Spread the News

උමතුව !

මෙවන් දැයකට මෙහෙම වුයේ ඇයි !

ඇයි ?

ලොව පවතින ශුද්ධ වූ යතාර්ථය සහ ඒ පිළිබඳව වූ හෙලිකිරීම ඉස්මුදුනෙහි තබා රැකගත්තාවුත් , රැකගෙනආවා වුත් , වත්මන් ලොවට දායාදකළා වුත් මෙවැනි වූ දැයක් මේ මට්ටමට වැටුනේ ඇයි ?

ලොව ශුද්ධ වූ යතාර්ථය ?

ඒ මොකක්ද ?

01.ලොවක් යනු තමා තුල වූ නිර්මාණය වන්නක් බවත්, තමා නොමැතිව ලොවක් හෝ ලොව විවරණයක් කල නොහැකි බවත් ඉතිහාසයේ ප්‍රථම වරට ලොවට හෙළිකොට සිංහනාද කළා වූ මහා ප්රාන්ජ්නයාගේ යතාර්ථ හෙළිදරව්ව තම ඇස් , ඉස් , මස් , ලේ පුදා හෝ මෙපමණ කලක් සුරක්ෂිතව රැකගත්තේ මෙවන් වූ දැයක් විසිනුයි. අද යමෙක් ඒ ගැන යම් පුරසාරමක් දොඩයිද , යම් එදිරිවාදිකමක් පිරිමසාගනීද ඒ දේවල් ඔහුට කිරීමේ හැකියාව ලැබී තිබෙන්නේ එදා සිට මේ මොහොත දක්වා එවන් වූ යතාර්ථයක් මෙවන් දැයක් විසින් රැකගත් නිසාවෙන්ය.

02.සියලු දේ හේතුන්ට ප්‍රත්‍ය වීමෙන් උපදින බවත් ඒ අනුව යමක් ඉපදීමට හේතුවක් ඇත්නම් ලොව ඉපදීමටත් හේතුවක් ඇති බවත් , එම හේතුව තමාගෙන් භාහිරයේ නොව එය තමා තුලම පවතින්නක් බවත් කල එම අභීත සිංහනාද විවරණය මෙපමණ කලක් සුරැකිව රැකගත්තේ මෙවන් වූ දැයක් විසිනුයි.

03.සියලු දෙයහි නිමාවක් ඇත්නම් ලොවෙහිත් නිමාවක් තිබිය යුතුය. ඒ අනුව එම නිමාව දැකගත හැක්කේත් භාහිරයේ අත පත ගෑමෙන් නොව තමන් තුලින්ය යනුවෙන් වසර 2600කට පෙර එළිදක්වනු ලැබූ ආශාර්යයමත් විවරණය සුරැකිව අද දක්වා රැගෙන ආවේ මෙවන් දැයක් විසිනුයි.

04.ලොවෙහි නිමාවක් ?

ඔව් !

එවන් නිමාවක් ප්‍රායෝගිකව අත්දකිනා ආකාරය ගැන විවරණය කළා වූ එදා ඉගැන්වීම වත්මන් ලොවට දායාද කිරීමට මුලික වූයේ මෙවන් දැයක් විසිනුයි.

ලොව අනුන්ගේ මැවීමක් යයි සෑමවිටම අසා තිබු මිනිසුන්ට ලොව තමාගේම මැවීමක් යන්න ඇසීම පුදුම එලවන්නක් විය. එපමණක් නොව ලොවෙහි නිමාවක් හෙවත් ලොව දැල්ලක් සේ නිවී යාමක් ඇත කියා ඇසීමෙන් ඔවුන් අතිශයින් පුදුමයට පත්වන්නට ඇත.

අදද ඒ පුදුමය එලෙසම පවතී.

මෙවන් අභීත සිංහ දැයකට මෙසේ වුයේ ඇයි ?

