Mon. Jul 1st, 2024
Spread the News

අහවල් රටේ අහවල් එකලාගේ අහවල් එකිලාගේ ඉල්ලීම් නැගෙනහිර ආණ්ඩුකාර තුමිය නොරටුන්ගේ කෙලාම්වලට ඉවත් කරන්නේනම් ඔහු හෝ ඇය විදේශ වුමනාවන් ඉටු කරන්නෙක්

රටක තීන්දු තීරණය ගත යුත්තේ රටේ හිත සුව පිනිසවේ. අප යටත් විජිතයක් නොවේ –
ආචාර්ය සුදත් ගුණසේකර

දැනට සමාජ මාධ්‍ය තුල භොහෝ පිරිසක් කථා බාහට ලක් කරන ලිපි…


චීන ආධාරයෙන් නැගෙනහිර ගොඩ ගන්න හැදූ ආණ්ඩුකාරවරිය පන්නයි
චීනයේ සහය නැගෙනහිරට ගත්තොත් අපි නෑ. ඇමරිකාව සහ ඉංදියාවෙන් ජනපතිට තරවටු.
චීන ගනුදෙනු වහාම නවත්වන්න. නැගෙනහිර ආණ්ඩුකාරවරියට ජනපතිගෙන් නියෝග.
පත්වීමට නියම අන්තවාදියෙක් සව්දිය බෝයි

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සිය ධූරයෙන් ඉවත් කිරිම සදහා මේ වන විට ජනාධිපතිවරයා තීරණය කර ඇති අතර මීට දින දෙකකට පෙර ජනාධිපති කාර්යාලයෙන් දැනුම් දී ඇත්තේ ඉල්ලා අස්විමේ ලිපිය වහාම ලබා දෙන ලෙසය. මේ ඇති ගුප්ත ස්භාවය වන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ක්‍රියාකරන්නේ ඉන්දියාවේ හා ඇමෙරිකාවේ වුමනාවක් ඉෂ්ට ශිද්ධ කිරීමටය. ඇගෙන් ඉල්ලා අස්වීමේ ලිපයක් ඉල්ලු ජාධිපති තුමන් මේ වෙසක් පුන්පෝය දිනයේ කොහේ සිටිනවාදැයි මේ කුමක් කරන්නේදැයි මහජනතාව නොදනිමි. මහජනතාව විසින් පත්කෙරු වික්‍රමසිංහ වරු – පාර්ලිමේන්තු කාරයන් – මන්ත්‍රී වරුන් තමන්ට මුළුරටම අයිතියි තමාගේ තනි කැමැත්ත රටේ කැමැත්ත බව සිතීමම අනුවණ කමකි. අහවල් රටේ අහවල් එකලාගේ අහවල් එකිලාගේ ඉල්ලීම් සිදු කර ජය පැන් බිමට ගිය භොහෝ පිරිසක් අද රටෙත් නැති තත්වයට පත්වී තිබේ. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සිය ධූරයෙන් ඉවත් කිරිම සදහා මේ වන විට ජනාධිපතිවරයා තීරණය කර ඇති අතර මීට දින දෙකකට පෙර ජනාධිපති කාර්යාලයෙන් දැනුම් දී ඇත්තේ ඉල්ලා අස්විමේ ලිපිය වහාම ලබා දෙන ලෙසය.යහම්පත් මහත්මිය ඉවත් කිරිමට ප්‍රධාන හේතුව වී ඇත්තේ ඇය නැගෙනහිර පළාත චීනයේ යුනෑන් පළාත සමග සහෝදර පළාතක් ලෙස සංවර්ධනය කිරිම සදහා ගත් තීරණය නිසායැයි මාධ්‍ය තුල තිබුනත් මෙහි ඇති භූ ගෝලීය දේශපාලන තත්වය වෙනස්ය. චීනය සමග ඇමෙරිකාව හා ඉන්දියාව බද්ධ වෛරයකින් පෙලෙන බව මෙරටේ සිටින සියළු දෙනා හොදින් දන්නා කාරණයකි. ආණ්ඩු කාරවරුන් අතරින් අපරට ඉහලම සේවාවක් කරන නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය සිය ධූරයෙන් ඉවත් කිරිම තනිකරම කුමන්ත්‍රණයක් බව පොදු මහත් ජනතාව දැනගෙන සිටිය යුතු කාරණයකි. ආණ්ඩු කාර තුමිය සමග ප්‍රකෝප වී කටයුතු කිරීම පොදුවේ කාගේ කාගේත් ඇඟට හොද කාරණයක් නොවන බව අපි මාධ්‍ය කණ්ඩායම් වශයෙන් දකිමු. මිට අමතරව ඇය පත්වූ දා සිටම පළාතේ පුරාවිද්‍යා ස්ථාන රැක ගැනීම වෙනුවෙන් විශාල මෙහෙවරක් සිදු කල නිසාද. අන්තවාදී මුස්ලිම් අදහස් දරන්නෝ විශාල වෛරයක් ඇති බවද මුහුණු පොත ආදිය නැරබීම තුලින් වැටහේ.

