Mon. Jul 8th, 2024
Spread the News

අවුරුදු අටකට පෙර නවතාගත හැකිව තිබූ
සොහොන් ලකුණ


ලාංකික අයිසිස්‌ ත්‍රස්‌තවාදියාගේ හෙළි නොවු ඇත්ත

ගලේවෙල අයිසීස්‌ ත්‍රස්‌තවාදියා ගැන අලුත් කතා ඇසෙන්නේය. ඒ ඇසෙන කතා අසා රසවි`දින්නට නොවේ. අපට පෙනී පෙනී නොපෙනෙන බිහිසුණු යථාර්ථයක අවබෝධය ස`දහාය.

මෙතෙක්‌ කියෑවුණු කතාව

පසුගිය 13 වැනිදා සිරියාවේ අයිසීස්‌ ත්‍රස්‌තවාදීන්ට එල්ලවුණු ගුවන් ප්‍රහාරයකින් අබු සුරේනි සෙයිලානි නමැති ත්‍රස්‌තවාදියා මිය යන්නේය. ඔහුගේ මස්‌සිනා අබු දුෂානා සෙයිලානි ය. මේ තැනැත්තා ඉන්නේත් සිරියාවේය. අයිසීස්‌ සංවිධානයේම සාමාජිකයෙක්‌ බව කියන ඒ තැනැත්තාගේ නම අබු දිෂානා සෙයිලානිය. ඔහු සිය මස්‌සිනාගේ මරණය සම්බන්ධව සිය ෆේස්‌බුක්‌ අඩවියේ ස`දහන් කරන්නේය. ඊට මිය ගිය අබු ෂුරේනි සෙයිලානි මෙහෙයුමක යෙදී ඉන්නා ආකාරය දැක්‌වෙන වීඩියෝවක්‌ ද එක්‌ කරන්නේය.

මේ වීඩියෝව ෆේස්‌බුක්‌ වෙබ් අඩවිය ඔස්‌සේ සංසරණය වනවිට තිගැස්‌සෙන හ`දුනාගැනීමක වන්නේය. ගලේවෙල මොහමඩ් ෂර්ෆාස්‌ නිලාම් මුෂින් නැමැති බොහොම දක්‌ෂ ගුරුවරයෙක්‌ සිsටියේය. ඉංග්‍රීසි භාෂාවට අමතරව හෙතෙම ජනප්‍රිය කරාතේ ගුරුවරයෙක්‌ විය. ඉංග්‍රීසි, සිංහල, දෙමළ මෙන්ම උර්දු බස පිළිබ`දව හසළ අවබෝධයක්‌ සහිත ඔහු 2013 අවුරුද්දේ ගලේවෙලට එන්නේ ජාත්‍යන්තර පාසලක විදුහල්පතිවරයෙක්‌ ලෙසය. පාසල හිමිව තිබුණේ සමීර් හාඡ්ජියාර් නැමැති ව්‍යාපාරිකයෙකුටය. ඔහු එම පාසල ගලේවෙල හමීඩියා වෙළෝද සංකීර්ණයේ හතරවැනි තට්‌ටුවේ පවත්වාගෙන ගියේය.

