Mon. Jul 8th, 2024
Spread the News

ඇමරිකානු ජනාධිපති ඔබාමාගේ
නියෝජිතයාගේ ශ්‍රී ලංකා සංචාරයේ අරමුණ කුමක්‌ද ?

source:
ඉරාක වැසියන් ලක්‍ෂයක්‌ ඝාතනය වීම ගැන හිටපු ජනාධිපති බුෂ් වගකිවයුතු නොවේද?

ලොව අංක එකේ යුද අපරාධකරු වූ ඇමරිකාව යුද අපරාධ ගැන සෙවීමට විශේෂ නියෝජිතයකු වූ ස්‌ටිවන් රසුප් පත් කර ඇති අතර ජනාධිපති බරක්‌ ඔබාමා විසින් ඔහුව ශ්‍රී ලංකාවට එවීමට සැලසුම් කර ඇතැයි වාර්තාවී තිබේ.

මේ නිසා 2012 වසරේ ශ්‍රී ලංකාව සම්බන්ධ බටහිර න්‍යාය පත්‍රය හෙළි වී ඇත. වියට්‌නාමයේ ගම්මානවලට ඒජන්ට්‌ ඕරෙන්- නමැති විෂ වායුව ලීටර් මිලියන 30 ක්‌ දැමුවේද ඇමරිකාවයි. ලුතිනන් තැලි නමැති ඇමරිකානු හමුදා නිලධාරියා වියට්‌නාමයේ වයිලයි ගම්මානය සහමුලින්ම වැනසීය. තෙමසක්‌ අත්අඩංගුවේ සිටි ලුතිනන් කාලි නිදහස්‌ විය. ඉරානයේ ලක්‍ෂයකට අධික සිවිල් ජනතාවද ඝාතනය විය. එහෙත් ඇමරිකාවට එරෙහිව කිසිම යුද අපරාධ චෝදනාවක්‌ එල්ල වූයේ නැත.

මේ පසුබිම මැද දරුස්‌මාන් වාර්තාව සකස්‌ කිරීමට මුල් වූ ස්‌වීඩන් රැඩ්නර් නමැති ඇමරිකානුවා ජිනීවා නුවරට ගොස්‌ ශ්‍රී ලංකාවට එරෙහිව යුද අපරාධ චෝදනා ගෙනඒමට උත්සාහ කර ඇතැයි හෙළිවිය. මේ අතර ශ්‍රී ලංකා රජය තමන්ට පොලිස්‌ හා ඉඩම් බලතල දෙන්නේ නැති බවට ඉන්දියාවට පැමිණිලි කිරීම සඳහා ද්‍රවිඩ සංධාන මන්ත්‍රීන් කණ්‌ඩායමක්‌ ඉන්දියාවට යැමට සූදානම් වන බව හෙළි වී තිබේ. මේ තත්ත්වය මත විදෙස්‌ අරමුදල් මත යෑපෙන කීපදෙනකු විසින් අටවා ගත් සංවිධාන කීපයක්‌ ගාලු සාහිත්‍ය උත්සවය වෙත සන්දේශයක්‌ යොමු කරමින් අදහස්‌ ප්‍රකාශ කිරීමට ඉඩ නොදෙන රට ශ්‍රී ලංකාව බව පෙන්නුම් කිරීමේ දීන ක්‍රියාදාමයක යෙදී සිටී.

මේ එන්. ජී. ඕ. ක්‍රියාකාරීන් ඉන් මුළු ලොවටම පිළිබිඹු කිරීමට යන්නේ තමන් මෙරට සමස්‌ත මාධ්‍ය ක්‍ෂේත්‍රයම නියෝජනය කරන බවයි. ඔවුන් මේ රඟදක්‌වන නාඩගමේ පසුබිම පැහැදිලිය. බරක්‌ ඔබාමාගේ විශේෂ නියෝජිතයකු වූ ස්‌ටීවන් රාසුප් මෙරටට පැමිණීමට සැලසුම් කරන අවස්‌ථාවේ මේ එන්. ජී. ඕ. ක්‍රියාකාරීන්ට අවශ්‍ය වී ඇත්තේ රජය තමන්ට කට අරින්න දෙන්නේ නැතැයි දැක්‌වීමයි. ලොව වඩාත්ම ලාභදායී ව්‍යාපාරයක්‌ වූයේ අවි ආයුධ වෙළෙ¹මයි. එහෙත් දැන් ලාභදායී ව්‍යාපාර රැසක්‌ බිහිවී ඇත. ඒ සාම ව්‍යාපාරය හා මාධ්‍ය මර්දනය යෑයි දැන්aවීමේ ව්‍යාපාරයන්ය.