තමා විසින්ම තම වර්ගයට එරෙහිවන , තමා විසින්ම තම උරුමයට එරෙහිවන , තමා විසින්ම තම ප්‍රවූඩත්වය සපාකන , තමා විසින්ම තම වර්ගයාටම අනින කොටන වසුරු වපුරන , අවසානයේ තමා විසින්ම තම බොටුව මිරිකාගෙන මියෙන අතිශයින් ආගාධයට පැමිණියා වූ දැයක් වුයේ ඇයි ?

සියල්ලටම හේතුවක් ඇත්නම් එසේ වීමටත් හේතුවක් තිබිය යුතුය.

එයත් තමාගෙන් භාහිරයේ නොව තමා තුල වූ හේතුවක්.

මොනවා ?

“පංච කල්‍යාණියක් සුසැට අභරණින් සැරසි මධ්‍යම රාත්‍රී දොළහට දකුණු ලක ගාල්ලෙන් පිටත්ව උතුරු ලක යාපා පටුනට පා ගමනක යෙදුනා වුවත් ඇයට කිසිත් ආපදාවක් නොවී එම ගමන නිමා කල හැකි තත්වයක් මේ සිරි ලක් දිවයිනෙහි ඇත”

මේ කතාව ලියුවේ කව්ද ?

එවන් දැයක් සතු වටිනාකම් පසුව කල ආක්‍රමණ හේතුවෙන් ආක්‍රමණිකයා විසින් ඉතා සුක්ෂමව උදුරා දමන ලදී.  ඒ සඳහා ඔවුන් කල කී දෑ මෙතන ලිවීමට උවමනා නැත. හේතුව මේ සියල්ල සියලු දෙනාම දන්නා නිසාය.

එසේ උදුරා දැමීමකට පසුව ඇති වී ඇති තත්වය අතිශයින් භයානකය. මෙම උදුරා දැමීම නිසා උරුමක්කරුවන්ට වැළඳී ඇති රෝග තත්වය දැන් දැන් උත්සන්න වී තිබේ.

එහි ඇති රෝග ලක්ෂණ මෙසේය.

01.තමා ඉපදුනු තම රට , අන් කවුරුවත් නොව තම දෙමව්පියන්,දූ දරුවන් සහ තම නෑදෑයන්ගේ එකතුව හෙවත්  තම දැය (ජාතිය) සහ පරම්පරාවෙන් තමන්ට නොමිලයේ ලැබුණු තම උරුමය දිනෙන් දින තමාම විකමින් , සපාකමින්, වමාරාකමින් අන්‍ය වූ දේශයන්, අන්‍ය වූ ජනයින් , අන්‍ය වූ උරුමයන් දැඩිව වර්ණනා කිරීමට පටන්ගැනීම එවන් රෝගයේ වූ මුලයයි. තම බිම , තම දැය , තම උරුමය ගැන කතාකරන්නාට “ජාතිවාදියා” කියා අක්‍රෝෂ පරිභව කිරීම මෙම රෝගයේ ඇති මුලික එක අංගයක්.

02.තම බිම . තම දැය , තම උරුමය, තම කට සහ තම බඩ වෙනුවෙන් උරුමයක් නොමැති වුවන්ට විකිණීම හෙවත් ලොව අතිශයින් උතුම් පුණ්‍ය බිම හෙවත් ධාතු මන්දිරය (පුජ්‍ය අචාන් බ්‍රහ්මවන්සෝ ගේ ප්‍රකාශය) මිල කිරීම සහ එම ගත් කහවනුවෙන් සුඛෝපබෝගී ජිවන පැවැත්මක් අපේක්ෂා කිරීම දෙවැනි රෝග ලක්ෂණයයි.

03.උරුමක්කරුවකු නොවන්නා විසින් කරනා සහ මෙතෙක් කල පොලව නුහුලන දරුණු ඝනයේ අපරාධ, අපරාධ නොවන ආකාරයට පෙනෙන්නට වීම සහ එවැනි වූ අපරාධකරුවන් නුඋරුමක්කරුවන් වන නිසාම “ජාතිවාදය ඇවිස්සෙයි” යන අනිසි භීතිකාවක් මවා ඒවා සුදු පිරුවටයකින් වසා  ඔවුනට පුජනිය තත්වයක් උරුම කොට ඔවුන්ව නිතර වර්ණනා කිරීමට සිතීම සහ කිරීම එහි වූ තෙවැනි රෝග ලක්ෂණයයි.  

