Fri. Jul 5th, 2024
Spread the News

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ නඩු තීන්දු සිංහල භාෂාවෙන් ද ලබාදීම කෙරෙහි සලකා බලන බව අධිකරණ ඇමැති අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (7 දා) ප‍්‍රකාශ කළේය.

අධිකරණවල නඩු විභාග වීමේ ප‍්‍රමාදයක් දැනටමත් පවතින බවත් එම තත්ත්වය තවදුරටත් උග‍්‍ර නොවන අයුරින් විෂයගත කරුණු පිළිබඳව සලකා බැලීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර යදාමිණි ගුණවර්ධන මහතා වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් අසන ලද ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා එසේ කීය.

කුෂාන් සුබසිංහ, අකිත පෙරේරා

More News:සිංහල භාෂාවෙන් නඩු ඇසීමේ අගය හා ජන මාධ්‍ය විසින් විනාශ කරනු ලබන අපේ මව්බස:Empower Sinhala Language (opinion ) සිංහල භාෂාවෙන් නඩු ඇසීමේ අගය හා ජන මාධ්‍ය විසින් විනාශ කරනු ලබන අපේ මව්බස Our language is destroyed by the media and the value of litigation in Sinhala