Mon. Jul 8th, 2024
Spread the News

Divaina : පි‍්‍රයදර්ශන ලියනගේ


karada444]

ආනයනය තහනම් කර ඇති කරදමුංගු නීති විරෝධි ලෙස බංගලාදේශයෙන් සහ පකිස්තානයෙන් තැපෑල හරහා ශ‍්‍රී ලංකාවට ගෙන ඒමේ මහා පරිමාණ ජාවාරමක් කලක සිට කි‍්‍රයාත්මක වන බව තැපැල් වෘත්තිය සමිති නායකයෝ ‘දිවයින’ට පවසති.

විදේශ තැපෑල සහ අධිවේගී තැපෑල හරහා දිනකට අවම වශයෙන් කරදමුංගු පාර්සල් 30 ක් ශ‍්‍රී ලංකාවට ගෙන්වන බවත්, මෙම ජාවාරම කි‍්‍රයාත්මක කරන්නේ පාතාලය සහ පාතාලය සමඟ සම්බන්ධකම් පවත්වන තැපැල් දෙපාර්තමේන්තුවෙ දූෂිත නිලධාරීන් පිරිසක් බවද වෘත්තීය සමිති නායකයෝ අවධාරණය කළහ.

මෙම මහා පරිමාණ කරදමුංගු ජාවාරම හේතුවෙන් රටට බදු ලෙස ලැබිය යුතු විශාල මුදලක් වාර්ෂිකව අහිමි වනවා පමණක් නොව කරදමුංගු වගා කරන දේශීය ගොවීන්ට පහර වදින බවද ඔවුහු පවසති. මෙම ජාවාරම නතර කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව අසමත්වී ඇතැයිද පාතාලයෙන් එල්ලවන මරණ තර්ජන නිසාත් සහ දේශපාලන ප‍්‍රබලයන්ද මෙම ජාවාරම පිටුපස සිටින නිසාත් මෙම ජාවාරම පිළිබඳව විවෘතව කථා කිරීමට තැපැල් සේවකයන් බියක් දක්වන බවද වෘත්තීය සමිති නායකයෝ වැඩිදුරටත් පැවැසූහ.