නැගෙනහිර පළාතට ලෝකයේ පළමු වතාවට ඇති කරන කෘෂි තාක්ෂණ විද්‍යාගාරයක් ලබා ගැනීමට, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රික්ක තුන කේන්ද්‍ර කර ගණිමින් තරු හතේ හෝටල් සංකීර්ණ 10 ක් පමණද , ත්‍රිකුණාමලය පිච්චමල් විහාරයේ සංචාරක ආකර්ෂණය ලැබෙන පරිදි නවීන පන්නයේ කෞතුකාරගාරයක් ඉදිකරමින් තිබීම.තොප්පිගල, නරකමුල්ල පුරාවිද්‍යා ස්ථානය අද බැතිමතුන් වෙනුවෙන් විවෘත වීම හා එම පළාතේ දුවා දරුවන්ට චීනයේ යුනෑන් ප්‍රාන්තයේ විශ්ව විද්‍යාල වලින් නොමිලයේ අධ්‍යාපනය ලබා ගැනීමට වාර්ෂිකව ශිෂ්‍යත්ව 25000 ක් ලබා ගැනීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය වැඩ කටයුතු කිරීම අගය කොට කටයුත්තකි. මැය තනිවම මෙවන් උතුම් කාර්යන්වලට යොමු වීම සහ එතුමියගේ කාර්යාල නිලධාරීන් අන්තවාදීන්ගේ හුදෙක් බත් බැලයන් නොවීම බෙදුම වාදය අන්තවාදය රජයන එම ප්‍රදේශයන්වල සිටින නරුමයන්ට වැදුණු කුළුගෙඩි පහරකි. මුළු රටම මැති ඇමතිවරු, ජනාධිපතිවරුන් සහ මන්ත්‍රී වරුන් විසින් අපව හිඟා කා අගාධයට ඇද දැමීමට කටයුතු කල කාලයක. අනුරාධා යහම්පත් මහත්මිය වෙනත් ආණ්ඩුකාරවරුන් අතීතයේ සිදු කර එකම කරය වන නිදාගෙන සිටීම මග හැර ජනතාව අතරට ගොස්, කපිලලා, චන්ද්‍රකාන්තන්ලා, පුහු වීරසිංහලගේ කේලම් බස් මැද කටයුතු කරමින් සිටීම ජනාධි පතිවරයද අගය කලයුතු කටයුත්තකි. දැනට ඇති ආරංචි මාර්ග අනුව එම පළාත් වල සමහර මන්ත්‍රිවරුන් සහ දිස්ත්‍රික්ක වල සිටින මුස්ලිම් මන්ත්‍රිවරුන්ගේද සහයෝගයෙන් ආණ්ඩුකාරවරිය එලවීමට දායක වීමට තිබේ ඊට පසු අන්තවාදයෙන් දේවදත්තයන් බවට පත්වූ පුද්ගලයන්ට ආණ්ඩු කර දුරයක් ලැබීමට ඉතා අසන්න බව අපගේ සිතුවිල්ලයි.

