Mon. Jul 1st, 2024
Launching Anura Kumara S ManifestoOld Picture Derana:Launch of Anura Kumara’s manifesto… October 26, 2019
Spread the News

යනුවෙන් ජතික ජන බලවේගය නායක සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානයක මහතා විසින් කියන ලද බව මාධ්‍ය වාර්තා කර ඇත

සැබවින් ම මෙය ඉතා යහපත් ප්‍රවණතාවයකි. ලංකාවාසී සියලු පුරවැසියන් ට හොඳ ආරංචි මාත්‍රයකි. හේතුව ජාතික ජන බාලවේගය හෙවත් මාලිමාවේ නායකයා වන, අනුර කුමාර දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ නායකයා ද වන බැවිනි.

ජනතා විමුක්ති පෙරමුණ කොමියුනිස්ට් වාදී පක්ෂයකි. එම පක්ෂයේ න්‍යායන්,මතවාදය ගොඩ නැගී ඇත්තේ මාක්ස්- ලෙනින්වාදය මතය. එම පක්ෂයේ මැතිවරණ ලාංඡනය සීනුව වුවත් පක්ෂයේ මූලික ලකුණ ලෙස ගෙන ඇත්තේ මිටිය හා දෑකැත්තය. මිටිය හා දෑකැත්ත කොමියුනිස්ට් වාදයේ අන්තර්ජාතික පොදු ලකුණ ය. කොමියුනිස්ට් වාදය කෙලින් ම පෝෂණය වනුයේ මාක්ස් ලෙනින් වාදය මත ය. එනම් ප්‍රෙඩ්රික් එංගල්ස් විසින් 1847 “කොමියුනිස්ට් වාදයේ මූලධර්ම” යන ලියවිල්ල ද 1848 කාල් මාක්ස් සහ ප්‍රෙඩ්රික් එංගල්ස් දෙදෙනා විසින් කොමියුස්ට් පක්ෂයේ ප්‍රකාශනය ද . කාල මාක්ස් විසින් 1967 “ප්‍රාග්ධනය” නම් කෘතිය යන කෘතිය මත සහ (කාල් මාක්ස්ගේ ඇවෑමෙන් ප්‍රෙඩ්රික් එංගල්ස් විසින් “ප්‍රාග්ධනය” කෘතියේ දෙවන කොටස ) පසු කාලයේ කාල් මාක්ස් සහ ප්‍රෙඩ්රික් එංගල්ස්ගේ මත තව දුරටටත් අර්ථ විවරණය කළ, වී අයි. ලෙනින්ගේ සහ ලියෝන් ට්‍රොස්කිගේ මතවාද මත ය.

කෙටියෙන් සඳහන් කරතොත් මාක්ස්-ලෙනින් වාදය මත ය. මාක්ස්-ලෙනින් වාදය ද්‍රව්‍යවාදය මත පිහිටා ඇත. විඥානවාදය සපුරා බැහැර කරයි. ද්‍රව්‍යවාදය නම් නාස්තික දෘෂ්ටිය ය. නාස්තික දෘෂ්ටිය බුදුරදුන් වදාළේ උච්ඡේවාදය ලෙස ය. නාස්තික දෘෂ්ටිය හෙවත් උච්ඡේදවාදය කර්මය, පින් පව්, කර්ම විපාකය, සත්වයාගේ පුනර්භවය, කර්මය ක්ෂය කිරීමට හැකි බව, සම්බුද්ධත්වය, පසේ බුද්ධත්වය, අරහත්,බව, අනාගාමි,සකදාගාමි, සෝතාපන්න බව, ධ්‍යාන අභිඥා, මාර්ග ඵල, ආර්ය අෂ්ටාංගික මාර්ග පටිපදාව දේව ලෝක, බ්‍රහ්ම ලෝක, අමනුෂ්‍ය භව, සතර අපාය, පටිච්ච සමුත්පාදය. සූවිසි ප්‍රත්‍ය, චතුරාර්ය සත්‍යය, කොටින් ම කියනවානම් සම්බුදු රදුන්ගේ නවලෝකෝතතර ශ්‍රී සද්ධර්මය පිළිගන්නේ නැත; එපමණක් නොව ලොව ඇති කිසිදු විඥානවාදී දර්ශනයක් පිළිගන්නේ නැත; විඥානය ගැන කතා නොකරන තැනක ආගමක් ද නැත.

එබැවින් අනුර කුමාර දිසානායක මහාතාගේ කීම පිළිබඳව අප සැක හැර දැන ගතයුතු කාරණය වන්නේ ඔහුගේ, “ආගමට අනුව ජීවත් වෙන්නේ ජාතික ජන බලවේගයේ අපි විතරයි” යන ප්‍රකාශය අනුව,
1 .ඔබ සහ ජනතා විමුක්ති පෙරමුණ දේශපාල මතවාදය වශයෙන් මාක්ස්-ලෙනින් වාදය මේ කාලය වන විට බැහැර කර ඇත් ද? හෙවත් ප්‍රතික්ෂේප කර ඇත්තේ ද?

  1. කොමියුනිස්ට්වාදී පක්ෂයක නායෙකුවන ඔබ ආගමට අනුව ජීවත්වනවායැයි කියනවානම් ඔබ කුමන ආගමක් අනුවව ද එසේ ජීවත් වන්නේ . ඔබ අදහන ආගාම කුමක් ද?

මේ ප්‍රශ්නවලට අනුර කුමාර දිසානායක මහතා, පැහැදිලි ලෙස ජනතාවට උත්තර දිය යුතුය. හේතුව ඔබ ජනාධිපතිවරණයට ඡන්දය ඉල්ලීම කරන්නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ය. එහි 9 වන ව්‍යවස්ථාවේ “ ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුකස්ථානය පිරිනමන්නේය. එහෙයින් 10 වන ව්‍යවස්ථාවේ සහ 14වන ව්‍යවස්ථාවේ 1 වන අනු ව්‍යවස්ථාවේ (ඉ) ඡේදයෙන් සියලු ම ආගම් වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කීරීම රජයේ වගකීම විය යුත්තේ ය.” යනුවෙන් සඳහන් කර ඇති බැවිනි.

ඉහත ප්‍රශ්නයන්ට නොවලහා උත්තර දීම අනුර කුමාර දිසානායක මහතාගේ යුතුකම හා වගකීම ය. එය දැන ගැනීම විශේෂයෙන් මේ රටේ බෞද්ධ ජනතාවගේ අයිතිවාසිකමකි. ඒ අයිවාසිකම සමඟ කිසිවෙකුත් හැංගිමුත්තම් නොකළ යුතු ය.

ආරියතිලක
2025.06.18

Leave a Reply

Your email address will not be published. Required fields are marked *