ගුරුවරයා පදිංචි වන්නේ ගලේවෙල පට්‌ටිපොලය. ඔහු දරුවන් හය දෙනෙකුගේ පියෙකි. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා පකිස්‌තානයේ ඉස්‌ලාමාබාද් විශ්වවිද්‍යාලයෙන් ශර්යා නීතිය ගැන නීති උපාධිය දිනාගෙන සිටි ඔහුට ආගම දහම ගැන පැතිරුණු අවබෝධයක්‌ වූ බවට මුස්‌ලිම් බැතිමත්හු විශ්වාස කළහ. ඒ හින්දාම පට්‌ටිපොල මුස්‌ලිම් පල්ලියේ ඔහුට විශේෂ තැනක්‌ ලැබිණි. පල්ලියේ සෑම සිකුරාදා දිනකම දේව මෙහෙයක්‌ පවත්වන්නේය. මේ දේව මෙහෙය පැවැත්වීමට පෙර මව්ලවිවරයෙක්‌ විසින් දේශනාවක්‌ කරනු ලැබීම චාරිත්‍රයකි. අලුත් ඉංග්‍රීසි ගුරුවරයාට මේ දේශනය පැවැත්වීමේ අවස්‌ථාව ලැබෙන්නේය. ඔහුගේ දේශනය චතුරය. මුස්‌ලිම් සම්ප්‍රදාය හොබවන්නේය. දේශකයා ප්‍රසිද්ධියට පත්විය. මේ නිසාම ගලේවෙල මහ පල්ලියේ සිකුරාදා දේව මෙහෙයේ දේශනය පැවැත්වීමට ඔහුට ඇරයුම් ලැබුණේය. එවක්‌ පටන් ගලේවෙල මුස්‌ලිම් ඇත්තන් ඔහුව හ`දුනාගන්නේ නිලාම් මවුලවි ලෙසය. නිලාම් මවුලවි ගලේවෙලට එසේ මෙසේ කෙනෙක්‌ නොවීය. ඉස්‌ලාම් ආගම සම්බන්ධ ගැටලුවලට විස`දුම් දෙන්නේ කොළඹ මහ පල්ලියය. ඉස්‌ලාම් සම්ප්‍රදාය හා නීතිය පිළිබ`ද දැනට ලංකාවේ ඉන්නා විශිෂ්ටම උගතා ලෙස සැලකෙන්නේ රිස්‌වි මුප්ති ය. රිස්‌වි මුප්ති වෙත ඉදිරිපත් නොකර ස්‌වකීය ගැටලු නිලාම් මවුලවිට කියා විවරණය කරගැනීමට ගලේවෙල මුස්‌ලිම් ඇත්තෝ ප්‍රිය වූහ.

සමාජය දැන සිටි පරිදි ඔහු විසින් අගය කරනු ලැබුවේ සාම්ප්‍රදායික ශ්‍රී ලාංකේය මුස්‌ලිම් අනන්‍යතාවයයි. පසුගිය නිදහස්‌ සමරු උළෙල ගලේවෙල පල්ලියේදී සමරන ප්‍රධාන දේශකයා වූයේ නිලාම් මවුලවිය. ඔහු ගේ දේශනය හරවත් කර තිබුණේ සමෘද්ධිමත් ජාතියක්‌ ගොඩනැංවීම වූ ජාතික ඒකාබද්ධතාවයක වැදගත්කමිනි. බෙහෙවින්ම ප්‍රිය ජනක සමාජ ජීවිතයක්‌ ගතකරන නිලාම් මවුලවි පසුගිය දෙසැම්බරයේ පාසලෙන් නිවාඩු ගන්නට උත්සාහ කරන්නේය. ඒ මක්‌කම යන්නටය. එහෙත් එයට පාලන අධිකාරිය කැමැති වන්නේ නැති බව කියෑවෙන්නේය. ඔහු මක්‌කම ගිය බව කියා අතුරුදන් වන්නේ ඉන් පසුය.

අබු ෂුරේනි සෙයිලානි නැමැති අයිසීස්‌ ත්‍රස්‌තවාදියා මිය යන්නේ මේ අතරය. සෙයිලානි යන්නේ අරුත ලංකාවෙන් පැමිණි තැනැත්තාය යන්නය. සෙයිලානි ලෙස මියගොස්‌ තිබුණේ ගලේවෙල නිලාම් මවුලවිය. ගලේවෙල ප්‍රදේශය සැනසූ ආගමික නායකයා ය. අයිසීස්‌ ත්‍රස්‌තවාදීන්ගේ නිල ඇ`දුමින් සැරසී මෙහෙයුමක නිරත ආකාරයේ වීඩියෝව මෙන්ම ඔහුගේ මරණය ගැන දකින ගලේවෙල ඇත්තන්ගේ මතු නොව රටේ ලොකු ලොක්‌කන්ගේ ද කටේ කෙළ සි`දී ගියේය. ගලේවෙල නිලාම් මවුලවි ගැන කවුරුත් හොයන්නට ගන්නේ ඉන් පසුවය.

