Fri. Jul 5th, 2024
Spread the News

‘අයිලින්ගේ’ ජිනීවා මෙහෙයුම
source:
* ඇමරිකානු යෝජනාව පැය 24 කට පෙර ස්‌විස්‌ කොටින්ට ලැබිලා

* ඇමරිකානු රජය, කොටි ජාත්‍යන්තර ජාලය,
එන්.ජී.ඕ. සංවිධාන හා චැනල් 4 ජිනීවාහිදී එක්‌වේ

* ටැමිල් නෙට්‌ කොටි වෙබ් අඩවියට බාධා කිරීම හා කළු ජනවාරි එන්.ජී.ඕ. කණ්‌ඩායමට කොටුව දුම්රිය ස්‌ථානයේ විරෝධතාවක්‌ පැවැත්වීමට නොහැකිවූ බව කියමින් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක්‌ ගෙනඑන්නැයි ආර්. ඩබ්ලිව්. බී. සංවිධානය මානව හිමිකම් සමුළුවෙන් ඉල්ලයි

* චැනල් 4 – 2 මාර්තු 14 දා එළිදකී

* මානව හිමිකම් ශාලාවේ සිටි කොටින්ගේ ඡායාරූප ගැනීම ගැන නිදහස්‌ මාධ්‍ය ක්‍රියාකාරික ජාලයේ හිටපු ප්‍රධානියා වූ රංජි මල්ලි නමැත් කැරැලිකරුවාට ප්‍රශ්නයක්‌ වෙලා

“ද්‍රවිඩ ප්‍රජාවට යුක්‌තිය අවශ්‍යයි.
– ඇමරිකානු කොටි ඒජන්ත” විශ්වනාදන් රුද්‍රකුමාරන්

“යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශනයක්‌ ඕනෑ” – මන්නාරම් රදගුරු ප්‍රමුඛ කතෝලික පූජකවරු 31 ක්‌ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලති

ජිනීවා සමුළුවේදී නරි නාටක රඟදැක්‌වූ කොටි කල්ලිය කිරුබාහරන්, ගැරී ආනන්දසංගරී හා සුරේශ් සුරේන්ද්‍රන්
ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවාහිදී ක්‍රියාත්මක වූ
ඇමරිකානු තානාපතිනි අයිලින් ඩොනහෝ
ඇමරිකානු තානාපතිනියගේ ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළ ශ්‍රී ලංකා තානාපතිනිය තමාරා කුමානායගම්

නිලන් තිරුචෙල්වම්, සෑම් තම්බිමුත්තු, ලක්‍ෂ්මන් කදීර්ගාමර්, ඇතුළු ද්‍රවිඩ දේශපාලකයන් රැසක්‌ ප්‍රභාකරන් මිනීමරුවා විසින් ඝාතනය කරද්දී ඇමරිකානු කොටි ඒජන්ත රුද්‍රකුමාරන් යුක්‌තිය ඉල්ලා සිටියේ නැත. එසේම මන්නාරම සමීපයේදී මගීන් 76 ක්‌ රැගත් ලයන් එයාර් යානාව කොටි මිසයිල ප්‍රහාරයකින් විනාශ වෙද්දී රදගුරු රායප්පු ජෝශප් ප්‍රමුඛ පූජකවරු 31 දෙනා ජාත්‍යන්තර විමර්ශනයක්‌ අවශ්‍ය බවට මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේ වෙත සංදේශයක්‌ යෑව්වේ නැත. කොටි ත්‍රස්‌තවාදීහු විසින් විනාශ කළ ලයන් එයාර් යානාවේ සමහර මගීන්ගේ සිරුරු ධීවරයන් විසින් වළ දමා ඇති නිසා එම සිරුරු ගොඩගෙන පශ්චාත් විමර්ශනයක්‌ පැවැත්වීම සඳහා පොලිස්‌ අධිකාරිවරයකු රායප්පු ජෝශප් වෙතින් කළ ඉල්ලීමට ද ප්‍රතිචාරයක්‌ නොදැක්‌විණි. එදා ප්‍රභාකරන් අමු අමුවේ මානව හිමිකම් උල්ලංඝණය කරමින් යුද අපරාධ සිදු කරද්දී රායප්පු ජෝශප්ගේ මුව විවර වූයේ නැත.

