Mon. Jul 8th, 2024
Spread the News

උතුරේ බුදු පිළිමවලට ඇමෙරිකාව ඔරවයි!

කීර්ති වර්ණකුලසූරිය

උතුරු නැගෙනහිර බුද්ධ ප්‍රතිමා ස්‌ථානගත කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විරෝධය දක්‌වා ඇත.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශයට පත්කළ ආගමික නිදහස නමැති වාර්තාවේ මේ බව දක්‌වා තිබේ.

බෞද්ධ භික්‌ෂූන්, ක්‍රිස්‌තියානි සහ මුස්‌ලිම්වරුන්ට ප්‍රහාර එල්ල කරන බවත් ඔවුන්ට එරෙහිව රජය පියවර ගෙන නැති බවත් මේ වාර්තාවේ දක්‌වා ඇත.

බෞද්ධ කණ්‌ඩායම් සහ හමුදාව විසින් උතුරු නැගෙනහිර බුද්ධ ප්‍රතිමා ස්‌ථාපිත කර අධිරාජ්‍යවාදී පිළිවෙතක්‌ දියත් කර ඇති බව රාජ්‍ය නොවන සංවිධාන සහ දේශපාලනඥයන් විසින් හෙළිකර ඇතැයි ද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

උතුර සහ නැගෙනහිර ප්‍රදේශ මුස්‌ලිම් හා හින්දුන්ට අයත් බව ද බෞද්ධයන් සුළු පිරිසක්‌ වෙනුවෙන් බුද්ධ ප්‍රතිමා ස්‌ථාපිත කර ඇති බව ද ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව කියයි.