Mon. Jul 8th, 2024
Spread the News

උතුරු නැගෙනහිරට පොලිස්‌ බලතල අවශ්‍ය නැහැ
විනයගමූර්ති මුරලිදරන්
source:
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව වෙත තමිල්නාඩුවේ චෙන්නායි නුවර ඇමරිකානු කොන්සල් කාර්යාලයේ සිට යෑවුණු රහස්‌ ලියවිල්ලක දැක්‌වූයේ කොටි සංවිධානයේ සිටි ප්‍රබලම තැනැත්තා විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණාය.

“රටේ ගිනි අවුළුවන පාර්ශ්වය ද්‍රවිඩ සන්ධානය” යෑයි කරුණා ප්‍රසිද්ධියේම දෝෂාරෝපණය කළේය. “මම මඩකලපුව විදුහලේ ඉගෙනුම ලබන විට ද්‍රවිඩ සන්ධානයේ පිරිස්‌ ඇවිත් සිංහලයන් ද්‍රවිඩයන්ව මරනවා. ස්‌ත්‍රීන්ට අතවර කරනවා යෑයි කියා සිටියා. මේ නිසා අපට කොටි සංවිධානයට බැඳෙන්න සිදු වුණා. මෙහෙම කියපු ද්‍රවිඩ සන්ධානයේ පිරිස්‌ රටින් පැනගියා. ඔය ද්‍රවිඩ සන්ධාන නායක සම්බන්දන් හා මාවයි සේනාධිරාජාගේ පිළිවෙත් මා දන්නවා” යෑයි හෙතෙම පළ කළේය.

කරුණා මේ ප්‍රකාශය කිරීමට පෙර නැගෙනහිර මහ ඇමැති පිල්ලෙයාන් විසින් යෝජනාවක්‌ සම්මත කර ගනිමින් පොලිස්‌ හා ඉඩම් බලතල අවශ්‍ය බව පවසා ඇත. එහෙත් මෙයට මාස හතරකට පෙර පිල්ලෙයාන් පැවසුවේ උතුරු – නැගෙනහිර ඒකාබද්ධ කිරීමට තමා විරුද්ධ බවත් පොලිස්‌ හා ඉඩම් බලතල දැන් අවශ්‍ය නැති බවත්ය.

එසේ වුවත් පිල්ලෙයාන් මෑතකදී ද්‍රවිඩ සන්ධාන නායක සම්බන්ධන්ට ලිපියක්‌ යෑවීය. එම ලිපිය ලබා ගැනීමට අපටද හැකි විය.

මේ පසුබිම මැද විනයගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා පවසන්නේ ඉඩම් හා පොලිස්‌ බලතල දීමට රජය ක්‍රියා නොකරන බවයි.

සිවනේසතුරේයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් සම්බන්ධ තමිල් මක්‌කල් විදුතලායි පුලිකල් පක්‍ෂය රජයට සම්බන්ධ පක්‍ෂයක්‌. ඔහු පොලිස්‌ සහ ඉඩම් බලතල ඉල්ලීමෙන් ඔහුටත් එම පක්‍ෂයටත් ප්‍රශ්නයක්‌ ඇති වෙනවා යෑයි කරුණා තවදුරටත් කියා සිටියි. පොලිස්‌ බලතල කුමකටද? පොලිස්‌ බලතල ඉල්ලන්නේ ඡන්ද ලබා ගැනීමට නොවේද? ශ්‍රී ලංකාවේ පොලිසිය වෙත ද්‍රවිඩ, මුස්‌ලිම් අයට බැඳෙන්න පුළුවන් යෑයි කරුණා කියා සිටියේය. ද්‍රවිඩ සන්ධානය විසින් රජය වෙතින් කර ඇති ඉඩම් හා පොලිස්‌ බලතල නොලැබෙන බව එම සන්ධානය තේරුම් ගත යුතුව ඇතැයි ද හෙතෙම පළ කළේ.

රජය විසින් ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් විසඳුමක්‌ සැලසුම් කරන අතර ඉන් යහපතක්‌ ඇතිවන බවද ඔහු සඳහන් කරයි. එසේම ද්‍රවිඩ ඩයස්‌පෝරාව යුරෝපා රටවල සැප විඳිමින් මෙරට යළිත් ගිනි ඇවිළ වීමට සැලසුම් කරන අතර ඔවුන් සතුව අතිවිශාල මුදල් සම්භාරයක්‌ ස්‌විස්‌ බැංකුවල ඇතැයි ද විනයාගමූර්ති මුරලිදරන් කියා සිටී.