එසේම රජයට සම්බන්ධ වී සිටින එන්. ජී. ඕ. ක්‍රියාකාරීන්ට 13 වැනි සංශෝධනය උතුරු නැගෙනහිරට ලබාදීමේ අවස්‌ථාවද පැනනැගී ඇත.

මෙම පසුබිම යටතේ දකුණේ අධිවේගී මාර්ගය වෙත විටින් විට ගල් ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධීන් හෙළි වී ඇත. ලොව වෙනත් රටවල අධිවේගී මාර්ගවලට ගල් ගසන පිරිස්‌ ගැන කිසිවිටෙක අසන්නට නැත.

මෙහිදී සනාථ වන්නේ ඉවසාගත නොහැකි පාර්ශ්වයන් විසින් මෙකී නින්දිත කටයුතු සිදු කරන බවයි. මේ නිසා පැහැදිලි වන්නේ රාජ්‍ය විරෝධී මෙහෙයුම්වල එකට ඇමිනුන ක්‍රියාමාර්ග රැසක්‌ සිදුවන බවයි.

මේ අතර ප්‍රභාකරන්ගේ ඥතියකු වන සිවාරිලිssංගම් බී. බී. සී. සේවාවට ප්‍රකාශයක්‌ කරමින් යුද හමුදාව හිටපු කොටි ගැන නිරීක්‍ෂණය කරන බව පවසා ඇත. එහෙත් බ්‍රිතාන්‍ය හමුදා බුද්ධි සේවාව හිටපු අයි. ආර්. ඒ. ත්‍රස්‌තයන් ගැන නිරීක්‍ෂණය නොකරන බව කිව හැකිද?

මේ තත්ත්වය මත කල්මුණේ පොලිසිය ගිනි අවි හා උණ්‌ඩ රැසක්‌ සොයාගෙන ඇත. එහෙත් හමු නොවූ අවි ආයුධ කොතරම් තිබේද?

මෙම වාතාවරණය යටතේ අද මෙරට පවතින බරපතළ ප්‍රශ්නය අනාගත ජාතික ආරක්‍ෂාවයි. රට තුළ සිටින පිරිස්‌ විදේශ රටවලට විද්යුත් ලිපි යවමින් ශ්‍රී ලංකාව යුද අපරාධකරු ලෙස ජාත්‍යන්තර ප්‍රජාව ලවා නම් කිරීමට උත්සාහ කරයි. එම පසුබිම යටතේ ද්‍රවිඩ සංධානය උතුරු නැගෙනහිර හමුදා කඳවුරු ඉවත් කරගෙන ඊළාම් පොලිසි යළි ස්‌ථාපිත කර රට දෙකඩ කිරීමට සහය වේ.

ඊට සමගාමීව එහෙන් මෙහෙන් අහුලාගත් කීපදෙනකු මේ තරම් භයානක රජයක්‌ නැතැයි ලෝක ප්‍රජාවට ඒත්තු ගැන්වීමේ යෙදී සිටී. එසේ පවසන ගමන් රජයෙන් පහසුකම් ලබා ගනී. එහෙත් ඔවුහු ඇමරිකානුවන් ඇතුළු විදේශිකයන්ට මෙරටට පැමිණෙන ලෙස ඇරයුම් කරති. වත්මන් රජයේ දේශපාලකයන් කුමක්‌ පැවසුවත් වත්මන් රජය බරපතළ කරුණු දෙකකට මැදිවී සිටී. ඒ 13 වැනි සංශෝධනය හා කොටි ජාලය විසින් සාවද්‍ය යුද අපරාධ චෝදනා ජාත්‍යන්තරකරණය කිරීම තුළින් රජයට එල්ල වී ඇති චෝදනායි.

