Mon. Jul 8th, 2024
Spread the News
සේනක බිබිලේ

vhttps://youtube.com/watch?v=2flKqspB_Dc&feature=share

ඔව් ඒ කියන කතාව ඇත්ත.

International Drug Mafia එක විසින් මහාචාර්ය සේනක බිබිලේ ව මරා ගත්තා යන්න සමාජගත වී අවසන්.

එසේ මරා දැමීමට හේතුව මෙම වීඩියෝවේදී සාකච්ඡාවට භාජනය වේවි.

Link Products ආරම්භ කළේ කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ මාගේ පාසැල් මිත්‍රයෙක් වන ඉංජිනේරු සිරිපාල ජයසිංහයි.

ඔහු විසින් හඳුන්වා දුන් “සමහන්” නැමැති පේයාව නිසා ඇස්ප්‍රීන් ඩිස්ප්‍රීන් නිෂ්පාදකයින්ට සහ වෙළෙඳුන්ට බඩේ පහර වැදුනා.මගේ මිත්‍රයා හදිසියේම හෘදයාබාධයකින් මිය ගියා. මේවා අකාල මරණ නොවෙයි. සේනක බිබිලේ ගිය ගමන් මගේම සිරිපාල ජයසිංහත් ගියා.

මා විසින් ලෝකයට යමක් හඳුන්වා දුන්නා.ඒ මොහොතේ සිට මරණය මා සමගම සෙවනැළ්ලක් සේ ගමන් කළා.

විදේශ රටක ජීවත් වන නිසා මරණය ටික කාලෙකට හරි කල් ගියා.

මේක අපේ රටට පමණක් සීමා වුණු කතාවක් නොවෙයි.

නව නිපැයුම් හෝ අදහස් වලට ඉඩ නොදෙන සාමකාමී යහපත් ලෝකයක් දකින්න අකමැති, ජලය වෙනුවට රුධිරය ඉල්ලන අමුතුම මාදිලියේ හිතන පතන මිනිස් කණ්ඩායම් ගෝලීය වශයෙන් මාෆියා ලෙසින් සංවිධානය වී
ආගම් හා දේශපාලනය හරහා සාමකාමී ආදර්ශමත් ජීවිත බිළි ගන්නවා.

ලෝකයේ බහුතරයක් විසින් ගෞරවනීය අන්දමෙන් පිළිගන්නා ඇතැම් ආගමික සංස්ථාවන් පවා මෙම මාෆියා සංවිධාන පිහිටුවන බවත් ඒවාට මූල්‍යමය වශයෙන් දායකත්වයක් දෙන බවත් සාමාන්‍ය මිනිසා දැනගන්නා දවසකට
මෙවැනි අදහස් ලියන්නට හෝ ඒවා කියවන්නට හෝ ඔබටත් මටත් අද ඇති අවස්ථාව හෙට දිනයේ උදා නොවනු ඇත.

ඒ දිනය වන විට යුධ හා වසංගත, ලේ හලන විප්ලව, වස විෂ අහාර වලට එක්කිරීම, බෙහෙත් ලෙසින් විෂ මිනිස් සිරුරට ඇතුළු කිරීම, පරිසරය විනාශ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස පාරිසරික සමතුළිතය බිඳවැටීම තුළින් මිනිසා මහ පොළොවෙන් තුරන් වී සිටිනු ඇත.

තෙවැනි ඇස
– එඩ්වර්ඩ් –

24.05.2023