Spread the News

ඊශ්‍රායලයට අද ගහනවා..

ආරියතිලක
2024.08.05

ඊශ්‍රායලයේ ප්‍රධාන ස්ථාන ඉලක්ක කරමින් ඉරානය හා ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අද දිනය ඇතුළත ප‍්‍රහාරයක් එල්ල කරනු ඇති බවට ඇමරිකාව අනතුරු අඟවන බව මාධ්‍ය වාර්තා කරයි.

ඇමෙරිකන් බුද්ධි අංශ ලබා දුන් තොරතුරු අනුව හිස්බුල්ලා සංවිධානය මෙවර ඊශ්‍රායලයට පහර දීම බොහෝ දුරට නොවීමේ සම්භාවිතාව වැඩියි. ඊශ්‍රායලය ගාසා තීරයෙහි ප්‍රහාර ඇරැබි දින සිට හිස්බුල්ලා සහ යේමනයේ හවුති සංවිධාන ද විශේෂයෙන් ඉරනය ද ඊශ්‍රායලයට පහර දී විනාශ කරන බවට තර්ජනය කළ ද ගසා තීරයෙහි හමාස්වරු අන්තිම අඩියෙහි පණ අදින තත්වයට සහ ගාසාව විනාස කරන තුරු හිස්බුල්ලා හෝ හවුතිවරු හෝ ඉරානය හෝ ඊශ්‍රායලයට පහර නුදුන්හ. හිස්බුල්ලා කීප වරක් උතුරු දිග ඊශ්‍රායලයට පහර දුන්න ද එය ඊශ්‍රායලයේ ක්‍රියාවට ප්‍රමාණාත්මක බවක් එම පහර දීම්වල දක්නට නො ලැබිණි. තර්ජන ගර්ජන කළා මිස ගසා තීරයේ ඊශ්‍රායල් ප්‍රහාරවලට එය බලපෑමක් කිරීමට තරම් කිසිම දෙයක් කිරීමට ඔවුහු සමත් නො වූහ. විවිධ වර්ගවල සහ පරාසයන්ගෙන් යුත් ෂෙල් වෙඩි සහ මිසයිල 150,000ක් පමණ හිස්බුල්ලා සතු බව ඇමරිකානු CIA බුද්ධි අංශ කියා ඇත. ඉරානයේ සහාය ද ඇත. මෙයට අමතරව ඉරානය සහ හිස්බුල්ලා හිතවදී රාජ්‍ය වෙතින් තවත් අවි ලැබෙනවා ඇත. ඒ කිසිවකට පෙන්ටගනයේ චන්ද්‍රිකා තාක්ෂණයෙන් සැඟවීමට ද නොහැකි වනු ඇත. මේ මොහොතේ කුමන තත්වයක් යටතේ වුව ද හිස්බුල්ලා හෝ ඉරානය මේ අවස්ථාවේ ඊශ්‍රායලයට පහර දුනහොත් ඇමරිකාව සහ ඇමරිකානු හිතවාදී බටහිර රටවල සෘජු ප්‍රතිචාරයන්ට මුහුණ දීමට සිදු වන බව නිසැක ය. මෙය හොඳින් දන්නා හිස්බුල්ලා සහ ඉරානය බරපතල යුද ගැටුමක් සාදා නො ගැනීමට පරිස්සම් වනවා අත. ඊශ්‍රායලය ගාසා තීරය ආක්‍රමණය කරන විට හිස්බුල්ලා සහ යේමනයේ හවුති සහ ඉරානය කිවූ දෑ ක්‍රියාවෙන් කළේ නැත. හේතුව ඔවුන්ගේ යුද බලය අනතුරේ හෙළා ගැනීමට සිදුවන බව දන්නා බැවිනි. ඉරානය න්‍යෂ්ටික ක්‍රියා බලගන්වන ස්ථාන ද ඉරානයට අහිමි වනවා ඇත.