මේගැන බොහෝ දේ ලිවීමට ඇත.

එක උදාහරණයක් පමණක් ලියමී.

මෑතකදී උරුමයක් නැතියකුගේ එක්තරා ආර්ථික ඒකකයක් හදිසියේ ගිණි ගෙන විනාශ විය. ඒ ගිණි ගෙන දැවෙනා පින්තුර අන්තර්ජාලයේ පියාබන්නට විය. එය දැකගත් එවුන් ඒ වෙනුවෙන් “යාන්ජ්නා (Pray)” කරන්න යයි කියවෙන කියමන් බොහොමයක් කමෙන්ට් සෙක්ෂන් එකේ පලකොට තිබුණි. පුදුමය වන්නේ ඉන් බහුතරය උරුමක්කරුවන් විසින් පලකල ඒවා වීමය.  රක්ෂණය ලබාගැනීමට කල ස්වයන් ගිණිතබා ගැනීමක් යන සැකය ක්ෂණිකව මතුවිණි. “ගෑස් පිපිරීමක්” මීට හේතුව ලෙස දැක්වුවත් එවන් පිපිරීමකදී නිකුත්වන අති දැවැන්ත හඬ මෙවර නොවිණි. මෙම සිදුවීම ඔවුනට එල්ල වූ “ප්‍රහාරයක්” කියා හුවා දක්වා ඒ බව ලොව පුරා ප්‍රචාරය කරවා මුදල් ඉපයීමේ කූට ජාවාරමක් ඒ පසු පස තිබෙන බව පසුව ආරංචි විය. මේ බව හාංකවිසියක් හෝ නොදැන මේ යාන්ජ්නා කරන්නට කියා කියන්නේ ඔවුන් රටට කල මොන සේවයටද ? මෙහි ඇති විශේෂය නම් මෙතුවක් කල් වූ හදිසි ආපදා වලින් විනාශ වූ කිසිදු උරුමක්කාර දේපොලක් වෙනුවෙන් මේ ආකාරයේ කිසිදු අන්තර්ජාල විස්සෝපයක් දක්නට නොලැබීමය. මේ ඉහත කී රෝගයේ එක් ආකාරයක අනු රෝග ලක්ෂණයකි.  

04.තමාගේ , තම දරුවන්ගේ , තම ජන කණ්ඩායමේ මෙන්ම තමාගේ අනාගත පරම්පරාවේ පැවැත්මේ අයිතිය පැත්තකට වීසි කොට හෙවත් පසෙකලා උරුමයක් නැත්තාගේ , ඔහුගේ දරුවන්ගේ , එම ජන ජනයින්ගේ මෙන්ම එම ජනයින්ගේ අනාගත පරම්පරාවේ පැවැත්මේ අයිතිය සහ අයිතිවාසිකම් ගැන පුදුම කැක්කුමක් ඇති වීම සහ ඒ වෙනුවෙන් නිරන්තරයෙන් කතා කිරීම සිව්වැනි රෝග ලක්ෂණයයි. මෙම රෝග ලක්ෂණය ඇතියවුන් තම ක්‍රියාව තහවුරු කිරීම පිණිස මිට ආදේශ කරන්නේ ලොව්තුරා බුදුන් වහන්සේ විසින් පතල මහා කරුණාවෙන් සකල මනුස්ස වර්ගයා වෙනුවෙන් දේශිත “මෛත්‍රිය” නමැති සංකල්පයයි.

නමුත් එය පුදුමාකාර වූ මෛත්‍රියක්. පුදුමාකාර කරුණාවක්.

ඇයි ?

