Mon. Jul 8th, 2024
Spread the News

Source:

පාකිස්තාන විපක්ෂ නායක, ඉම්රාන් ඛාන්ට සපත්තු ප්‍රහාරයක් එල්ල විය.

තරීක් ඊ ඉන්සාෆ් පක්ෂයේ නායක ඉම්රාන් ඛාන් සපත්තු ප්‍රහාරයට ලක් වූයේ ඔහු පන්ජාබ් පළාතේ ගුජ්රාත් නගරයේ පක්ෂ රැලියකට සහභාගී සිටිද්දීය.

ඉම්රාන් සිය මෝටර් රථයේ වහලයට නැග රැලියට පැමිණ සිටි ඔහුගේ ආධාරකරුවන් අමතද්දී, සපත්තු ප්‍රහාරය එල්ල වුණු බව ද පැවැසෙයි.

සපත්තු ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා අල්ලා ගැනීමටත්, ඔහුට පහර දීමටත් තරීක් ඊ ඉන්සාෆ් පක්ෂ ආධාරකරුවෝ කටයුතු කළහ.

පසුගිය දින කිහිපය පුරා පාකිස්තාන දේශපාලඥයන් ඉලක්ක කර ගනිමින් සපත්තු ප්‍රහාර එල්ල වීම් පසුගිය දින කිහිපය පුරා සිදුවිය. ඉකුත් ඉරිදා දූෂණ වංචා සහ මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනාවලට වරදකරු වී, අගමැති ධුරය මෙන්ම, පාකිස්තාන මුස්ලිම් ලීගය එන් පක්ෂයේ නායකත්වය ද අහිමි වුණු නවාස් ෂරීෆ් ලාහෝරයේ ඉස්ලාමීය සමුළුවකට සහභාගී වී දේශනයක් පවත්වද්දී සපත්තු ප්‍රහාරයකට ලක් විය.

(එන්.ඩී.ටීවී.)