Mon. Jul 1st, 2024
Mother Country Ceylon Flag E0b694e0b6b6 E0b694e0b6b6 E0b689e0b6b4e0b6afe0b794e0b6b1e0b794 E0b6bbe0b6a7e0b6a7 E0b686e0b6afe0b6bbe0b79ae0b6af
Spread the News

ඔබගේ මව්බිමට ඔබ ආදරේද ?

ඇයි ඉතින් එහෙනම් මේ එක එක්කෙනාට බැණ බැණ ඉන්නේ ?

ඇයි ඔබ සතු යුතුකම තව එකෙකු ලවා කරවන්නට උත්සාහ කරන්නේ ?

තම යුතුකම තම මව්බිම වෙනුවෙන් ඔබම කරන්න.

තම වගකීම තම රට වෙනුවෙන් ඔබම කරන්න.

කොහොමද ?

රට වෙනුවෙන් අවංක වෙමු. අවංකව රටේ උන්නතිය වෙනුවෙන් කැපවෙමු. ඔබේ ඒ පෞද්ගලික දායකත්වය දිනෙක රටේ සියල්ලන්ටම ප්‍රදීපයක් වනු ඇත. ඔබ තනි තනිව කරනා ඔබගේ කැපකිරීම් දිනෙක සියල්ලන්ගේ යහපත පිණිස වනු ඇත. අනිකාට ඇඟිල්ල දිගු නොකොට රටවෙනුවෙන් තම තමන්ගේ සේවය තමන්ම නිසිලෙස කර මියෙමු.

රටවෙනුවෙන් අවංක වෙමු.

රට වෙනුවෙන් කැපවෙමු.

මව්බිම බේරාගමු.

 නායකයන් ?

නායකයා ඔබයි.

ස්තුතියි !

වෛද්‍ය ධම්මික විජේරත්න