නුවර ජීවිතය

නිලාම්ගේ ගම නුවරය. නුවර වැරැල්ලගම කුරු`දුගොල්ල ප්‍රින්ස්‌ ලෑන්ඩ්හි ඔහු පදිංචිව සිsටියේය. වාර්තා වන ආකාරයට එම ස්‌ථානයට ඔවුන් පදිංචියට එනවිට ඔහුට යන්තම් අවුරුදු හතක්‌ පිරුණා පමණය. නිලාම්ගේ පියා ගලගෙදර නොතාරිස්‌ වරයාය. නම එම්.එච්.එම්.ආර් මොහමඩ්ය. අම්මා සරවාස්‌ය. නිලාම් මෙන්ම ඔහුගේ සොයුරාද ත්‍රිත්ව විද්‍යාලයීය ආදි සිසුන්ය. ඔහු මෙන්ම ඔහුගේ පවුලම අමුතු සැ`ගවුණු ජීවිතයක්‌ සහිත අය වූහයි කියෑවිණි. මෙය සනාථ වන ඉතා වැදගත් තොරතුරු මේ මොහොත වනවිට හෙළිවෙමින් තිබේ. නිලාම් උසස්‌පෙළ කරන්නේ 1996 අවුරුද්දේය. ඊට වසර දෙකක්‌ ගතවන විට එනම් 1998 වන විට ඔහුගේ පවුලම එක්‌වර උන්හිටිතැන් හැරදා කොළඹ එන්නේය. පදිංචි වන්නේ දෙහිවල ප්‍රදේශයේ බව කියෑවුණේය. කොළඹ දී ඔහු කරාතේ ගුරුවරයෙක්‌ ලෙස කටයුතු කරන්නේය. ඉස්‌ලාම් රාජ්‍ය නොවන සංවිධානයකට එක්‌වී වැඩ කරන්නේය. නුවරින් එක්‌වරම පවුල පිටින් අතුරුන් වීම පිළිබ`දව ඇතිවන සැකයත් මූලධර්මවාදයට නැඹුරු මේ රාජ්‍ය නොවන සංවිධානයට එක්‌වී කරන ක්‍රියාකාරකම් ගැන උපන් සැකයත් නිසා මීට වසර අටකට පෙර ඔහු පිළිබ`දව මහනුවර පොලිසිය විශේෂ විමර්ශනයක්‌ කරන්නේය. මෙම රාජ්‍ය නොවන සංවිධානය ක්‍රියාත්මක වෙමින් තිබුණේ ත්‍රිකුණාමලයේ ය. සැකය ඇති වී තිබුණේ නිලාම් හා ඔහුගේ සගයන් සිවු දෙනෙක්‌ ගැනය. ඔවුහු විටින් විටි අරාබි රටවලටත් ඉන්දියාවටත් විදේශගතව තිබුණහ. මේ අතර වර්ෂ 2002 හා 2004 කාලයේ ත්‍රිකුණාමලය ආශ්‍රිත මුස්‌ලිම් මූලධර්මවාදීන්ගේ හැසිරීම විශ්ලේෂණය කළ බුද්ධි වාර්තාවක්‌ නාවික හමුදා බුද්ධි අංශය විසින් සකස්‌කර තිබිණි. එම වාර්තාව විවිධ මුස්‌ලිම් මූලධර්මවාදී සංවිධාන 8 ක හැසිරීම පිළිබ`දව රාජ්‍ය බුද්ධි අංශයට වාර්තා කළේය. කෙසේ වෙතත් මහනුවර පොලිසිය වෙත පැවරුණු විමර්ශනය නිසි ලෙස කරගැනීමට හැකිව තිබුණේ නැත. ඔත්තුකරුවෝ එක්‌වර තොරතුරු ලබාදීම අත්හළහ. ඔප්පු කරගතහැකි කාරණා කිසිවක්‌ නැත යන පදනම මත විමර්ශනය මග නැවතිණි.

නිලාම් ගලේවෙලින් මතුවන්නේ නුවරින් අතුරුදන් වී අවුරුදු 15 කට පසුය. ඔහු කොළඹින් ගලේවෙලට හ`දුන්වා දෙන්නේ ඔහුගේ මිත්‍රයෙකි. ගලේවෙල සිටි සංක්‍රාන්ති කාලය තුළ ඔහු විසින් කළ රහස්‌ ක්‍රියාකාරකම් තවමත් හෙළිවන්නේ නැත. අනතුරුව එක්‌වරම ඔහු අතුරුදන් වන්නේය. වාර්තා වන ආකාරයට ඔහුත් ඔහුගේ පවුලේ දස දෙනෙකුත් තුර්කිය හරහා ඉරාකයට පැනගොස්‌ තිබේ. තුර්කි තානාපතිවරයා වාර්තාකර ඇති අන්දමට නිලාම්ගේ පියා හා මවද, බිරි`ද ද, ඒ කණ්‌ඩායමට ඇතුළත්ය. ඔහුගේ සගයන් දෙදෙනෙක්‌ ද දැන් රටින් පලාගොස්‌ ඇත.

