Mon. Jul 8th, 2024
Spread the News

උතුර නැගෙනහිරට ඉඩම්, පොලිස්‌
බලතල නොදිය යුතු බව කරුණා කියයි

කීර්ති වර්ණකුලසූරිය source:

උතුර නැගෙනහිරට පොලිස්‌ සහ ඉඩම් බලතල නොදිය යුතු බව නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා ඊයේ (30 දා) පැවසීය.

පොලිස්‌ බලතල ඉල්ලන්නේ ද්‍රවිඩ ජනතාව නොවන බවත් ද්‍රවිඩ සන්ධානයට ඡන්ද ලබාගැනීම සඳහා එම බලතල ඉල්ලන බවත් හෙතෙම කියා සිටියේය.

“මෙයට පෙර නැගෙනහිර මහ ඇමැති පිල්ලෙයාන් පොලිස්‌ බලතල ඉල්ලුවේ නැහැ. දන් සම්බන්ධන්ලාගේ ඉල්ලීම මත ඔහුත් ඉල්ලනවා. ඉන් අර්බුදයක්‌ මතුවනවා” යෑයි විනයාගමූර්ති මුරලිදරන් තවදුරටත් පැවසීය.

රජය උතුර නැගෙනහිරට පොලිස්‌ බලතල දීමට සූදානම් නැතැයි ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.