බුදුන් වහන්සේ සියලු සත්වයින්ට මෛත්‍රී , කරුණා පාමු කියා දේශනා කල වදන් ඉක්මවා ගොස් “තමා , තම මිනිසුන් , තම වර්ගය , තම උරුමය පසෙකට විසිකර අන්‍යාගේ සුඛ විහරණය ගැන කථාකරන්නා වූ පුදුමාකාර වූ මෛත්‍රියක්. මෙම ආකාර වූ රෝග ලක්ෂණය බහුලව පැවිද්දන්ට වැළඳන්නක්.

05.සම්‍යක් දෘෂ්ටිය විවේචනය කරමින් මිත්‍යා දෘෂ්ටිය වර්ණනා කිරීමට පටන්ගැනීම පස්වන රෝග ලක්ෂණයයි. මෙයත් බහුලව පැවිද්දන්ට වැළදෙන රෝගයේ ලක්ෂණයක්. අවසානයේදී “බුදුන් බුදු වුවා නොව මාරයා බුදු වුවා” කියා කියන්නා වූ වාගේ තත්වයක්.

06.පස් පව් දස අකුසල් කරමින් ජිවත්වන මිත්‍යා දෘෂ්ටිකයාගේ මිත්‍යා දෘෂ්ටිය වර්ණනා කරමින් ඔවුන් සෑම අතින්ම සාර්ථක වී \ වන්නේ ඒ නිසා බව ඒත්තුගන්වන ආකාරයේ “කියමන්” සමාජගත කිරීම සවැනි රෝග ලක්ෂණයයි.

07.“මේ බිම එදා මෙන් පරයන්ට තිබුනා නම් මිට වැඩිය හොඳයි. එසේ වුවා නම් ඔවුන් මේ වෙනකොට මේ රට සුපිරි රටක් කොට හමාරයි. ” කියා කියන්නා වූ නීච පරගැතිභාවය මෙහි ඇති සත්වන රෝග ලක්ෂණයයි.

08.තම බිමට කෙල ගසා මෙරටින් නික්මී පරයින්ගේ මල , මුත්‍රා , දහඩිය, කෙල, සොටු සොඳුරු යයි සිතෙන්නා වූ ගතිය අටවන රෝග ලක්ෂණයයි. එවැනි අපද්‍රව්‍ය ඉතා කැමැත්තෙන් පරිහරණය කිරීම සහ එවැන්නක් හෝ පරිහරණය කිරීමට ලැබීම ජිවිතයේ ලද භාග්‍යක් කොට සිතීම එම රෝග ලක්ෂණයේම අනු රෝග ලක්ෂණයකි.

09.රටේ නීතිය කහවනු ගෙන අවනීතිය කොට උරුමයක් නැත්තාට තවදුරත් ව්‍යාප්තවීමට දිරි දීම නමවැනි රෝග ලක්ෂණයයි.

10.මෙය මෙම රෝගයේ ඇති අති භයානකම රෝග ලක්ෂණයයි. එනම් උඹයි , මමයි එකයි එනම් එකම ලේ රතු පාටයි \ උඹට උරුම දේ මටත් උරුමයි \ උඹට ඇති අයිතිය සහ මට ඇති අයිතිය එක හා සමානයි \ උඹ හා මම අතර කිසිම වෙනසක් නැත අපි දෙදෙනාම එකෙක් යයි සිතෙන ස්වභාවය අති භයානක වූ ව්‍යාධී තත්වයයි. මේ තත්වයට විශේෂයෙන් පත්වන්නේ ගීත රචකයින් සහ ගායකයින්.

දෙදෙනෙක් එකෙක් වන්නේ දෙදෙනාගේ එක්වීම යන කාරණය මතයි. මෙය “අන්තර් ග්‍රහණය වීම” කියා හැඳින්වේ. දෙදෙනා දෙතැනක සිටින විට එකෙක් යයි සිතීම උරුමය වැනසී යාමට හේතුවක්. 

බලන්න ! මේ ව්‍යාධියේ ඇති භයානකකම. උමතුවේ ඇති භයානකකම.

සකල උරුමක්කරුවන්ට සත්‍ය පෙනේවා……….!

ස්තුතියි !

වෛද්‍ය ධම්මික විජේරත්න