රටක්‌ ලෙස අප අපෙන් විමසිය යුතු බොහෝ දේ ඉතිරිවී තිබේ. මොහමඩ් ෂර්ෆාස්‌ නිලාම් මූෂින් ගැන නොව දැන් කතාකළ යුත්තේ අබු සුරේනි සෙයිලානි නමැති ශ්‍රී ලාංකේය අයිසීස්‌ ත්‍රස්‌තයා පිළිබ`දවය. ඒ පෙළගැස්‌ම අපට අප ගැන යළි සිතන්නට පොළඹවයි.

මේ ත්‍රස්‌තවාදියාගේ මූලධර්මවාදී ක්‍රියාකාරකම් පිළිබ`දව මීට අවුරුදු නවයකට පෙර සැක පහළ වේ. ඒ ගැන මීට වසර 8 කට පෙර වාර්තා සැකසේ. තොරතුරු ඉතිරි නොකර ඔහු නුවරින් අතුරුදන් වේ. කොළඹ කුලී නිවසේ හා ඥාති නිවෙස්‌වල කල්ගත කරයි. ඒ අතර මූලධර්මවාදී විජාතික එන්.ජී.ඕ. එකකට සම්බන්ධ වේ. අධ්‍යාපනයට කියා පකිස්‌තානයට ගොස්‌ වසර කීපයක්‌ ගතකරයි. එහෙත් මේ රටේ බුද්ධි අංශවලට මේ පුද්ගලයා අරුමයකට මෙන් ම`ගහැරේ. ගලේවෙලින් මතුවන්නේ මේ සෙයිලානිය.

ගලේවෙලින් මතුවන සෙයිලානිට රස්‌සාව ලැබෙන්නේ විදුහලක විදුහල්පතිවරයෙක්‌ ලෙසය. ගෙදරට වැඩට එන සේවිකාවකගේ වුවද හැ`දුනුම්පතක පිටපතක්‌ තබා ගැනීමට යුහුසුලු වන මිනිසුන් සහිත රටක සෙයිලානිට විදුහල්පතිකමක්‌ භාර දෙන ව්‍යාපාරිකයා ඔහුගේ හැ`දුනුම්පතක පිටපතක්‌වත් තබා ගත්තේ නැත. ඔහු පාසලේ වැඩකළ කාලය තුළ වැඩ කටයුතු කළ බව කිව හැකි කිසිම ලිත සාධකයක්‌ ඉතිරි කර නැත. එසේ ඉතිරි නොකර අතුරුදන් වන සිය සේවකයා පිළිබ`ද පොලිසියක පැමිණිල්ලක්‌ කරන්නට පාසල හිමිකරුවන්ද කටයුතු කරන්නේ නැත. ඔහු කියන පරිදි මේ තැනැත්තා ඔහු හ`දුනාගන්නේ කොළඹ සිය මිතුරෙකු මගිනි. ඔහු පාසලක්‌ සෙයිලානිට භාර දෙන්නේ මිතුරාගේ වචන මාත්‍රයටය. මේ අතාර්කික කතාවල අග මුල විමසිය යුතුව තිබේ.

සෙයිලානි නමැති ත්‍රස්‌තවාදියා ගලේවෙල පදිංචිකරුවෙක්‌ නොවේ. ගලේවෙලට පැමිණ අවුරුදු දෙකක්‌ යනවිට ගලේවෙල මුස්‌ලිම් ජනයාගේ මතය හසුරුවා ගැනීමට හැකි චරිතයක්‌ බවට ඔහු පත්වේ. කරාතේකරුවෙක්‌ද වන මේ තැනැත්තාට විශාල සමාජ පරිසරයක්‌ නිර්මාණය කරදී ඔහු මවුලවි වරයෙකුගේ හා ඉස්‌ලාම් දහමේ අග්‍රප්‍රාප්තිකයෙක්‌ බවට පත්කරන්නේ පට්‌ටිපොල පල්ලිය හා ගලේවෙල මහ පල්ලිය විසිනි. පල්ලියක්‌ යනු ඕනෑම අනාථයෙකුට පැමිණ පිස්‌සුකෙළිය හැකි අම්බලම් නොවන බව එහි ආගමික නායකයන් සහතික කළ යුතුව තිබිණි. එය සිදුවූයේ නැත.