මේ පසුබිම මැද ද්‍රවිඩ සන්ධානයේ නායක ආර්. සම්පන්දන් ද මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේ වෙත සංදේශයක්‌ යවමින් එල්ලවී ඇති යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් අන්තර්ජාතික විමර්ශනයක්‌ අවශ්‍ය යෑයි කියා සිටියේය.

රායප්පු ජෝශප් හා සම්පන්දන් මෙන්ම ආර්.එස්‌.එෆ්. නමැති විදෙස්‌ රාජ්‍ය නොවන සංවිධානය ද ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත හදිසි සංදේශයක්‌ යවමින් අදහස්‌ ප්‍රකාශ කිරීමේ නිදහස උල්ලංඝනය වන නිසා ශ්‍රී ලංකා රජය හෙළි දකිමින් යෝජනාවක්‌ සම්මත කරන්නැයි ඉල්ලීය.

මේ යෝජනාව යොමු කරමින් එකී එන්.ජී.ඕ. සංවිධානය පවසා ඇත්තේ “කළු ජනවාරිය” නමින් විරෝධතාවක්‌ පැවැත්වූ කණ්‌ඩායමට සිය විරෝධය පැවැත්වීමට නියමිත වූ ස්‌ථානයේදී එය දියත් කිරීමට නොහැකි වූ බවත්ය. එසේම ටැමිල් නෙට්‌ නමැති කොටි වෙබ් අඩවියට රජය බාධා කරන බවද එම සංවිධානය දක්‌වා තිබේ.

මෙම පසුබිම යටතේ මෙරට සැබෑ සතුරන් දැන් හෙළිවී තිබේ.

මේ වාතාවරණය මැද ශ්‍රී ලංකාවට එරෙහිව කොටි හිතවාදී කණ්‌ඩායම් ජිනීවාහි ස්‌ථානගතවී ලබන 23 දා වනතුරු පුන පුනා බලා සිටී. කැනඩාවේ ලෝයර්ස්‌ රයිට්‌ස්‌ වොච් නමැති ව්‍යාජ සංවිධානයක්‌ අටවාගත් ගැරි ආනන්ද සංගරී (වී. ආනන්ද සංගරීගේ පුත්) කොටි ජාත්‍යන්තර ජාලයේ 11 වැනියා වූ ටැමිල් සෙන්ටර් 4 හියුමන් රයිට්‌ස්‌ නමැති දෙදෙනකුට සීමා වූ සංවිධානය මෙහෙය වන විශ්වනාදන් කිරුබාහරන් නමැති යුද අපරාධකරු ද ගෝලීය ද්‍රවිඩ සංසදය හෙවත් ගෝලීය ත්‍රස්‌ත සංසදයේ ප්‍රධානී සුරේශ් සුරේන්ද්‍රන් ද රටින් පිටත ඊළාම් ආණ්‌ඩුවේ නියෝජිත මුහුන්දන් ඇතුළු හිතවාදීහු ජිනීවා මානව හිමිකම් සමුළුවට පැමිණියේ ලොව අංක එකේ යුද අපරාධකරු වූ ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත යෝජනාවට සහායවීමටය.

ශ්‍රී ලංකාවේ මාධ්‍ය ප්‍රභාකරන්ට මහත්තයා හා ගරිල්ලා නායකයා යෑයි පවසද්දී ප්‍රභාකරන් ජීවත්ව සිටියදීම ඔහුව ඝාතකයා ලෙස හැඳින්වීමට ක්‍රියා කළ මා රටේ සාමය ඇතිවීමට නම් ඝාතන කල්ලිය විනාශ කළ යුතු යෑයි කීවෙමු.

