Wed. Jul 3rd, 2024
Spread the News
උඩරට ගිවිසුම

ආරියතිලක

උඩරට ගිවිසුම අප පිළි ගන්නේ නැත. කිසි ලෙසකින් එය නීත්‍යානුකූල ලියවිල්ලක් නො වේ.

2023.11.09

සම්බුද්ධ ශාසනයේ පැවැත්ම වෙනුවෙන් ගන්නා උත්සාහය සහ ක්‍රියා කිරීම අගය කරන අතර අපගේ අදහස ද දක්වමු. බෞද්ධ කුලය අවදි කිරීම අත්‍යවහ්‍ය ය. ඒ සඳහා වීර්ය කිරීම සහ ක්‍රියා කිරීම අප සැමගේ සම්බුදු රදුන් උදෙසා සම්බුද්ධ ශාසන උදෙසා කරන මහඟු කැප කිරීම ය. යුතුකම සහ වගකීම ය.

අපගේ අදහස ය. මේ අදහස් විසංවාදය පිණිස නො වේ.

1.උඩරට ගිවිසුම අප පිළි ගන්නේ නැත. කිසි ලෙසකින් එය නීත්‍යානුකූල ලියවිල්ලක් නො වේ. එදා උඩරට නිලමේවරුන් පත් වූ අසරණ භාවයේ සක්කේතයක් මිස එහි සිංහලයන්ට ගත යුතු වෙන යමක් නැත. සිංහල රාජ්‍යයේ හිමි කම සම්බුදු රජුන් සතු ය. මේ පිළිබඳව අප මීට පෙර පැහැදිලි ලෙස පෙන්නා දී ඇත. උඩරට ගිවිසුම පිළිගත හොත් අප තථාගත බුදුරදුන්ගේ ශ්‍රාවකයන් වශයෙන් කරන්නේ වරදකි. තථාගත බුදුරදුන්ට පූජා වී ඇති ලංකාද්වීපයේ, සම්බුදු රජුන් සංතක අයිතිය බැහැර කිරීමකි.

උඩරට ගිවිසුම නම් ගිවිසුම සකස් කිරීමට පෘථිවි තලයේ කිසිවෙකුට හිමිකම් නැත. එකී ගිවිසුමෙන් ගිවිසුම් ගත වීමට කිසිවෙකුටත් ම අයිතියක් නැත. ඒ ගිවිසුමට අත්සන් තැබීමට නිළමේවරුන්ට අල්ප මාත්‍ර හිමිකමකුදු නැත. පළමුව වටහා ගත යුත්තේ එය යි. භූ තලය පවතින තාක අපගේ මේ ප්‍රකාශය වලංගු වනවා ඇත. ඒ වලංගු භාවයට එරෙහි වීමට මේ සක්වළ අනන්ත සක්වළ මනුෂ්‍ය අමනුෂ්‍ය කිසිවෙකුටත ම උරුමයක් හිමි කමක් නැත.


ලංකා රාජාවලියේ අන්තිම රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහ රජුන් ද ලංකා රාජ්‍යයේ හිමි කරු නො වේ. ඔහු බුදු රජුන්ට හිමි රාජ්‍යයේ එවකට රාජ්‍ය පාලකයා පමණයි. බ්‍රිතාන්‍යයන් ඒ කාලයේ ලංකා රාජ්‍යයේ අනවසර මංකොල්ලකාර හොර මුලක් බව ද අමතක නො කළ යුතු ය. ගෙදර මංකොල්ල කන්න පැමිණි හොර මුලක් සමඟ කුමන ගිවිසුම් ද? එවැනි ගිවිසුමක්, එකී ගෙදර දූ දරුවන් විසින් පිළිගන්නා ලද්දේ නම්, ඒ දූ දරුවන් ගෙදර හිමි තම පියාට කර ඇත්තේ බලවත් අපරාදයකි. අවමානයකි. මදි පුංචි කමකි. නො හොබිනා කමකි.

එවකට රාජ්‍ය පාලනය කළ රජවරුන් තථාගත ධර්මයෙහි පිහිටා මනා කොට රට පාලනය නො කිරීමත් රට වැසියා සම්බුදු දහම අනුව හැඩ ගැස්වීමට උත්සාහ නො කිරීමත්, පාලක පාලිත දෙපාර්ශවය ම අඩු වැඩි වශයෙන් සතර අගතියෙහි පිහිටා කටයුතු කිරීමත් යන හේතුවෙන් කෝට්ටේ සහ උඩරට රාජ්‍ය පාලන යුගයේදී ලංකා රජ්‍ය භූමියෙන් කොටස් ඒ ඒ රජවරුන්ගෙන් හිලිහිණි. ධර්ම රක්ෂාවරණ ගුත්තිය නො මැති වීමෙන් අධර්මවාදී මංකොල්ල කාර කාණ්ඩායම් අතට රටේ භූමයෙන් ඇතැම් ප්‍රදේශ (පෘතුග්‍රීසි, ලංදේශි ඉංග්‍රීසි ) නතු විය. 1815.02.10 දින ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සතුරන් අතට පත් වීම, එහි උච්චත ම අවස්ථාව වනවා ඇත.