පෙළගැසෙන කාරණා අනුව තහවුරු වන්නේ සෙයිලානි නමැති මේ අයිසීස්‌ ත්‍රත්තවාදියා ගලේවෙලට පැමිණෙන්නේ කිසිත් නොදන්නා බබෙක්‌ ලෙස නොවන බවය. සෙයිලානි විදේශගතව අතුරුදන් වූ බව සැබෑය. එහෙත් ඔහුගේ නමින් විවෘත වුණු සµaරාස්‌ නිලාම් මූෂින්ගේ ෆේස්‌ බුක්‌ ගිණුම නිරන්තරයෙන්ම යාවත්කාලීන වූ බව පැහැදිලි වන්නේය. ඔහු මිය යන්නේ පසුගිය ජූලි 13 ය. ඔහුගේ අවසන් පළකිරීම සිදුවන්නේ ජූලි 8 වැනිදාය. ඒ අතර පසුගිය දෙමසක කාලය තුළ විටින් විට මියයන ඔහුගේ මිත්‍ර අයිසීස්‌ ත්‍රස්‌තයන්ගේ ඡායාරූප පළ කර තිබෙනු පෙනිණි. රටක ජාතික සංහි`දියාව ඇතිකිරීම ස`දහා බොදුබල සේනා වැනි සංවිධානවලට එරෙහිව ඇති වූ ජාතිවාදී විරෝධී ප්‍රගතිගාමී සංවාදය ඔහු ඉතා නිර්ලඡ්ජිත ලෙස මුස්‌ලිම් මූලධර්මවාදී අවශ්‍යතා අනුව භාවිත කර ඇති ආකාරය දැකිය හැකි විය. එක්‌ පළකිරීමක රටවල් 76 ක්‌ අයිසීස්‌ හා එක්‌ව සිටිද්දී ලංකාවේ එකෙක්‌වත් ඊට සම්බන්ධ නොවන්නේ කුමක්‌ නිසාදැයි විමසා තිබිණි.

මෙපමණ දෙයක්‌ වෙද්දී මේ රටේ බබ්බුන්ට සැකයක්‌ උපදවාගත හැකි තොරතුරක්‌ සෙයිලානි පිළිබ`ද ලබා ගන්නට හැකි වී නැත. අපේ මිල්ටරි බුද්ධි අංශ මේ වනවිට හොබවන්නේ කවුද?, ඔවුන්ගෙන් වැඩි ප්‍රතිශතය කුමක්‌ කරත්ද?, බුද්ධි විමර්ශනය ස`දහා ද්‍රවිඩ බස චතුර විය යුත්තේ කුමකට ද?, දැන් මේ කාරණා පිළිබ`දව සබුද්ධිකව සමාලෝචනය කිරීමට සුදුසු මොහොත එළඹී තිබේ. අප චිරාත් කාලයක්‌ ජීවත් වූයේ සංයමයෙන් හා සහෘදත්වයෙන් පිරුණු සහජීවනයට හුරු ශික්‌ෂිත මුස්‌ලිම් සමාජයක්‌ සමගය. ඔවුහු සිංහලය විචිත්‍ර කළහ. ඒ සහෘදත්වය නොමැතිව ලාංකීය වර්ණය සොයාගත නොහැකි තරමට ඔවුහු මේ ලාංකීය සමාජයට අනන්‍ය වූහ. මේ දුර්වර්ණ වන්නේ ඒ මියුරු වර්ණයන්හි හැඩතලය. ලෝකය ශිෂ්ටාචාරයේ මළගමට රැගෙන යන කාලකණ්‌ණි අර්ධ මනුෂ්‍යයන් පිරිසකගේ වියරුවේ බිහිසුණු සෙවනැලි සිංහල මුස්‌ලිම්වරුන් අතරින් උපදිනු ඇතැයි අප මොහොතකටවත් කල්පනා කළේ නැත. දැන් ඒ සොහොන් ලකුණු පහළ වී තිබේ. මනෝ විකෘතික සෙයිලානිලා තවත් මේ රටේ මුස්‌ලිම් සමාජයෙන් පහළ නොවනු දැකීම මේ රටේ ප්‍රාර්ථනාවය. එහි මූලික වගකීම ඇත්තේ මේ රටේ අප හා ජීවිතය බෙදාගත් ආදරණීය මුස්‌ලිම් සහෝදරවරුන්ගේ බව අපේ විශ්වාසය ය.

ජානක ලියනආරච්චි