Wed. Jul 3rd, 2024
Spread the News
Picture Courtecy A Speakers

ඒ සඳහා අභිප්‍රේරණය වීමට ඔවුන්ට අවශ්‍යතාවයක් බිහිකර දිය යුතුව තිබෙනවා.

උදාහරණයක් ලෙස:
දේශීය නිෂ්පාදන පාරිභෝජනය සඳහා රට වැසියන්වඋනන්දු කිරීමට තමන් උපන් භූමියට ආදරය කරන්න මිනිසුන්ට පුරුදු පුහුණු කළ යුතුයි.

කැලෑ විනාශ කරන්න එපා ජලය අපිරිසුදු කරන්න එපා කියා කොපමණ කීවත් මිනිසුන් එය කරන්නේ එම විනාශය තුළින් තමන්ගේ විනාශයට ත් පාර කැපෙන බව නොදැනිම නිසයි.

වනයේ අතරමං වුන මිනිසෙක් පාර සොයමින් වනය මැදට ම ගමන් කර තව තවත් අතරමං වන්නා සේ දේශපාලන ලෝකයේ වැරදි තීරණ ගැනීම නිසා අනාරක්ෂිත භාවයට පත්වූ මිනිසා සිතන්නේ තමන් අනාරක්ෂිත භාවයට පත්වූ බව පමණයි

අපගේ උත්සාහය යොමු වී තිබෙන්නේ අනාරක්ෂිතභාවය ම කමටහනක් ලෙස යොදාගනිමින් ඝන වනාන්තරයෙන් එළියට ඒමට ඔහුගේම සත්ව සහජාශය ප්‍රයෝජනයට ගන්නා ආකාරය ඔහුට කියා දීමයි.

දිනක් අතරමං වූ මිනිසෙක් සතියක් අතරමං වුන මිනිසෙකුගෙන් පාර ඇසීමේ වැරැද්දක් නැත. මන්ද සතියක් අතරමං වුන මිනිසා උත්සහ කළ වැරදි පාරවල් මග හැර යෑමට අලුතින් අතරමං වුණු මිනිසාට අවස්ථාවක් ලැබෙන නිසයි.

අපි සියලු දෙනාම අඩු වැඩි වශයෙන් සංසාරයේ අතරමං වුන මිනිසුන්.

නැවත උත්පත්තියක් ඇතැයි විශ්වාස කරන පුද්ගලයින්ට නැවත ඉපදීම වනාහි ලෞකික වශයෙන් අප කරනා වැරදි අවම කර ගැනීමට ලැබෙන කදිම අවස්ථාවක්.

මේ සඳහා අපට ළංවන හොඳම මිතුරා ධර්මය යි.

ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් ආරක්ෂා කරනවා යනුවෙන් අදහස් කරන්නේ එම පුද්ගලයා පමණක් ආරක්ෂා වීම නොව සමස්ථ ලෝකයාම ආරක්ෂා වීමයි.

අප යනු ලෝකයයි. ලෝකය යනු අපයි.

  • එඩ්වර්ඩ් –
    26.03.2023