පොදුවේ දිගින් දිගටම විශේෂයෙන් මුස්ලිම් මන්ත්‍රිවරුන් ද දිගින් දිගමට චෝදනා කර ඇත්තේ නැගෙනහිර පළාත තුල ඇය සිංහල බෞද්ධ ජනතාවට වැඩි සේවයක් සිදු කරන නිසාය. ඇය විසින් කරන කාර්යය ජනධිපති වරයාද අනුමත කල යුත්තේ මෙන්න මෙතනදීය…

නවවෙනි වගන්තිය යටතේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති ප්‍රධානම කාර්යය වී ඇත්තේද ප්‍රමුඛස්ථානය බුද්ධ ශාසනයට ලබාදීමයි. එය පාර්ලිමේන්තුවට පත් මන්ත්‍රීවරුන් නොවේ විධායකය, අධිකරණය, ජනාධිපති ඇතුළු රට වැසියන් හෝ ලක් පොලව මත පිහිටන සියළුම රාජ්‍ය නොවන ආයතන හා රාජ්‍ය වන කටයුතුවලදී කල යුතු කාර්යකි. එය මුස්ලිම් හෝ දෙමල හෝ අප විසින් අදහන්නාවූ දෙවි දේවතාවුන් හට හෝ බිඳිය නොහැකි කාරණයකි. ලක් දෙරනට, ඇතුල්වන, සිටින, පැමිණි හෝ පිටවන සියළුම මනුෂ්‍ය වර්ගයා විසින් කලයුතු කාරයකි. එනම් බුද්ධ ශාෂණය සුරක්ෂිත කොට පෝෂණය කිරීම. එනම් භික්ෂු,භික්ෂුණි, උපාසක, උපාසිකා වන් රැක බලාගැනීමයි. හුදෙක් මෝඩයන් විසින් චෝදනා කරන ඔය කාරණයට නඩු දමා ඔවුන් සියල්ල මේ මාන බලන්නේ බුද්ධ ශාසනය සුරකිෂිත කරණ ලෝකයේ එකම ජාතිය වන සිංහල බෞද්ධයා එතුමිය විසින් රැකගැනීම වරදක් කොට හුව දක්වා එතුමිය නැගෙනහිර පළාතෙන් පන්නා දමා බෞද්ධයන්ට අගතියක් කිරීමටයි. එය ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවක් වේ. ඇයගේ අයිතිවාසිකම් කඩ කිරීමක්ද වේ . ජනධිපති වරයාගේ කැමැත්ත මත ආණ්ඩු කාරවරු පත්කළත් ජනධි පතිවරයා යනු මහජනතාව විසින් පත්කරන්නෙකු වන නිසා ඔහුගේ පරම වගකීම වන්නේ ඔහුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති වගකීමක් වන බුද්ධ ශාසනය පෝෂණයකර රැකබලාගැනීම සිදු කරන මෙවන් ආණ්ඩු කාරවරුන් කේලම් වලට හා අල්ලපු රවල් වන හොටබරියන්ගේ ඉල්ලිම්වට ධුරයෙන් පහකිරීමට කටයුතු කිරීම නොවේ, එය වෙනත් අතකින් ජාති ද්‍රෝහී ක්‍රියාවක්ද වේ. බුද්ධ ශාසනයට ප්‍රමුඛස්ථානය දීම හා එම ශාසනය රැක බලාගැනීමට ජාතිය විශේෂ කොට සැලකීම ජාති වාදයක් නොවේ.