මේ තත්ත්වය මැද කිරුබාහරන්ලා, ගැරි හා සුරේන්ද්‍රන්ලා මානව හිමිකම් සමුළු ශාලාව තුළ උජාරුවෙන් හැසිරෙද්දී අපට සිනහ ගියේය.

මානව හිමිකම් ශාලාවේදී කිරුබාහරන් ඊ.පී.ඩී.පී. නායක ඩග්ලස්‌ දේවානන්දාට මාව පෙන්නුම් කර ඔහු මගේ ඡායාරූප ගන්නවා යෑයි පැවසීය. අපගේ ඡායාරූප ගන්නවා යෑයි පැවසීය.

මේ අතර රජයේ දූත කණ්‌ඩායම මෙහෙය වූ අමාත්‍ය මහින්ද සමරසිංහ ඇතුළු ඇමැතිවරුන්ගෙන් ප්‍රශ්න ඇසීමට කිරුබාහරන් අත ඔසවා කීපවිටක්‌ම උත්සාහ කළේය. එහෙත් කිරුබාහරන් පරදවා ගැරි ආනන්ද සංගරීට හා සුරේශ් සුරේන්ද්‍රන්ට ප්‍රශ්න ඇසීමට ඉඩ ලැබිණ. ගැරි ආනන්ද සංගරී නමැත්තා මුද්‍රිත ලිපියක තිබූ දේ ප්‍රකාශ කරන අවස්‌ථාවේ එය ප්‍රශ්න ඇසීමක්‌ නොවන නිසා නතර කෙරිණි. ඊළඟට ප්‍රශ්න ඇසුවේ සුරේශ් සුරේන්ද්‍රන් නමැත්තායි. ඔහුගේ ප්‍රශ්නය වූයේ ඩග්ලස්‌ දේවානන්දා ඡන්ද 25000 ක්‌ ලබාගත්තේ කෙසේද යන්නයි.

මේ අවස්‌ථාවේ පස්‌වැනි වතාවටත් කිරුබාහරන් අත එසවීය. ඔහු අත එසවීමෙන් වෙහෙසට පත්ව සිටියේය. උගත් පාඩම් කොමිසමේ නිර්දේශ රජය ක්‍රියා කරන්නේ නැතැයි චෝදනා නැඟූ කිරුබාහරන් රජයේ නියෝජිත කණ්‌ඩායම අතර සිටි ඩග්ලස්‌ දේවානන්දාට බැන වැදුනේය. මේ අවස්‌ථාවේ කිරුබාහරන්ට ආසන තුනක්‌ ඈතින් සිටි ඒෂියන් ටි්‍රබියුස්‌ වෙබ් අඩවියේ කර්තෘ කේ. පී. රාජසිංහම්ට ද කිරුබාහරන් විසින් බැන වැදුනේය.

රාජසිංහම් ද කිරුබාහරන්ට ප්‍රතිචාරය දක්‌වමින් නුඹ කට වහගනින් යෑයි දැඩි ලෙස කියා සිටියේය.

මේ කිරුබාහරන් නමැති කොටි හිතවාදියා අසුන්ගෙන සිටි මේසයේ ඉදිරිපස සිටියේ මුලතිව් රෝහලේ වෛද්‍ය ෂන්මුගරාජායි. ශන්මුගරාජා විසින් වන්නි මෙහෙයුමේ කොටි පැටිකිරිය හෙළි කරත්ම ගැරි ආනන්ද සංගරී, සුරේශ් සුරේන්ද්‍රන් හා කිරුබාහරන් දැඩි ලෙස කලබලයට පත්විණි. මම කාටත් බය නැහැ කියූ කිරුබාහරන් සිය බෑගය ද කරේ දාගෙන ශාලාවෙන් එළියට ගියේය.