හොරු හෝ මංකොල්ලකාර හෝ පිරිස් විසින් අන්සතු භූමියක් බලහත්කාරයෙන් අල්ලා ගත්තේ ද භුක්ති විදීම කළ ද භූමියේ හිමි කම අයිතිකරුට අහිමි නො වේ.


1815. 03.02 දින, උඩ රට ගිවිසුම සැකසීම හා අත්සන් තැබීම යන දෙකරුණ වැදගැම්මකට නැති ලියවිල්ලක් බව කිව යුතු ය.


බ්‍රිතාන්‍යයන් විසින් හිමි කම් නැති උඩරට ගිවිසුම නම් ලියවිල්ල පාදක කර, ලංකා භූමියේ නීත්‍යානුකූල භාවය ඔවුන්ට නැති, මෙරටට නීත්‍යානුකූලබවක් ආරෝපණය කර පෙන්නවිමට කටයුතු කළහ. අවි බලයෙන් බලහත්කාර කමින් 1815. 03.02 දින සිට මේ ලංකා භූමියේ බ්‍රිතාන්‍ය ජාතිකයෝ ලංකාවේ පැවැති නීතිය සම්පූර්ණයෙන් ම නවතා බ්‍රිතාන්‍ය රාජ්‍යයේ නීතිය, රෝම ලංදේශි නීතිය පාදක කොට ගත් නීතිය ක්‍රියාත්මක කළහ. ඒ සමඟ ම අධිකරණ පද්ධතිය ද ඒ නීතියට අනුව පරිවර්තනය වීම, හමුදා පාලනය, පොලිස් බලය ක්‍රියාත්මක කිරීම, රෝම ලංදේශි නීතිය පාදක කොට ගත් පොදු නීතිය, සහ නීති අණ පනත් ගෙන ඒම, බන්ධනාගාරය යන ආයතන පිහිටුවා මෙටර පාලනය කළහ. බ්‍රිතාන්‍ය ජාතික පාලනය සාධාරණයැයි පෙන්වීමට ඔවුහු උඩරට ගිවිසුම යොදා ගත්හ. නමුත් උඩරට ගිවිසුම සාධාරණ යුත්ති ධර්මය අනුව නීතියානුකූල භාවය, එහි ඇති එකදු අක්ෂරයකුදු නැනි බලරහිත අනීතික ලියවිල්ලකි.


උඩරට ගිවිසුම නීත්‍යානුකූලව අභියෝගයට ලක් කිරීමට උත්සාහ නො කිරීමත් (එසේ කිරීමට සිංහලයන්ට හැකියාවක් නො මැති විය) බ්‍රිතාන්‍යයන්ගේ අවි ආයුධ බලපුළුවන් කාර කම් හමුවේ ඔවුන්ගේ පාලනයට නතු විය. යමෙක් බ්‍රිතාන්‍ය පාලනයට එරෙහි වූවන්ට මර්ණය හෝ හිරගත වීම හෝ පිටුවහල් කිරීම හෝ නැතිනම් බොහෝ දුක් ගැහැට වලට පත් වීමට සිදු වූහ.


බ්‍රිතාන්‍ය පාලනය විසින් මෙරට පිහිට් වූ කිසිදු පාලනයක්, පාලන අධිකාරියක්, ඔවුන්ගේ පාලන අධිකාරියෙන් සම්මත කළ නීති අණපනත් හා ඒ නීති සමඟ බැදී ඇති කිසිදු ආයතනයක්, නීත්‍යානුකූලයැයි අප පිළිගන්නේ නැත. හේතුව බ්‍රිතාන්‍යයන්ට මේ රට පාලනය කිරීමට කිසිදු නීත්‍යානුකූල බලයක් හිමිකම්ක් නො තිබූ බැවිනි.