මෙයට කලකට පෙර ඇමරිකානු රාජ්‍ය ලේකම්වරියක වූ හිලරි ක්‌ලින්ටන් හමුවූ දේශපාලකයෙක්‌ උගත් පාඩම් හා සංහිදියා කොමිසම හමුවේ දෙන සාක්‍ෂි තානාපති කාර්යාලවලට සටහන් කරගත හැකි යෑයි කීවේය. ඒ ප්‍රකාශය මත ඇමරිකානු බ්‍රිතාන්‍ය සහ නෝර්වේ තානාපති කාර්යාලයක එන්. ජී. ඕ. වලින් එවනු ලැබූ පාර්ශ්වයන් සාක්‍ෂි සටහනක්‌ කරගනු ලැබීය. එම සාක්‍ෂි දරුස්‌මාන් වාර්තාවට පවා ඇතුළත් වූ බව වාර්තා වේ. මේ තත්ත්වය මත කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය සතිපතාම ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර තත්ත්වය ගැන විමර්ශනයක යෙදී සිටී.

අපි එක්‌සත් වුවහොත් නැති විය හැකි යෑයි පැවසුවේ බ්‍රිතාන්‍යයේ හිටපු අගමැතිවරයකු වූ වින්සන්ට්‌ චර්චිල්ය. එහෙත් මෙරට දැන් සිදුවන්නේ කුමක්‌ද? විරුද්ධ පක්‍ෂ කැබැලි බවට පත්වී සිටි එකිනෙකා ප්‍රහාර එල්ල කර ගත් තවත් කණ්‌ඩායමක්‌ උතුරට ගොස්‌ හිටපු කොටි සමග එක්‌වී සිටී. එසේ වුවත් කොටි ඩයස්‌පෝරාව එක්‌සත් වී ශ්‍රී ලංකාවට එරෙහිව බරපතළ මෙහෙයුමක්‌ දියත් කර සිටී. මේ මෙහෙයුම පසුපස එන්. ජී. ඕ. ක්‍රියාකාරීහු විදේශ අරමුදල් මත ක්‍රියාත්මක වේ. මෙයට හොඳම නිදසුන අද කොටුවේදී තිරගත කෙරෙන නව ජනවාරිය නමැති නාටකයයි. එහි රංගනය එදා සිටි එන්. ජී. ඕ. පාර්ශ්වයන් මෙම රංගනයේදී පිළිබිඹු වන මුහුණු මාධ්‍යවේදීන්ගේද එසේ නැත්නම් වෘත්තීය සමිති සේවකයන්ගේද යන්න පැහැදිලිය.

මෙහි 2 වැනි රංගනය ලබන මැයි මස නව මැයි මාසය යනුවෙන් හඳුන්වා ප්‍රදර්ශනය කළහොත් ඒ ගැන පුදුම විය යුතු නැත. මෙහිදී විමර්ශනයට ලක්‌ කළ යුත්තේ ප්‍රභාකරන් විසින් තිස්‌ වසරක ත්‍රස්‌ත ඉතිහාසය තුළ ජනවාරි මස පමණක්‌ ඝාතනය කළ අහිංසකයන් ගැනය.

කොටි ත්‍රස්‌තයන් කොටුවේ දුම්රිය ස්‌ථානයේදී පාසල් සිසුන්ව බෝම්බ පුපුරුවා ඝාතනය කරද්දී නව ජනවාරි කණ්‌ඩායමේ සිටියෙ කොහේද?

එදා ප්‍රභාකරන්ට එරෙහිව වෙව්ලමින් ගැහුණු බියගුල්ලන්ගේ නව ජනවාරි නාටකය මාධ්‍ය නිදහස උදෙසාද රජය බිඳ දැමීම සඳහා ද යන්න අවබෝධ වේ. නේටෝ බළකාය ලිබියානු රූපවාහිනියට ගුවන් ප්‍රහාර එල්ල කර මාධ්‍යවේදීන්ව ඝාතනය කරද්දී මේ පිරිස්‌ හ`ඬනැඟුවේ නැත.