විවේක කාලය තුළදී මේ කොටි ක්‍රියාකාරීහු තිදෙනාම වෛද්‍ය ශන්මුගරාජා සමීපයට ළංවී ඔහුට ඩිනර් පාටියකට එන්නැයි ඇරයුම් කළහ. ඊට ප්‍රතිචාරය දැක්‌වූ වෛද්‍ය ශන්මුගරාජා “ඔබලාගේ ඩිනර් පාටිය මට අවශ්‍ය නැහැ”යෑයි පැවසීය.

මේ අතර කාටත් බය නැහැ කිවූ කිරුබාහරන් සහ කැනඩාවේ සිට පැමිණි කොටි කෙල්ලන් විසින් එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක නිලධාරියකු ගොස්‌ “මා ඔවුන්ගේ ඡායාරූප ගන්නවා”යෑයි පැමිණිලි කරනු ලැබීය.

එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක නිලධාරියා පැමිණ කැමරාව ඉල්ලා සිටි නමුත් මා එය ප්‍රතික්‍ෂේප කළෙම්. “කරුණාකර එක්‌සත් ජාතීන්ට ගරු කරන්න”යෑයි ඔහු කීවේය. කොටි කෙල්ලක්‌ ද අපේ අයගේ ඡායාරූප ගත්තා. ශ්‍රී ලංකාවේ භාෂණයේ නිදහස නැතැයි ශ්‍රී ලංකාවට චෝදනා එල්ල කරද්දී එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් ශාලාව තුළත් භාෂණයේ නිදහස උල්ලංඝනය වෙනවා යෑයි මා ඔහුට කීවෙමි.

මෙහිදී ජිනීවා තානාපති කාර්යාල නිලධාරිනියක්‌ හා රජයේ දූත කණ්‌ඩායමේ නිලධාරීහු එක්‌සත් ජාතීන්ගේ ආරක්‍ෂක නිලධාරියාට ඡායාරූප පරීක්‍ෂා කිරීමට හිමිකමක්‌ නැතැයි ද අනිකුත් අයත් ඡායාරූප ගත් බවද කියා සිටියහ.

කෙසේ හෝ ඉතා ගෞරවාන්විතව කළ ඉල්ලීමක්‌ නිසා ආරක්‍ෂක නිලධාරියාවට කැමරාවේ සටහන්ව තිබූ දර්ශන පෙන්නුම් කළත් එහි කොටි හිතවාදීන්ගේ ඡායාරූප නොතිබූ බව ඔහුට සනාථ විය.

ශ්‍රී ලංකාවට එරෙහිව එක්‌ දොරක්‌ විවෘත කිරීමට යද්දී අපි දොරවල් දහයක්‌ විවෘත කරන බව කිරුබාහරන් ඇතුළු කොටි කණ්‌ඩායමට අමතක විය.


සෑම විටම සිය මුහුණ වසාගත් මේ ස්‌විස්‌ කාන්තාව කවුද?

අද අප ආරක්‍ෂක විශේෂාංගයේ පළ වන්නේ එම ඡායාරූපයි. මේ අතර මානව හිමිකම් සමුළු ශාලාවේ විටින් විට මුහුණ වසාගත් ස්‌විස්‌ කාන්තාවක්‌ ද විය. ඇය කවුරුන් ද යන්න හෙළි විය. ඒ මෙරටින් ජිනීවා වෙත පැන ගිය ෙද්‍රdaහියකුගේ ස්‌විස්‌ බිරියයි.

මානව හිමිකම් සමුළු ශාලාවේදී බ්‍රිතාන්‍යයේ සිට පැවැති ඩග්ලස්‌ වික්‍රමරත්න විසින් කිරුබාහරන්ගේ “ඩොලර්” සෙල්ලම ද හෙළි කළේය. “නුඹ ජිනීවා එන්න එපා. මා මුදල් දෙන්නම් යෑයි කිරුබාහරන් පැවසුවා” යෑයි දිගු කලක්‌ තිස්‌සේ බ්‍රිතාන්‍ය කොටි සමග යුද වදින ඩග්ලස්‌ වික්‍රමරත්න කියා සිටියේය.

