Fri. Jul 5th, 2024
Spread the News

“ඉනසන් ඔෆ් මුස්‌ලිම්ස්‌” වහාම තහනම් කරන්න
– සර්ව ආගමික නායකයෝ අද ඇමරිකා තානාපති හමුවෙති

චමින්ද සිල්වා source:

මුස්‌ලිම් ආගමික නායකයන්ට අපහාස වන අයුරින් ඇමෙරිකාව විසින් නිෂ්පාදනය කර ඇතැයි කියන “ඉනසන් ඔෆ් මුස්‌ලිම්ස්‌” චිත්‍රපටය ප්‍රදර්ශනය වහාම නවතා දමන ලෙස සර්ව ආගමික නායකයන් අද (21 වැනිදා) දහවල් ශ්‍රී ලංකා ඇමරිකානු තානාපතිවරයා හමුවී සංදේශයක්‌ බාරදීමට නියමිතය.

බස්‌නාහිර පළාත් ආණ්‌ඩුකාර අලවි මවුලානා මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21 වැනිදා) මුස්‌ලිම් ආගමික කටයුතු අවසානයේ කොල්ලුපිටිය දේවස්‌තානයේ සිට විරෝධතා පෙළපාලියකින් ගොස්‌ සංදේශය බාරදෙන බව බස්‌නාහිර පළාත් ආණ්‌ඩුකාර කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී අලවි මවුලානා මහතා පෙරේදා (20 වැනිදා) පැවැසීය.

මෙම විරෝධතා පෙළපාළිය සිංහල, මුස්‌ලිම්, දෙමළ සියලු ජාතීන් නියෝජනය කරමින් පැවැත්වෙන බවත් ආණ්‌ඩුකාරවරයා කීය.

බලවේගය ප්‍රශ්ණය: මුස්ලිම් ආගමේ නිර්මාර්තෘ වරයා ගැන සකස් කල චිත්‍රපටයේ නිර්මාණ කරුවන්ට පහර නොදී වෙනත් පුද්ගලයෙකු මරා දැමීම ට අවස්ශය වන්නේ කා සදහාද ? ලිබියාවේදී සිදුවූ ප්‍රහාරය ත්‍රස්වාදී ක්‍රියාවකි, එය ලිබියානු නායක ගඩාපි මරා දැමීමිම නිසා පලිගැනීමක් විය හැකිය. එම ක්‍රියාව හොඳද නරකද කියා බැලීම  එම දෙරටවල් අතර ඇති ප්‍රශ්නයකි. අප ගේ පැනයට දැන් හසුවන්නේ මෙයයි….දීඝවාපිය හා නොයෙකුත් පුද බිම් විනාශ කිරීම අප රට තුලම සිදුවෙන විට. එම ප්‍රශ්න ගැන නොසලකා හැර මෙම පර ප්‍රශ්න පසුපස  යන සිංහලයන් ගෙන් අප අසා සිටින්නේ මවුලත් එක්ක පෙළපාලි යන්නේ කිනම් වාසියක් ලැබෙන නිසාද ?

More: http://en.wikipedia.org/wiki/Innocence_of_Muslims