් නොමැති තැනක “පෙර පින් ඇති බවක්” ගැන සඳහනක් කුමට ?
මිනිස් වාසයට සුදුසු නොවූ සත්වයින් හෝ අන්‍යය වූ උත්පත්තීන් වෙනුවෙන් “පෙර පින් ඇති බවක” සඳහනක් කුමට?
එසේ නම් මෙම “පතිරුප දේශය” යයි දේශනා කොට ඇත්තේ මිනිසුන්ම වසන තැනක “පෙර පින් සතුවූ”  මිනිසුන්ට විශේෂිත වූ බිමක් ගැනය.  
ලොව එකම වූ මිනිස් වාසයක් නම් ලොවම පතිරුප දේශයක් නොවී ඉන් “පතිරුප දේශයක්” ගැන උන්වහන්සේ දේශනා කලේ ඇයි ?
එසේ නම් ලොවම මිනිසුන් ඇතත් ලොවම “සුදුසු පෙදෙසක්” නොවේ යනු ඉන් ඔප්පු වේ.
පතිරුප දේශයක් ඇයි ?
නොනවතින ගමනක යෙදෙන සැමට ගමන සැමවිට සුඛදායි නොවේ. ඒ අනාගත භයන්කරත්වයෙන් මිදීම හෙවත් සසර ගමනක නැවැත්ම වෙනුවෙන් යම් ප්‍රතිපදාවක් පිරිය යුතුවේ. ලොව සෑම තන්හි මිනිසුන් වාසය කලත් සියලු මිනිසුන් වසන තැන් ඒ සඳහා සුදුසු නොවේ. සෑම තැනම එම ප්‍රතිපදාව පිරිම පහසු නොවේ. ඒ නිසා එයට “සුදුසු පෙදෙසක්” හෙවත් සුදුසු මිනිසුන්ගේ දේශයක් අතවශ්‍ය වේ. සුදුසු පෙදෙසක ජිවත්වන පෙර පින් ඇතියකු විසින් තම අරමුණ සාක්ශාත් කරනු ඇත යනු බුද්ධ උදානයයි.
එවන් පින් ඇතියකුට නැවත්මේ ප්‍රතිපදාව පුරණය කිරීමේ සුදුසුම බිම මේ හලදිවයි. එවන් වූ පුණ්‍යවන්ත මිනිසුන් සඳහා රැකියා යුතුම වූ ක්‍ෂේම භූමියයි ලක්දිව. ඔබ දාන මානාදියෙන් අප්‍රමාන කුසල් රැස්කිරීමේ යේදේ නම් ඒ හා සමාන වූ කුසලයක් මේ පුණ්‍ය භුමිය රැකීමට උපකාර වීමෙන් අත්කර ගත හැකිය. ඒ නිසා පුණ්‍ය භූමියක් වූ ලක්දිව රැකගැනීම වෙනුවෙන් කැපවන්න.
එය මිනිස් ප්‍රජ්නාවට කෙරෙනා අති උත්තම පුජාවයි.
ස්තුතියි !