ඩග්ලස්‌ වික්‍රමරත්නගෙන් පසු ඇමනෙස්‌ටි ඉන්ටර්නැෂනල් සංවිධානයේ සොලන්ඩා පෝස්‌ටර් නමැත්තිය වෙත ඔස්‌ටේ්‍රලියාවේ පදිංචි මාධ්‍යවේදියකු වූ මහින්දපාල විසින් චෝදනාවක්‌ එල්ල කළේය.

“කැනඩා කොටි නුඹලාට ඩොලර් 50,000 ක්‌ දුන්නා නේද”යෑයි ඔහු ප්‍රශ්න කළත් සොලන්ඩා පෝස්‌ටර් ඊට ප්‍රතිචාරය දැක්‌වූයේ නැත. මේ සියලු ගැටීම් අතරේ ස්‌විස්‌ කොටි වෙබ් අඩවිය මෙහෙය වන ශ්‍රී කුගන්ගේ නියෝජිතයා සිය වීඩියෝ කැමරාව සූක්‍ෂම ලෙස ක්‍රියාත්මක කර තිබිණි. ශ්‍රී කුගන් යනු ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී ශ්‍රීධරන්රගේ සොහොයුරායි.

රජයේ ඇමැතිවරුන් ජිනීවා එන විට ස්‌විස්‌ කොටි ජාලය හා යුරෝපා කොටි ජාලය එක්‌ව සිය බුද්ධි ක්‍රියාදාමය ද ආරම්භ කර තිබිණි. මේ බුද්ධි සේවාව මැදියම් රාත්‍රිය දක්‌වා ක්‍රියාත්මක විය.

එහි අරමුණ වූයේ රජයේ ඇමැතිවරුන්ව හමුවීමට එන කොටි විරෝධීන්ව හඳුනා ගැනීමයි. මුත්තයියා අජීවන් යනු කොටි බුද්ධි ක්‍රියාකාරියෙකි. ඔහු කළු තොප්පියක්‌ හා ශීතලට ඔරොත්තු දෙන දිගු කබායක්‌ හැඳ ඇමැතිවරුන් සිටි හෝටලයේ සැරිසරමින් සිටියේය. එහෙත් අජීවන් කවුදැයි කොටි විරෝධීහු හඳුනා ගත්හ. හෝටලයේ සිටි ආරක්‍ෂක නිලධාරීහු විගස ඔහුව පිටමං කිරීමට ක්‍රියා කළහ.

මේ අතර ගැරි ආනන්ද සංගරී නමැත්තා මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලෙයි වෙත දුක්‌ගැනවිල්ලක්‌ යොමු කරමින් වෙනත් වසරවල එන්.ජී.ඕ. අය රැසක්‌ එනවා. මේ පාර පැමිණීම අඩුවෙලා යෑයි දක්‌වා ඇත. මෙයට සමානව ජිනීවාහිදී විදේශ තානාපතිවරුන් සමග පැවැති සාකච්ඡාවකදී නෝර්වේ තානාපතිවරයා පැමිණිල්ලක්‌ කරමින් එන්.ජී.ඕ. සංවිධානයකට ජිනීවා වෙත ඒම සඳහා ශ්‍රී ලංකා රජය ඉඩදී නැතැයි දන්වා ඇත.

“එන්.ජී.ඕ.වලට වීසා දෙන්නේ අපි නොවෙයි. ස්‌විස්‌ තානාපති කාර්යාලයයි. ඒ අයගෙන් අහන්න”යෑයි මහින්ද සමරසිංහ ඇමැතිවරයා ප්‍රතිචාරය දැක්‌වීය.

ජිනීවාහි ඇමරිකානු යෝජනාව පසුබිමේ දියත් වූ කොටි නාටකය තවදුරටත් දිගින් දිගටම ක්‍රියාත්මක විය.

