Mon. Jul 8th, 2024
Spread the News

උතුරේ හමුදාව අඩු කළ යුතුයි
උතුරේ මහ ඇමැති බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ට කියයි

කීර්ති වර්ණකුලසූරිය

උතුරේ සිටින හමුදාව අඩුකළ යුතු යෑයි උතුරේ මහ ඇමැති සී. විග්නේශ්වරන් බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්‌ බ්‍රයිස්‌ හචිසන් සමඟ පැවැති සාකච්ඡාවකදී ප්‍රකාශ කර ඇත. උතුරේ සංචාරයක නිරත ඔස්‌ටේ්‍රලියානු මහ කොමසාරිස්‌ ඇතුළු දූත මණ්‌ඩලය සමඟ පැවැති සාකච්ඡාවේදී විග්නේශ්වරන් මේ බව පවසා තිබේ.

හමුදාව නිසා ප්‍රශ්න ඇතිවී තිබෙන බව සඳහන් කළ විග්නේශ්වරන් හමුදාව උතුරේ රැඳී සිටීම ද්‍රවිඩ ජනතාව පිළිගන්නේ නැතැයිද විග්නේශ්වරන් කියා සිටියේය.

රජය උතුරට බලය බෙදාහරින්නේ නැතැයිද ඔහු ඔස්‌ටේ්‍රලියානු මහ කොමසාරිස්‌ හමුවේ පැමිණිලි කළේය.

යුද හමුදාව අපිට බරතපළ ප්‍රශ්න ඇති කරන බව තමා ඕස්‌ටේ්‍රලියානු නියෝජිතයන් හමුවේ පැවසූ බවද විග්නේශ්වරන් සඳහන් කර ඇත.