එදා රණවිරුවන් දඩු කදේ ගැහීම එක්සත් ජාතීන්ගේ කුඨ මානව හිමිකම් කවුන්සිලය රණවිරු දඩයමට වලිකන වෙලාවේ ජිනිවා ගොස් රණවිරු දඩයමට එරෙහිව කටයුතු කිරිම ක්‍රියා කල මෙතුමිය තවද අද වනවිට 13 වෙනි ව්‍යවස්ථා කුමන්ත්‍රණය පිටුදකින මැය. අද වනවිට අන්තර් ජාතික නරුමයන් හා එක්ව දේශීය මිෂ දුටුවන් විසින් මෙතුමිය දඩයමට ලක්කොට මැයවත් පසුබිමට යොමු කිරීමේ කුමන්ත්‍ර කරුවන්ට එරෙහිව සිංහල බෞද්ධයට අගතියක් කිරීමට දැගලීම සම්බන්ධයෙන් අධිකරණයක් තුලදී තම මානව හිමිකම් කඩවීම හා මුලික අයිති වාසිකම් යටතේ ඉදිරි නඩුවක් ගොනු කිරීම සුදුසු වේ. ඒ වගේම බොරු තොරතරු දී රටේ ජනාධිපතිවරයා නොමග යැවීම සම්බන්ධයෙන්ද නිවැරදි පරීක්ෂණයක් සුදුසු වේ. පොදුවේ සියළුම සංඝයා වහන්සේලා ඇතුළු ගිහි පැවිදි ජාතික අභිමානී සියළුම දෙනා මෙතුමිය රැක බලාගැනීමට කාලයයි.

බෙදුම් වාදී අන්තවාදීන් නැගෙනහිර පළාතේ නැවතත් රජ කරණ කුමන්ත්‍රණ දියත් කොට තිබේ. මෙය හුදෙක් චීන උදවුව්ලට ගොනු නොකරන්න. මේ වන්නේ මිනිස් දඩයමකි.

සිංහල බොදු විද්වත්තු රාශියක් පවසන්නේ මෙතුමිය ආණ්ඩු කාර පදවියකට පමණක් නොව අනාගත රාජ්ජ්‍ය නායිකාව කිරීමටද සුදුසු බවය.

ජනතාව මෙය තේරුම් ගත යුතු කාලය පැමිණ ඇත.

සත්පුරුෂයනි !!! ලොව්තුරු අමාමෑණි බුදු පියාණන්වහන්සේගේ තෙමඟුල අද වැනි වෙසක් පොහොය දිනක සිදුවීම ලෝක වාසි බෞද්ධ ජනතාව සමරනු ලබයි. මෙවන් උතුම්වූ දිනයක ආමිෂ හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් ලෝකවාසි බෞද්ධ ජනතාව වෙසක් දිනය සමරන්නේ මහත් බැතියෙනි. බුදු රජාණන් වහන්සේට සියවතාවකට වඩා මේ ඔබට, අපහට අයත් පින් බිම දොහොත් මුදුන් දී පුජා කරතිබේ. මේ පින්බිම රැක ගැනීමට පෙළ ගැසෙමු! තිලෝගුරු අමා මෑණි ශාක්‍ය මුනි ගෞතම බුදුන් වහන්සේ සත් ධර්මය චිරාත් කාලයක් වැජබේවා!.


ඔබත් ඔබ සැමට බුදු සරණයි !!!

සුර්යවංශ දේශබන්දු දේශඅභිමානී සද්ධර්ම කිර්ති ශාසනාභිමනි රත්න විභූෂණ පාලිත ආරියරත්න
බෞද්ධ කටයුතු පිලිබඳ විශ්ලේෂක ‘ජාතික බෞද්ධ බලවේගය කැදවුම් කරු හා සභාපති, සිංහල බෞද්ධ ප්‍රතිපත්ති කේන්ද්‍රය නිර් මාතෘ සෙන්කඩගල සිංහ ද්වාරයේ සිට 2023-05-05