වන්නි මෙහෙයුමින් කොටි ජයගත්තේ නම් මේ නව ජනවාරි නාඩගම් දක්‌නට නොලැබේ. මෑතකදී බ්‍රිතාන්‍ය අගමැති කැමරන් යුරෝපා මානව හිමිකම් විනිසුරුවන්ට පැවසුවේ බ්‍රිතාන්‍ය නීතිරීතිවලට මැදිහත් නොවන ලෙසයි.

එසේ නම් මෙරට කටයුතුවලට මැදිහත්වීමට බටහිර රටවලට හැකියාවක්‌ තිබේද? ඇමරිකානු නියෝජිත ස්‌ටිවන් රසුප් මෙරටට ඒමට සැලසුම් කරන්නේ මෙකී පසුබිම මැද ය.

එහෙත් කොසවෝ විමුක්‌ති පෙරමුණ සිදුකළ යුද අපරාධ සම්බන්ධයෙන් සාක්‍ෂි දීමට නියමිතව සිටි සාක්‌කිකරුවන් 40 ක්‌ ඝාතනය විය.

එම සාක්‌කිකරුවන්ට රැකවරණ සැපයූවේ යුරෝපා සංගමයයි. යුරෝපා සංගමයේ ආරක්‍ෂාව යටතේ සිටි සාක්‍ෂිකරුවන් ඝාතනය වූයේ කෙසේද?

මේ ඝාතන ගැන ඇමරිකානු නියෝජිත ස්‌ටිවන් රසුප් හෝ මානව හිමිකම් කොමසාරිස්‌ තම්බිපිල්ලේ අද වනතුරු විමර්ශනය කළේ නැත.

මෙවන් පසුබිමක්‌ මත ඇමරිකාව මාධ්‍යවේදීන් ගැන නිරීක්‍ෂණය කරන බව අනාවරණය වී ඇත.

ඇමරිකානු ස්‌වදේශාරක්‍ෂක දෙපාර්තමේන්තුව ඊට සම්බන්ධ යෑයි තවදුරටත් හෙළි වී තිබේ. ඇමරිකා එක්‌සත් ජනපද රජයට බලපාන පුවත් වාර්තා සම්බන්ධ එම ආයතනය නිරීක්‍ෂණය කරන විට ඇමරිකාවේ මාධ්‍ය මර්දනයක්‌ නැතැයි කිව හැකිද?

2002 දී නෝර්වේ අරමුදල් ලත් සාම වෙළෙඳුන් කීපදෙනකු එක්‌ වී කොටි සංවිධානය ශක්‌තිමත් බවත් ඔවුන් සමග යුද්ධ කළ නොහැකි බවට බහුතර සිංහල ජනතාවගේ මතය යෑයි සාවද්‍ය වාර්තා ලොව පුරා යෑවීමට ක්‍රියා කෙරිණි. අද “නව ජනවාරි” එන්. ජී. ඕ. කණ්‌ඩායම දියත් කර ඇත්තේ සමස්‌ත මාධ්‍ය ක්‍ෂේත්‍රයට ඔවුන් පසුපස සිටින බවට වූ සාවද්‍ය ප්‍රචාරයයි. එහෙත් මහමග පෝස්‌ටර් අලවන්නේත් කොටුවේ බෙරිහන් දෙන්නේත් අතලොස්‌සක්‌ වූ කීපදෙනකු බව සනාථ වේ.

එහෙත් මෙවැන්නන්ට ජනමතය වෙනස්‌ කළ හැකිද?

ඒබ්‍රහම් ලින්කන් ජනාධිපතිවරයා පැවසුවේ රැවටිය හැක්‌කේ එක්‌වතාවක්‌ පමණක්‌ බවයි. ප්‍රභාකරන් ද මේ රැවටීම දියත් කළේය. අවසානයේදී රැවටුණේ ඔහුය.

කීර්ති වර්ණකුලසූරිය