Mon. Jul 8th, 2024
Spread the News

ජාතිවාදයට හා ආගමික ප්‍රචංඩත්වයට අපි ඉඳුරා විරුද්ධ වෙමු; ආගම් නාමයෙන් ජාතිවාදී ගිනිදැල් මතුවීමේ හේතු ඇතැම් ආගම් වල ආගමික කතෘ පාඨ ආගමික ග්‍රන්ථ වල දක්වා ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 ව්‍යවස්ථාවේ
“කිසිම තැනැත්ත්කු වද හිංසාවලට හෝ කෲර,අමානුෂික හෝ අවමන් සහගත සැලකිල්ලකට නැතහොත් දඩුවමකට යටත් නොකළ යුත්තේ ය.”
යනුවෙන් දක්වා ඇත. මුසල්මානුවන්ගේ ශුද්ධ ග්‍රන්ථය වන අල් කුර් ආනයේ 2වන පරිච්ඡේදය අල් -බකරා 190-192 . “අල්ලාහ්ගේ මාර්ගයෙහි( ඔබ යාම වලක්වා) ඔබට විරුද්ධ වූවන් සමග ඔබත් යුද්ධ කරනු .නමුත් ඔබ සීමාව ඉක්මවා නොයනු .මන්ද යත් නියත වශයෙන්ම අල්ලාහ් සීමාව ඉක්මවන්නන් ආදරය කරන්නේ නැත .එබැවින් (ඔබට විරුද්ධව යුද්ධ කිරිමට ඉදිරිපත් වූ) ඔවුන්ව දුටු තැන කපා දමනු. ඔබව (ඔබගේ රටින් ) ඔවුන් පිටමං කළ ආකාරයට ම ඔබත් ඔවුන්ව පිටමන් කර දමනු………. තවද අල්-බකරා 193 හි. “තවද (ඉස්ලාමයට විරුද්ධව කටයුතු කරන) ආරවුල (සම්පූර්ණයෙන්ම) පහ වී ධර්මය අල්ලාහ්ට අයත් යැයි ස්ථීර වන තුරු ඔවුන්ට විරුද්ධව යුද්ධ කරනු. නමුත් ඔවුන්(ආරවුල් නො කර) ඈත් වුවහොත් (ඔවුන්ගෙන්ද) අපරාධ කරන්නන් හැර,(අන් අයට වේදනා කර) සීමාව ඉක්මවා නො යනු.” තවද 2වන පරිච්ඡේදයේ අල් -බකරා 244.(විශ්වාසවත්තයිනි) ඔබ අල්ලාහ් මාර්ගයෙහි යුද්ධ කරනු. තවද අල්-කුර්ආන් 4වන පරිච්ඡේදයේ අන්නිසා 84-85.නබියේ ඔබ අල්ලාහ්ගේ මාර්ගයෙහි යුද්ධ කරනු මැනවි! ඔබ ,ඔබව හැර (වෙන කිසිවෙකුත් යුද්ධයට යන ලෙස) බල කිරිමට අවශ්‍ය නැත.(එහෙත්) විශ්වාසවත්තයින්ව (යුද්ධයට යන ලෙසට ) පොළම්වනු මැනවි….. 4 වන පරිච්ඡේදය අන්නිසා 89 “(විශ්වාසවන්තයෙනි,) ඔවුන් ප්‍රතික්ෂේප කරන්නන් බවට පත් වූ ආකාරයටම ඔබත් ප්‍රතික්ෂේප කරන්නන් බවට පත් වී(ඔවුන්ට) සමාන වීම කැමැති වන්නාහ. එබැවින් (තමන්ගේ) නිවෙස් අත්හැර දමා අල්ලාහ්ගේ මාර්ගයෙහි පිටත්ව යනතුරු, ඔබ ඔවුන්ව මිතුරන් බවට පත් කර නො ගනු. (නිවෙස් වලින් පිටමං වී යා යුතුය යන නියෝගය) ඔවුන් ප්‍රතික්ෂේප කර හැරිය හොත් දුටු තැන ඔවුන්ව (සිරකරුවන් බවට) අත් අඩංගුවට ගනු. (අත් අඩංගුවට පත් නොවී විරුද්ධව සටන් කරන්නන්ව) කපා දමනු. .