2. සිංහල බෞද්ධ ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් යොමු කළ ලිපියේ

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 සහ 14 (1) ඉ වගන්තිවලින් සියලු ආගම්වලට සිය අයිතිය ලබා දිය යුත්තේ නව වෙනි ව්‍යවස්ථවෙන් බැදී ඇති බුද්ධ ශාසනය ආරක්ෂාව සහ පෝෂණය සැලසෙන අයුරින් ය.” යන ඡේදයට අවධානය යොමු කිරීමට කැමැත්තෙමු.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාවේ
“ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුකස්ථානය පිරිනමන්නේ ය. එහෙයින් 10 වන ව්‍යවස්ථාවේ සහ 14වන ව්‍යවස්ථාවේ 1 වන අනු ව්‍යවස්ථාවේ (ඉ) ඡේදයෙන් සියලු ම ආගම් වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කීරීම රජයේ වගකීම විය යුත්තේ ය.”
යනුවෙන් ව්‍යවස්ථාකර ඇත.

මෙම ව්‍යවස්ථාව පැනවිමේ දී
“එහෙයින් 10 වන ව්‍යවස්ථාවේ සහ 14වන ව්‍යවස්ථාවේ 1 වන අනු ව්‍යවස්ථාවේ (ඉ) ඡේදයෙන් සියලු ම ආගම් වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර”

යන පාඨය සම්මත කිරිම සමඟ ම මුසල්මානුන්ගේ ශුද්ධ ග්‍රන්ථය වන අල් කුර්ආනයෙහි වගන්ති 6666 අතුරින්,
අල්-කුර්ආනයේ 2වන පරිච්ඡේදයේ අල් -බකරා 154,155,190-191-192,193, 216, 244,
4වන පරිච්ඡේදයේ අන්නිසා 66-68,74-75,76, 84,85, 89,
3 වන පරිච්ඡේදය ,ආල ඉම්රාන් 3.4.,158,අල්-කුර්ආනයේ
5 වන පරිච්ඡේදය අල් මායිදා 33,34.
9 වන පරිච්ඡේදය අත්තව්බා 12,13,14,15,16,29,36,37, 38,39,40,41,44,45,46;73,74,111,123 යන වගන්ති වලින් කියවෙන අන්තර්ගතයන්ට ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලය දී තිබේ.

මෙම අල්-කුර්ආන් පාඨ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 ව්‍යවස්ථාව සමඟ සහ ලංකා දන්ඩ නීති සංග්‍රයට ද එසේම අපරාධ නඩු විධාන සංග්‍රයට ද පට හැනිව පවතී.

එසේ වුවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වෙනි ව්‍යවස්ථාවේ සඳහන් 10 සහ 14(1) ඉ ව්‍යවස්ථාවෙන් කියවෙන කියවෙන අන්තර්ගතය අනුව ඉහත දැක්වූ කුර්ආන් පාඨ ද සහිතව අල් -කුර්ආනය හැදෑරීමට, අන්‍යයන්ට ඉගැන්වීමට, දේශනා කිරීම, ප්‍රගුණ කිරීම, ව්‍යාප්ත කිරීමට, සියලු පුරවැසියන්ට හිමි කම් ලැබී ඇත. එපමණක් ද ඒ කුරආන් පාඨ ඉගැන්වීමෙන් ප්‍රගුණ කිරීමෙන් බලාපොරොත්තු වන්නේ ශ්‍රාවකයන් හෝ අනුගාමිකන් ඒ උගන්වන, ප්‍රගුණ කරන කරුණු අනුව ක්‍රියාකාරී කරවිම ය. එසේ කිරීම් මේ රටට බරපතල කරුණක් නොවන්නේ ද?


සිංහල බෞද්ධ ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් යොමු කළ ලිපියේ

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 10 සහ 14 (1) ඉ වගන්තිවලින් සියලු ආගම්වලට සිය අයිතිය ලබා දිය යුත්තේ”

යන ලිපි පාඨය අනුව බුද්ධ ශාසනය ආරක්ෂාව සහ පෝෂණය කිරීම සම්බන්ධන්ව කිසිදු බාධකයක් වෙනත් ආගමිකයන්ගෙන් එල්ල නො වනවා නම් ඉහතින් දැක්වූ අල්-කුරආන් පාඨ හැදෑරීමට, ප්‍රගුණ කිරීමට, ඒ කුරආන් පාඨවල අන්තර්ගතයට අනුව ක්‍රියා කිරීමට, අයිතිය තිබෙනවා යනුවෙන් කීම ය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම් කර තිබෙන ත්‍රස්තවාදී සංවිධාන පිළිබඳ ලේඛනය අධ්‍යනය කර බැලීමේදී එකී ත්‍රස්ත සංවිධානවලින් බහුතරය ආගමික ඉගැන්වීම් මුල් කර ගෙන ඇති වී ඇත බව පැහැදිලි වනවා ඇත.

