Fri. Jul 5th, 2024
Spread the News
හරිණි අමරසූරිය

13 සංශෝධනය ක්‍රියාත්මක නොකිරීම “ජාතික ප්‍රශ්නයක්” ලෙස සළකන්න ජජබයේ බඩපිනුම් අල්ලන හරිණි අමරසූරිය වැනි අයෙකු වළි කෑම අනිවාර්යෙන්ම ඉන්දියාව පිනවීම සඳහා කරන දුබල උත්සාහයක්.

මේ හැම දේකින්ම ඇය විදහාපාන්නේ දේශපාලනයේ ඇගේ ඇති නොමේරූ බවයි.

ජාතික ප්‍රශ්න අහස උසට ගොඩ ගැසී තිබිය දී බ්‍රිතාන්‍ය පාලනයෙන් මිදී ස්වදේශිකයින් පාලනය අතට ගත් දා සිට දෙමළ අන්තවාදීන් ටත් ඉන්දියාවටත් බය වීම නිසා දෙමළ අයගේ දුක් ගැනවිලි ගැන අන්තවාදීන් තොරතෝංචියක් නැතිව කතා කරනවා.

1972 ජනරජ ව්‍යවස්ථාවෙන් එකම ජාතියක් එකම නීතියක් පිළිගත්තාට පසු දෙමළ වර්ගයක මුස්ලිම් වර්ගයක දුක්ගැනවිලි කියා දෙයක් තිබිය හැකිද?

අඩු වශයෙන් ශ්‍රී ලංකාවේ සුළු ජන කොටස් කියා හෝ ඔවුන් හැඳින්වීම නතර කළ යුතුයි.

සුළුතරයට ඔය කියන තරම් ප්‍රශ්න තිබෙනවා නම් අපට හැඟෙන පරිදි ඔවුන්ට තදින්ම දැනෙන ප්‍රශ්නය නම් ශ්‍රී ලංකාව තුළ සිංහල ජනගහනය වැඩියෙන් සිටීම විය යුතුයි.

සිංහල බහුතරයට තිබෙන ලොකුම ප්‍රශ්නය ඊනියා සුළු ජන කොටස් ශ්‍රී ලංකාව තුළ නිජ භූමි ඉල්ලා සිටීමයි. එයත් සාමාන්‍යයෙන් සමස්ත දෙමළ ජනතාව ඉල්ලා සිටින දෙයක් නොව, දෙමළ අන්තවාදී දේශපාලකයන් විසින් ඔවුන්ගේ බඩගෝස්තර දේශපාලනය වෙනුවෙන් දියත් කර ඇති ඊනියා සටනකි.

මේක එක්තරා විධියකින් අඟේ සිට කණ කෑමකි.

එඩ්වර්ඩ්
06.02.2023