Mon. Jul 8th, 2024
Spread the News

ඔබයි ගුරු දෙවියා ……..////

ඇස් අද ලොවතුල තෙවනි ඇසක් වූ

සිත් අද ලොවකට  දෙවනි සිතක් වු

අදුර නසන්නට ප්‍රදීපයක් වු

ඔබයි ගුරු දෙවියා ……..////

මා මෙලොවට මිනිසෙකුවු දිනේ සිට

පිරිපුන් ඉදුරන් ලැබුනු දිනේ සිට

සාඩම්බර වූ මම ….//

මා මිනිසෙකුයැයි  ලොවට කියන කල                            

මිනිසත්කම ගැන අපට කියාදුන්

ඔබයි ගුරුදෙවියා ….////

දකින දකින දේ හැඩයි හැගෙන විට

ඇසෙන ඇසෙන දේ නිවැරදියයි ගෙන

සාඩම්බර වූ මම …..//

මා මිනිසෙකු යයි ලොවට  කියන කල

ප්‍රප්‍රඥාවෙන් මුලු ලොවම දකින්නට

ඥානය ගුරුකොට සවන්  යොමන්නට

අපට කියාදුන්

ඔබයි ගුරුදෙවියා ……////

-ධම්මික

On behalf of the teacher’s day  –  2019