යුක්‌තිය සඳහා ඇවිදීම නමින් හඳුන්වා ගත් කොටි කණ්‌ඩායමක්‌ පසුගිය 5 වැනිදා ජිනීවාහි මානව හිමිකම් කොමසාරිස්‌ නවි පිල්ලේගේ නිවස වෙත ගොස්‌ ශ්‍රී ලංකාවට එරෙහිව සංදේශයක්‌ භාර දුන්හ. එම කොටි සංදේශයෙන් නවි පිල්ලේව රැවටීමට උත්සාහ කර තිබිණි.

එහි මෙසේ සඳහන් විය.

“ශ්‍රී ලංකාවේ රජය හැට වසරකට අධික කාලයක්‌ තිස්‌සේ ඊළාම් දේශයට එරෙහිව යුද අපරාධ සිදු කළා. ජාත්‍යන්තරය කෙරේ අවසන් වරටත් විශ්වාසය තබමින් අපි අද එක්‌වී ඇත. අත්අඩංගුවේ සිටින සියලු දෙනාත්, ඊළාම් දේශයෙන් සිංහල හමුදාව ඉවත් කරන ලෙසත් සිංහල ආණ්‌ඩු ද්‍රවිඩයන්ව සමූල ඝාතනය කිරීම ගැනත්, ද්‍රවිඩ නිජබිම පිළිගන්නා ලෙසත් එසේම උතුරු නැගෙනහිරට ජනමත විචාරණයක්‌ පැවැත්වීම සඳහාත් පියවර ගන්නා ලෙසත් අපි ඉල්ලා සිටින්නෙමු.”

මේ අතර පසුගිය සඳුදා ජිනීවාහි එක්‌සත් ජාතීන්ගේ මූලස්‌ථානය ඉදිරිපිට තවත් විරෝධතාවක්‌ පැවැත්විණි. මේ විරෝධතාවේදී මියගිය කොටි ත්‍රස්‌තයන්ව සැමරීමේ ස්‌මාරකයක්‌ ද ඉදිකර තිබිණි.

රාජ්‍ය නායකයන්ට අවමන් වන අන්දමේ පුවරු ප්‍රදර්ශනය කිරීමට ඉඩ නොදෙන නමුත් ශ්‍රී ලංකාවේ ජනාධිපති ඇතුළු දේශපාලකයන්ට අවමන් වන අන්දමේ පුවරු කොටින් විසින් ප්‍රදර්ශනය කරද්දී ස්‌විස්‌ පොලිසිය බලා සිටියේය. ජිනීවා මානව හිමිකම් සමුළුවට ජිනීවා ජාත්‍යන්තර බෞද්ධ විහාරාධිපති තවලම ධම්මික නාහිමි හා සුජාත හිමි ද සහභාගි විය. ධම්මික හිමියෝ අමාත්‍ය මහිනද සමරසිංහ මහතාගේ අතේ පිරිත් නූලක්‌ බැඳ පිරිත් කීවේය. මානව හිමිකම් සමුළුවකදී මුල්වරට පිරිත් කී අවස්‌ථාව මෙය”යෑයි සමරසිංහ මහතා කියා සිටියේය.

මෙවන් තොරතුරු හෙළිවෙද්දී යාපනයේ උදයන් පුවත්පතේ හිටපු කර්තෘ කුනනාදන් සහ වාර්තාකරුවකු වන කවිහරන් නමැත්තන්ට ස්‌විට්‌සර්ලන්ත රජය දේශපාලන රැකවරණ දී ඇතැයි හෙළි විය.

