Spread the News

ආරියතිල
2024.08.03

ඊශ්‍රායලය හමාස් දේශපාලන අංශයේ නායක ඉස්මයිල් හනියේ ඝාතනය කිරීමට පිළිතුරු ලෙස හිස්බුල්ලා, හවුති, හමාස්, ජිහාඩ් සංවිධාන සහ ඉරානය ඒකාබද්ධ වී ඉදිරි දින කීපයේදී ඊශ්‍රායලයට ප්‍රහාරයක් දියත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි විදෙස් මාධ්‍ය  වාර්තා කර ඇත.

මැද පෙරදිග අවාසනාවන්ත ඉරණමකට ඇද වැටීම නියතයි. මැද පෙරදිග කලාපීය රටවල් ධන බලය හා ජීවන තත්වය රැදී ඇත්තේ ප්‍රධාන කොට ම ඛණිජ  තෙල් මත ය. ආහාර සුරක්ෂිත බව ඇත්තේ විදේශ රාජ්‍ය මත ය. එය ද මැද පෙරදිග කලාපීය රටවල් මත නොවේ. යුද අවි නිෂ්පාදනයට දායක වන්නේ ඉරානය සහ පකිස්ථානය යන දෙරට ය. ඉරානයේ යුද අවි නිෂ්පාදනය ද බොහො අමු ද්‍රව්‍ය කලාපයෙන් බැහැර රටවලින් සපයා ගනී. මැද පෙරදිගට හිතවත් රටක් ලෙස සෘජුව ඇත්තේ  ප්‍රබල රුසියාව ය. රුසියාවට යුක්‍රේනය සමඟ නො නවතින යුද්ධය හේතුවෙන් ඉරානයට යුද්ධමය වශයෙන් උපකාර කිරීමට ඉදිරිපත් වීම සැක සහිත ය. මේ අවස්ථාවේ යුක්‍රේනය සමඟ යුද වැදීම නවතා ගැනීමට රුසියාවට ද අවශ්‍ය බවක් පෙනේ. එසේ වුවොත් ඉරානයට සහ ඉරාන හිතවාදී රටවලට හිතකර බවක් උදා වීමට පුළුවන. රුසියාවේ යුද ආධාර සෘජුව සහ වක්‍රව ලැබීමෙන්. මේ අවස්ථාවේ නෙටෝව ඇතුලු බටහිර රටවල් යුක්‍රේන යුද්ධය නවතා එයට ඉඩක් නො තබනවා ඇත. මැද පෙරදිග කලාපය ආහාර වලින් ස්වයංපෝෂිත නො වීම ත් යුද අවි නිෂ්පාදනයෙන් දියුණුවක් නොවීම ත් හේතුවෙන් ඉරානය ඇතුලු ඉරාන හිතවාදී රටවල් නියත ලෙස විනාශ වීම නො වැලැක්විය  හැක. විශේෂයෙන් ම න්‍යෂ්ටික අවියකට ප්‍රමාණවත්  යුරේනියම් බල ගන්වා ගැනීමට මත්තෙන් බටහිර රටවලින් ඉරානය බෙරීමට නොහැකි වනු ඇත. සතුරු ප්‍රහාරයකදී වහා ගිනි ඇවිලෙන තෙල් ළිං හා ඉන්ධන ගබඩා සංකීරණ විනාශ වනු ඇත. ඒවා නැවත ප්‍රයෝජනය ගත නොහැකි ලෙස විනාශ වීමත් එමගින් ආර්ථිකය බලවත් ලෙස කඩා වැටීමෙන් ජනතව මහත් ව්‍යසනයට පත් වීම නො වැලැක්විය හැක. ඉරානයට සහ ඉරාන හිතවාදී රටවලට අත් වනුයේ කඳුලු සහ සෝ සුසුම් පමණක් වනු ඇත. කලාපයේ අනෙක්‍ රටවලට ද ඒ ආර්ථික කඩා වැටීමේ ඛේදවාචකය අත් විදීමට සිදු වීම නියත යි.