Fri. Jul 5th, 2024
Spread the News

fori3ඊජිප්තුවේ ඉස්‌ලාමීය පල්ලියකට ත්‍රස්‌තයන් එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් මේවන විට 305 ක්‌ මරුමුවට පත්වී ඇත. ඊජිප්තු පොලිසිය සිදුකළ මූලික පරීක්‍ෂණ වලින් හෙලිවූයේ බැතිමතුන් යාච්ඥ කරන අවස්‌ථාවේ ත්‍රස්‌තයන් අත්බෝම්බ ප්‍රහාර එල්ල කර නොකඩවා වෙඩි තබා ඇති බවයි.

මෙම අයිසිස්‌ ත්‍රස්‌ත කණ්‌ඩායම අයිසිස්‌ කොඩිය සමඟ මුස්‌ලිම් පල්ලියට කඩාවැදී ඇත.

මියගිය පිරිස අතර ළමුන් 30 ක්‌ද වේ.

ප්‍රහාරය එල්ල කිරීමට පෙර අයිසිස්‌ ත්‍රස්‌තයන් මුස්‌ලිම් පල්ලියේ කවුළු සහ දොරවල් වසා තිබේ.

පල්ලිය අසල තිබූ වාහන හතකටද ත්‍රස්‌තයන් ගිනිතබා විනාශ කර ඇත.

මෙම ප්‍රහාරයට අයිසිස්‌ ත්‍රස්‌තයන් 30 ක්‌ සම්බන්ධ බව ඊජිප්තු රජයේ නඩු අධ්‍යක්‍ෂ කාර්යාලය පැවැසීය. අල්ලාහු අක්‌බාර් යයි හඬනඟමින් විනාඩි 20 ක්‌ තිස්‌සේ ත්‍රස්‌තයන් බැතිමතුන්ට වෙඩි තබා ඇත.

මෙම ත්‍රස්‌ත ප්‍රහාරක කණ්‌ඩායම මෙතෙක්‌ අසුවී නැත.

ඊජිප්තු ඉතිහාසයේ සිදුවූ බිහිසුණු ත්‍රස්‌ත ප්‍රහාරය මෙයයි.

ප්‍රහාරය එල්ලවන අවස්‌ථාවේ ජීප්රථවල නැගුනු තවත් ත්‍රස්‌තයන් 10 ක්‌ පල්ලිය වටේ සිටි බවද අනාවරණය වී ඇත.