Spread the News

ඔබතුමාට ගොඩාක් පින්….!
“ඔබතුමාට ගොඩාක් පින් මහත්තයා මේ මට කල උපකාරෙට. ඇත්තටම අපි මේ ලෙඩ ගැන දන්නේ නැහැනේ.”
“පින් ගැන කථාකරන්නේ ඔබතුමිය බෞද්ධද?”
“ඔව් මහත්තයා.”
“ඔබතුමිය මට පින් දෙනවා. පින් ගැන කතාකරනවා. කුසල් ගැන කතාකරනවා. ඔබතුමියට මම යම් අතිරේක දෙයක් කියන්නද ?”
“ඔබතුමියට පින, පව, කුසල්, අකුසල් මේ යයි ඒ ගැන දැනගන්න , ඒවායේ යෙදෙන්න , පින් \ කුසල් රැස් කරගන්න ලැබී තිබෙන්නේ ඔබතුමිය ඉපදුන මේ කාලයේ බුදු දහම මේ රටේ තිබුණු නිසා නේද ?”
“ඔව් මහත්තයා.”
“හොඳයි ! අපි උදාහරණයක් ලෙස ඔබ තුමිය ඉපදෙනකොට මේ රටේ බුදු දහමක් තිබුනේ නැත යයි කියමුකෝ. එහෙම වුනා නම් ඔබ තුමියට පින් \ කුසල් ගැන දැනගන්න ලැබෙන්නේ නැහැ. දන්නේ නැත්නම් ඒවා ගැන කතාකරන්න ඔබතුමියට දැනුමක් නැහැ නේද ?  එසේ වුනානම් ඔබතුමියට පින් රැස් කරන්න ලැබෙන්නෙත් නැහැ. එදාට ඔබතුමිය ඒ අය මෙන් මෙන් හැසිරෙයි.”
“ඔව් මහත්තයා.”
“එහෙනම් ඔබතුමිය බුදු දහම දැනගත්තේ කවුරුන් හෝ එය රැක තිබු නිසා නේද ?”
“ඔව් මහත්තයා.”
“ඒ රැකගත් මිනිසුන් ……වර්ගයේද නැතිනම් අන්‍ය වර්ගයක්ද ?”
“අපේ වර්ගයේ මහත්තයා.”
“ඒ වර්ගය නොමැති වුවහොත් අනාගතේ ඉපදෙන ඔබතුමිය වැනියෙකුට අන් කවුරු හෝ බුදු දහම රැක තබයිද ?”
“නැහැ මහත්තයා.”
“එහෙම වුවහොත් ඒ අනාගත මිනිසුන්ට පින් කියා දෙයක් රැස් කරගත හැකිද?”
“බැහැ මහත්තයා.”
“එහෙනම් යමෙක් බුදු දහම ගැන මහත් ශ්‍රද්ධාව උපදවයි නම් , ශ්‍රද්ධාවෙන් කථාකරයි නම් , ශ්‍රද්ධාවෙන් හැසිරෙයි නම් ඒ හා සමාන ශ්‍රද්ධාවක් වර්ගය රැකීම වෙනුවෙනුත් තිබිය යුතුයි නේද ?”
“ඇත්ත මහත්තයා.”
“හොඳයි , ඔබතුමිය අර අන්‍ය වූ රටක ඉපදුනා නම් ඔබතුමියට මෙවැනි වූ වාසනාවක් හමුවෙයිද?”
“නැහැ මහත්තයා.”
“ඔබතුමිය මේ බිම ඉපදීම හේතුවෙන් බුදු දහම ගැන ඔබතුමියට ඉගෙනගන්නට ලැබුනා නොවේද?”
“එහෙමනම් ඔබ තුමිය පින් රැස් කරන්න යම් තාක් වීර්යයක් ගනීද ඒ හා සමාන වීර්යයක් මේ වාසනාවන්ත බිම රැකගැනීමටත් යෙදිය යුතුයි නේද ?”
“ඔව් මහත්තයා.”
“බලන්න ! ඔබතුමිය පින ගැන කතා කරන්නේ බිම සහ වර්ගය අත්හැර නම් එහි අඩුවක් තිබෙනවා නේද ?”
“ඔව් මහත්තයා.”
“ඒ නිසා මින් මතුවට ඔබතුමිය බුදු දහමෙහි යෙදෙන ගමන්ම බිම සහ වර්ගය රැකගැනිමේත් යෙදෙන්න.”
මා වෙතට එවා තිබු මුහුණ යට කොටසේ වූ ගෙඩියක් පෙන්වීමට ආ රෝගියකු සහ මා අතර ඇති වූ සංවාදය ඉහත දැක්වේ. අවසානයේදී ඇය මට වඩා වයසින් වැඩි වුවත් ඇය මට සිරස නමා ආචාර කොට නික්ම ගියේය.
“ඔබතුමිය මට වඳින එක සුදුසු නැහැ.”
ස්තුතියි !