ඉහත අංකනය කර දැක්වූ අල්-කුරආන් පාඨ අතරින් අකීපයක් පමනක් උපුටා දක්වමු.

2වන පරිච්ඡේදය අල් -බකරා 190-192 . “අල්ලාහ්ගේ මාර්ගයෙහි( ඔබ යාම වලක්වා) ඔබට විරුද්ධ වූවන් සමග ඔබත් යුද්ධ කරනු .නමුත් ඔබ සීමාව ඉක්මවා නොයනු .මන්ද යත් නියත වශයෙන්ම අල්ලාහ් සීමාව ඉක්මවන්නන් ආදරය කරන්නේ නැත .එබැවින් (ඔබට විරුද්ධව යුද්ධ කිරිමට ඉදිරිපත් වූ) ඔවුන්ව දුටු තැන කපා දමනු. ඔබව (ඔබගේ රටින් ) ඔවුන් පිටමං කළ ආකාරයට ම ඔබත් ඔවුන්ව පිටමන් කර දමනු……….

තවද අල්-බකරා 193 හි. “තවද (ඉස්ලාමයට විරුද්ධව කටයුතු කරන) ආරවුල (සම්පූර්ණයෙන්ම) පහ වී ධර්මය අල්ලාහ්ට අයත් යැයි ස්ථීර වන තුරු ඔවුන්ට විරුද්ධව යුද්ධ කරනු. නමුත් ඔවුන්(ආරවුල් නො කර) ඈත් වුවහොත් (ඔවුන්ගෙන්ද) අපරාධ කරන්නන් හැර,(අන් අයට වේදනා කර) සීමාව ඉක්මවා නො යනු.”

තවද 2වන පරිච්ඡේදයේ අල් -බකරා 244.
(විශ්වාසවත්තයිනි) ඔබ අල්ලාහ් මාර්ගයෙහි යුද්ධ කරනු. තවද අල්-කුර්ආන් 4වන පරිච්ඡේදයේ අන්නිසා 84-85.නබියේ ඔබ අල්ලාහ්ගේ මාර්ගයෙහි යුද්ධ කරනු මැනවි! ඔබ ,ඔබව හැර (වෙන කිසිවෙකුත් යුද්ධයට යන ලෙස) බල කිරිමට අවශ්‍ය නැත.(එහෙත්) විශ්වාසවත්තයින්ව (යුද්ධයට යන ලෙසට ) පොළම්වනු මැනවි…..

4 වන පරිච්ඡේදය අන්නිසා 89 “(විශ්වාසවන්තයෙනි,) ඔවුන් ප්‍රතික්ෂේප කරන්නන් බවට පත් වූ ආකාරයටම ඔබත් ප්‍රතික්ෂේප කරන්නන් බවට පත් වී(ඔවුන්ට) සමාන වීම කැමැති වන්නාහ. එබැවින් (තමන්ගේ) නිවෙස් අත්හැර දමා අල්ලාහ්ගේ මාර්ගයෙහි පිටත්ව යනතුරු, ඔබ ඔවුන්ව මිතුරන් බවට පත් කර නො ගනු. (නිවෙස් වලින් පිටමං වී යා යුතුය යන නියෝගය) ඔවුන් ප්‍රතික්ෂේප කර හැරිය හොත් දුටු තැන ඔවුන්ව (සිරකරුවන් බවට) අත් අඩංගුවට ගනු. (අත් අඩංගුවට පත් නොවී විරුද්ධව සටන් කරන්නන්ව) කපා දමනු. .තවද ඔවුන්ගෙන් කිසිවෙක් (ඔබට) මිතුරන් බවට, සහායයන් බවට පත් කර නොගනු. (මෙහි ප්‍රතික්ෂේප කිරීම යනු අල්ලාහ් හා අල්-කුර්ආනය ප්‍රතික්ෂේප කිරීමය.)

අල්-කුර්ආනයේ 5 වන පරිච්ඡේදය අල් මායිදා 33,34. අල්ලාහ් සමගද, ඔහුගේ දූතයා සමගද, යුද්ධ කර අපරාධ කරමින් ද භූමියේ සැරිසැරූ අයට අයත් දඩුවම මෙයයි. (ඔවුන්ව) කපා දමනු ලැබිය යුතුය. නැතහොත් එල්ලා මරා දැමිය යුතුය. නැතහොත් මාරුවෙන් මාරුවට අත් පා කපා වෙන් කර දැමිය යුතුය. නැතහොත් (අත් අඩංගුවට ගෙන හිර කර තැබිය යුතුය.නැතහොත්) රටින් පිටවහල් කර දැමිය යුතුය..