තවද ඔවුන්ගෙන් කිසිවෙක් (ඔබට) මිතුරන් බවට, සහායයන් බවට පත් කර නොගනු. (මෙහි ප්‍රතික්ෂේප කිරීම යනු අල්ලාහ් හා අල්-කුර්ආනය ප්‍රතික්ෂේප කිරීමය.) අල්-කුර්ආනයේ 5 වන පරිච්ඡේදය අල් මායිදා 33,34. අල්ලාහ් සමගද, ඔහුගේ දූතයා සමගද, යුද්ධ කර අපරාධ කරමින් ද භූමියේ සැරිසැරූ අයට අයත් දඩුවම මෙයයි. (ඔවුන්ව) කපා දමනු ලැබිය යුතුය. නැතහොත් එල්ලා මරා දැමිය යුතුය. නැතහොත් මාරුවෙන් මාරුවට අත් පා කපා වෙන් කර දැමිය යුතුය. නැතහොත් (අත් අඩංගුවට ගෙන හිර කර තැබිය යුතුය.නැතහොත්) රටින් පිටවහල් කර දැමිය යුතුය.. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාවේ “ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුකස්ථානය පිරිනමන්නේ ය. එහෙයින් 10 වන ව්‍යවස්ථාවේ සහ 14වන ව්‍යවස්ථාවේ 1 වන අනු ව්‍යවස්ථාවේ (ඉ) ඡේදයෙන් සියලු ම ආගම් වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කීරීම රජයේ වගකීම විය යුත්තේ ය.” යනුවෙන් ව්‍යවස්ථා කර ඇත. මෙහි කියවෙන 14 .(1)(ඉ) ව්‍යවස්ථාව නම්
“14.(1) සෑම පුරවැසියකුට ම – (ඉ) එකලාව හෝ අන් අය හා සමග , ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව තම ආගම,ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමෙන්,පිළිපැදීමෙන් ප්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්‍රකාශ කිරීමේ නිදහසට ; හිමිකම් ඇත්තේ ය.”
යනුවෙන් දක්වා ඇත. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වන හා 09 වන ව්‍යවස්ථා වලින් කියවෙන 14 වන ව්‍යවස්ථාවේ (1)වන අනු ව්‍යවස්ථාවේ (ඉ) ඡේදය සමග අල්-කුර්ආනයේ ඉහත දැක්වූ කුර්ආන් පාඨ ගැටීමකට ලක් කරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විරෝධීව සිටී. අපරාධ නඩු විධාන සංග්‍රහයට (දණ්ඩ නීති සංග්‍රහයට) පටහැනිව පිහිටා ඇත. මෙය බරපතල පරස්පර -විරෝධී තත්වයකි. මනුෂ්‍ය ඝාතනය, පහර දීම ,බලහත්කාරකම, ආගමික වශයෙන් සමාජ ගත කිරීමකි. මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි. මෙය අනාගතයේ රටේ ජාතික ආරක්ෂාවට මානව සුරක්ෂිත භාවයට හා ආගමික සංහිඳියාවට තර්ජනයක් වනු නො අනුමාන ය. ඉහත දක්වා ඇත්තේ අල්-කුර්ආන් පාඨ කීපයක් පමණි. අල්-කුර්ආනයේ මෙවැනි හා මෙයට සමාන පාඨ තවත් ඇත. ලෝකයේ අති බිහිසුණු ත්‍රස්තවාදී සටන් ව්‍යාපාර අතර මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් වල සම්බන්ධතා විමසා බැලීමේදී. අයි.එස්.අයි.එස් සංවිධානය ISIS (Islamic State of Iraq and Syria) 2. බෝකෝ හරාම් Boko Haram (නයිජීරියාව) 3. තලිබාන් Taliban (ඇෆ්ගනිස්තානය ) 4.Lashkar-e-Taiba(පකිස්තානය )