කවිහරන්ට ප්‍රහාර එල්ල කළේ ඔහු ළඟ ටියුෂන් ලත් තරුණියකගේ සොහොයුරන්, කුහනාදන්ට පහර දුන්නේ යාපනය නගර සභාවේ දේශපාලකයෙක්‌. නමුත් එම ප්‍රහාර ගැන මටත් රජයටත් චෝදනා එල්ලවුණා යෑයි අමාත්‍ය ඩග්ලස්‌ දේවානන්දා කියා සිටියේය. බ්‍රිතාන්‍යයේ චැනල් 4 රූපවාහිනිය ද ජිනීවා කොටි නාටකය වෙත මෙම 14 වැනිදා රාත්‍රි 10.55 ට සම්බන්ධ වේ. මෙවර චැනල් 4 රූපවාහිනිය ද ජිනීවා කොටි නාටකය වෙත මෙම 14 වැනිදා රාත්‍රි 10.55 ට සම්පන්දන් මෙවර චැනල් 4 රූපවාහිනිය ඉදිරිපත් කරන්නේ රජයේ හමුදාව වයස 12 ක්‌ වූ දරුවකු ඝාතනය කරන බවට හා සිවිල් වැසියන්ව මරණ බවට සාවද්‍ය දර්ශනයි.

චැනල් 4 – 2 වැනි චිත්‍රපටයේ සහායට එක්‌සත් ජාතීන්ගේ දරුස්‌මාන් කණ්‌ඩායම ද එක්‌වී සිටී. මෙම දරුස්‌මාන් කණ්‌ඩායම මාර්තු 2 වැනිදා ප්‍රකාශයක්‌ කරමින් ඇමරිකානු යෝජනාව ප්‍රමාණවත් නැති බවත් ශ්‍රී ලංකාවට එරෙහි යුද අපරාධ චෝදනා ගැන විමර්ශනය කිරීමට ජාත්‍යන්තර යාන්ත්‍රණයක්‌ අවශ්‍යව ඇතැයි ද දක්‌වා ඇත.

මේ අතර පසුගිය බදාදා (7 වැනිදා) සවස ඇමරිකාව ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාව සභාගත කළේය. ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනයවීම ගැන රජයේ කොමිසමේ අවධානය යොමුවී නැහැ. එම කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට ක්‍රියාශීලී සැලැස්‌මක්‌ ඉදිරිපත් කළ යුතුයි. එසේම එකී නිර්දේශ ඉටු කිරීමට මානව හිමිකම් කවුන්සිලය සපයන උපදෙස්‌ හා තාක්‍ෂණික සහාය ශ්‍රී ලංකා රජය පිළිගත යුතුයි. ඊට අදාළ වාර්තාවන් 22 වැනි මානව හිමිකම් සමුළුවට යොමු කළ යුතු”යෑයි ඇමරිකානු යෝජනාවේ දැක්‌විණ.


ඇමෙරිකානු යෝජනාව මාර්තු 07 වැනිදා ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට
ඉදිරිපත් කරන බව කොටි ජාලය දැනසිටි බවට මෙන්න සාක්‍ෂි

මේ යෝජනාව සභාගත කිරීමට පැයකට පෙර එය ස්‌විස්‌ කොටි වෙබ් අඩවියට ලැබී තිබිණි. මෙම ඇමරිකානු යෝජනාව ඉදිරිපත් කිරීමට පෙර එනම් පසුගිය සඳුදා රාත්‍රි ජිනීවාහි ඇමරිකානු තානාපතිනිය වූ අයිරින් ඩොනහෝ ශ්‍රී ලංකා තානාපතිනි තමාරා කුමානායගම් අමතා ඊට එකඟවන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප විය.

“ශ්‍රී ලංකාව අපේ කීම අහන්නේ නැහැ. අපි යෝජනාව ගේනවා. එය සම්මත කරගන්නවා”යෑයි අයිලින් ඩොනහෝ කියා සිටියාය. මේ යෝජනාව ගැන කොටි සංවිධාන සිය ප්‍රසාදය පළ කර ඇත.

මේ අතර ඇමරිකානු යෝජනාව ගැන 23 වැනිදා ඡන්ද විමසීම පැවැත්වීවේ. එදින සතුරන් කවුද මිතුරන් කවුද යෑයි හෙළිවේ.

කීර්ති වර්ණකුලසූරිය