මේ නිසා සනාථ වන්නේ නැගෙනහිර මහ ඇමැති පිල්aලෙයාන් ද්‍රවිඩ සන්ධානයට බිලිවී ඇති බවයි.

පිල්ලෙයාන් කලකට පෙර පොලිස්‌ හා ඉඩම් බලතල අවශ්‍ය නැති බවට කළ ප්‍රකාශයක්‌ යුරෝපා කොටි වෙබ් අඩවියේ පළ විය. ඡසකක්‌හ්බ saසා Easඑ dදැs බදඑ රුqමසරු චදකසජැ aබා ක්‌බා චදඇරිග

මේ තත්ත්වය මැද සනාථ වන්නේ පිල්ලෙයාන් ද්විත්ව චරිතයක්‌ මවන බවයි.

කොටි සංවිධානයෙන් ඉවත් වූ නොවැම්බර් කිලෝ හෙවත් විනයගමූර්ති කරුණා දැන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ උප සභාපතිවරයෙකි.

ද්‍රවිඩ සන්ධානය එදා කළ දේ අදටත් කරන බව හෙතෙම දැඩි ලෙස චෝදනා කරයි. ශ්‍රී ලංකාවේ පොලිසියට බැඳීමට ද්‍රවිඩ ජනතාවට හැකියාවක්‌ නැත්නම් පොලිස්‌ බලතල දෙන්නැයි අපට ඉල්ලිය හැකිය. එහෙත් දැන් පොලිස්‌ බලතල ඉල්ලීමෙන් ද්‍රවිඩ ජනතාවට ලැබෙන දේ කුමක්‌ද යෑයි කරුණා ප්‍රශ්න කළේය.

අපි කරුණාව මඩකලපුවේදී හමුවූ අවස්‌ථාවේදී ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තරය තුළ නැඟෙන යුද අපරාධ චෝදනා ගැන විමසුවෙමු.

ප්‍රභාකරන් ගැන මම හැර වෙන කිසිවෙක්‌ දන්නේ නැහැ. ඔහු කිසිම අවස්‌ථාවක කොටින්ට යටත්වන්නැයි කීවේ නැද්ද. පුලිතේවන් සහ නඩේසන් සුදුකොඩි ඔසවාගෙන සටන්බිමට පැමිණි බව පැවසීම අමූලික බොරුවක්‌. සටන්කර මිය යා යුතු යෑයි කියන දර්ශනය හැර යටත් විය යුතු බව කියන පිළිවෙත ඔහු ළඟ තිබුණේa නැහැ යෑයි හෙතෙම කියා සිටියේය.

එසේම ශ්‍රී ලංකාවට එරෙහිව දියත් කර ඇති යුද අපරාධ චෝදනාවල පසුබිමේ සිටින්නේ විශ්වනාදන් රුද්‍රකුමාරන් යෑයිද පැවසූ කරුණා සියල්ලටම පෙර ඔහුට එරෙහිව යුද අපරාධ චෝදනා ඉදිරිපත් කළ යුතු බව පැවසුවේය.

ද්‍රවිඩ සන්ධානය නිදහස ගැන දැන් කතා කරනවා. ප්‍රභාකරන් ද නිදහස ගැන කතා කළා. දැන් ද්‍රවිඩ සන්ධානයට අවශ්‍ය වී ඇත්තේ යුද්ධයක්‌. 13 වැනි සංශෝධනයත් අවශ්‍ය නැහැ යෑයි හෙතෙම තවදුරටත් සඳහන් කළේය.

උතුර නැගෙනහිර හමුදාකරණයට ලක්‌වී ඇති බවට ද්‍රවිඩ සන්ධානය නඟන චෝදනාවට ප්‍රතිචාරය දැක්‌වූ කරුණා ඉන්දියාවේ සෑම ප්‍රාන්තයකම හමුදා කඳවුරු ඇති බවත් ශ්‍රී ලංකාවේ ආරක්‍ෂාව සඳහා හමුදා කඳවුරු අවශ්‍ය බවත් සෑම රටකම යුද්ධයක්‌ තිබුණත් නැතත් ආරක්‍ෂක කඳවුරු ස්‌ථානගත වී තිබෙන බව ද කීවේය.

ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රියාත්මක වන රටින් පිටත ඊළාම් ආණ්‌ඩුව නමැති විශ්වනාදන් රුද්‍රකුමාරන්ගේ සංවිධානය වැඩකට නැති සංවිධානයක්‌ යෑයිද හෙතෙම තවදුරටත් පළ කළේය.

කීර්ති වර්ණකුලසූරිය