  1. අල්කයිඩා සංවිධානය Al-Qaeda යන ත්‍රස්ත සංවිධාන මුස්ලිම් ආගමික අන්තවාදය පදනම වන අතර මුසල්මානුවන්ගේ “ශුද්ධ ග්‍රන්ථය” වන අල්-කුර්ආනය ඒ සදහා වස්තු බීජය සලසා ඇති බව අල් කුර්ආනයේ ඇතැම් වගන්ති තුලින් පැහැදිලි වනවා ඇත; මුස්ලිම් රාජ්‍ය හැර ලෝකයේ වෙනත් කිසිදු රටක් අල්-කුර්ආනයට තම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලය දී නැති වුවද එසේ බලය දී ඇත්තේ ශ්‍රී ලංකා ජනරජය පමණි. මෙය කිසිසේත් ම නො සලකා හැරීම කළ නො හැකි අතර රාජ්‍ය නායකයා ඇතුළු දේශපලනඥයින්, ව්‍යවස්ථා සම්පාදකයන් , නීති විශාරදයන් , ආගමික නායකයින් , සිවිල් ක්‍රියාකාරිකයන් මැදිහත් වී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධනයන් ගෙන ඒමට සාමාජ කථිකාවක් ඇති කිරීම නො වළහා කළ යුතු බව අවධාරණය කරමු. අපරාධ සංඛ්‍යාවට ගැනෙන කිසිදු දෙයක් ආගම් තුල තිබීම යුතු නො වන්නේ ය. අපරාධයක් වන හෝ අපරාධ සංඛ්‍යාවට ගැනෙන ක්‍රියාවකට අනුබල ලෙස පවතින හෝ රටේ මහජන සාමයට ,ජාතික සමගියට එරෙහිව යන ඉගැන්වීම් ,ප්‍රකාශ ,පාඨ, වගන්ති ,යම් ආගමක් තුල අන්තර්ගත ද ඒ ඉගැන්වීම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අපරාධ නීතියට පටහැනිව ,විරෝධීව පවතී. මේ පිළිබඳව රජය වහාම විධිමත් පියවර ගත යුතුය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන ව්‍යවස්ථාවේ
“ශ්‍රී ලංකා ජනරජය බුද්ධාගමට ප්‍රමුකස්ථානය පිරිනමන්නේය. එහෙයින් 10 වන ව්‍යවස්ථාවේ සහ 14වන ව්‍යවස්ථාවේ 1 වන අනු ව්‍යවස්ථාවේ (ඉ) ඡේදයෙන් සියලු ම ආගම් වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කීරීම රජයේ වගකීම විය යුත්තේ ය.” යනුවෙන් ව්‍යවස්ථා කර ඇත. මෙහි කියවෙන 14 .(1)(ඉ) ව්‍යවස්ථාව නම්
“14.(1) සෑම පුරවැසියකුටම – (ඉ) එකලාව හෝ අන් අය හා සමග , ප්‍රසිද්ධියේ හෝ පෞද්ගලිකව තම ආගම,ලබ්ධිය හෝ විශ්වාසය ඇදහීමෙන්,පිළිපැදීමෙන් ප්‍රගුණ කිරීමෙන් සහ ඉගැන්වීමෙන් ප්‍රකාශ කිරීමේ නිදහසට ; හිමිකම් ඇත්තේ ය.”
යනුවෙන් දක්වා ඇත
මෙම ව්‍යවස්ථාව අනුව රටේ සෑම පුරවැසියකුටම රටේ ජනතාව අදහන සියලු ආගම් හෑදෑරීමට, ප්‍රගුණ කිරිමට, කියවීමට විමර්ශනය කිරිමට අයිතියක් ඇත. එසේම එකී ආගම් රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට, ද එපමණක් නොව අපරාධ නඩු විධාන සංග්‍රහයට (දණ්ඩ නීති සංග්‍රහයට ) ද පටහැනිව ඉගැන්වීම් ,ක්‍රියා කාරකම් තිබේ ද යන්න විමසා බැලිමේ අයිතිය ද ඇති කර ඇත. එසේ කටයුතු කාලය ද එළම ඇත.

