Fri. Jul 5th, 2024
Spread the News

අයි.එස් සංවිධානය ජාතික තව්හිද් ජමාත් සහ කොටි සංවිධානයට සම්බන්ධ ත‍්‍රස්තවාදීන් හයදෙනකු ජාත්‍යන්තර පොලිසිය (ඉන්ටර්පෝල්) සහ ශී‍්‍ර ලංකාවේ ආරක්‍ෂක අංශ සිදුකළ ඔපරේෂන් ෆ්ලයිකැචර් මෙහෙයුමින් අල්ලාගෙන ඇත.

සිරියාවේ කි‍්‍රයාත්මකවන අයි.එස් ත‍්‍රස්ත සංවිධානයට සම්බන්ධ සැකකරුවකු අසුවූ මුල්වතාව මෙයයි.

රාජ්‍ය බුද්ධි සේවාව, රහස් පොලිසිය, විශේෂ කාර්ය බළකාය, ත‍්‍රස්ත මර්දන ඒකකය ඇතුළු ආරක්‍ෂක කාර්යාංශ 8ක් එකතු වී මෙම විශේෂ මෙහෙයුම දියත් කර තිබිණි.

පැරිස් නුවර ඉන්ටර්පෝල් ආයතනය මෙරට බලධාරීන් සමග එක්ව දියත් කළ මුල්ම මෙහෙයුම මෙයයි. මේ ත‍්‍රස්ත සංවිධාන ශී‍්‍ර ලංකාව තුළ කි‍්‍රයාත්මක බව ද ඉන්ටර්පෝල් ආයතනය හෙළිකර ඇත.

කීර්ති වර්ණකුලසූරිය

January 13, 2022- Divaina