ආගමකින් සිදු විය යුත්තේ සදාචාරය ,හික්මීම, සාමය, සංහිඳියාව ඇති කිරීමට මග පෙන්වීම ය. ආගම් නාමයෙන් පෙනී සිටිමින් රටේ ජාතික සමගියට ,ආගමික අන්‍යොන්‍ය මිත්‍රත්වයට හා සංහිඳියාවට යම් ආගමිකයෙක් ආගමික කණ්ඩායමක් අකුල් හෙලන්නේ ද එයට හේතු වහා අධ්‍යයනය කළ යුතු ය. බුදුදහම( ත්‍රිපිටකය) , කිතු දහම (බයිබලය), මුස්ලිම් ආගම (අල්-කුර්ආනය) ,හින්දු ආගම (ත්‍රි වේදය හා හින්දු ආගමික ග්‍රන්ථ පිළිබඳව රටේ ව්‍යවස්ථා සම්පාදකයින් හා නීතිය බලගන්වන්නන් අධ්‍යාපන ප්‍රතිපත්ති හා විෂය නිර්දේශ සම්පාදකයන් (විශේෂයෙන් ඒ ඒ ආගමික දහම් පාසල් පැවැත්වීම හා පාසල් හා උසස් අධ්‍යාපනට විෂයන් ලෙස .භාවිතා කරන බැවින්) ,ජනමාධ්‍ය ක්ෂේත්‍රය හසුරුවන්නන් හා ජනමාධ්‍ය වේදීන් , රටේ රාජ්‍ය නායකයා ඇතුලු සියලු රාජ්‍ය ක්‍රියාකාරිකයන්, විසින් අවධානය යොමු කළ යුතු කාලය එළඹ ඇත. රටේ අපරාධ සංඛ්‍යාවට ගැනෙන අපරාධ නීතියෙන් අපරාධයක් වන කිසිදු දෙයක් හෝ ජාතික සමගියට, රටේ නීතිය හා සාමයට පටහැනිව පවතින කිසිදු දෙයක් ආගම් තුල නො තිබිය යුතුය. අපරායක් වන හෝ අපරාධ සංඛ්‍යාවට ගැනෙන ක්‍රියාවකට අනුබල ලෙස පවතින හෝ රටේ මහජන සාමයට ජාතික සමගියට එරෙහිව යන ඉගැන්වීම්, ප්‍රකාශ, පාඨ ,වගන්ති යම් ආගමක් තුල අන්තර්ගත ද ඒ ඉගැන්වීම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ,අපරාධ නීතියට පටහැනිව-විරෝධීව පවතී.

ඇතැම් ආගමික මූල ග්‍රන්ථ වල යුද්ධ කීරීමට, තම ආගමික මතය නො වන අන්‍ය ආගම් අදහන සියලු දෙනා කපා දමන ලෙස,තම ආගම් කතෘගේ මතය පමනක් රටේ ස්ථාපිත වන තුරු යුද්ධ කරන ලෙසද,එයට විරුද්ධ වූවන් දුටු තැන කපා දමන ලෙසද ,යටත් වූවන් තම ආගම වැළද ගැනීම කළ යුතු ලෙස ද නැතහොත් මරණයට පත් කිරීම හෝ රටින් පිටුවහල් කරන ලෙස ද කළ යුතු බව දක්වා ඇති බැවින් ද හිංසකාරී ප්‍රචංඩත්වය වපුරන බිහිසුණු අදහස් ව්‍යාප්ත කිරීම, ආගමික වශයෙන් ඉගැන්වීම හේතුවෙන් ද එකී ආගම්වාදීන් ලෝකයේ බලවත් ත්‍රස්තවාදී සංවිධාන වශයෙන්, අති බිහිසුණු යුද්ධ ,මනුෂ්‍ය ඝාතන, මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර, ලෝක සාමයට බාධා වන ලෙස රාජ්‍යයන් තුළ ව්‍යාප්තවාදයට ලක්කිරීම සිදු කර ගෙන යයි. අප රටේ අනාගතයේ ඔවුන්ගේ ගොදුරක් නොවීමට නම් එය වැළක්වීමට රටේ සියලු පුරවැසියන්ට ඒ සදහා වගකීමක් ඇති බව ද අවධාරණය කරමු.

-ආරියතිලක