Fri. Jul 5th, 2024
Spread the News

re9 2ඇතැමුන් ජාතිවාදය වපුරනවා යෑයි කියුවත්

උතුරේ හා නැගෙනහිර දෙමළ ජනතාවට ත්‍රස්‌තවාදීන් විසින් අහිමි කර තිබූ ප්‍රජාතන්ත්‍රවාදය යළිත් ඔවුන්ට හිමිකර දුන්නේ මහින්ද රාජපක්‌ෂ ජනාධිපතිතුමායි. ත්‍රස්‌තවාදීන් පරාජය කිරීමෙන් පසු ඔවුන්ට අහිමි වී තිබූ ඡන්ද බලය යළි ඇතිකර දී ඔවුන්ගේම පාලනයක්‌ ඇතිකර ගැනීමට අවශ්‍ය දේ සිදුකර සංහිsඳියාව යළි ඇතිකළේ මහින්ද රාජපක්‌ෂ මහතා යෑයි හිටපු ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ මහතා පැවසීය.

වයවස්‌ථා සංශෝධනය පිළිබඳ ඝණඳුර දුරලන කතිකාවත, අඳුරින් එළියට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා අර්බුදය යන තේමාව යටතේ අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි ගෝල්ඩන් මැන්ගෝ උත්සව ශාලාවේ පැවති සංවිධානයේ අනුරාධපුර දිස්‌ත්‍රික්‌ කතිකාවතට එක්‌වෙමින් හෙතෙම මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌ වූ ගෝඨාභය රාජපක්‌ෂ මහතා මෙසේ ද පැවසීය,

එහිදී ලක්‌ෂ තුනක ද්‍රවිඩ ජනතාව ත්‍රස්‌තවාදීන්ගෙන් මුදාගෙන ත්‍රස්‌තවාදීන් 12,000 පුනරුත්තාපනය කර සමාජ ගත කළා. ඇතැම් දේශපාලකයන් මෙම සංවිධානය හරහා ජාතිවාදය පතුරනවා යෑයි චෝදනා නඟනවා. එහෙත් මේ සංවිධානය තුළින් කරන්නේ එදා යුද්ධයෙන් බෙදන්නට බැරි වූ රට අද ව්‍යවස්‌ථාවෙන් බෙදීමට දරන උත්සාහය පරාජය කිරීමටයි. ව්‍යවස්‌ථාවේ ඒකීය යන වචනය පමණක්‌ තිබී වඩක්‌ නෑ. එහි ඒකීය ලක්‌ෂණ තිබිය යුතුයි.

යුද්ධයෙන් පසු අවතැන් ජනතාව ලක්‌ෂ තුනක්‌ කෙටි කාලයත් තුළ නැවත පදිංචි කළා. පාරවල් දුම්රිය මාර්ග ඉදිකළා. අපි සංහිඳියාව ඇතිකළේ බලය බෙදීමෙන් නොවේ. එම ජනතාවට ත්‍රස්‌තවාදීන් අහිමි කළ සියලු දේ ලබාදුන්නා. එහෙත් දමිළ දේශපාලකයන් නිසා එය සාර්ථක වුණේ නෑ.

මහාචාර්ය මැදගොඩ අභයතිස්‌ස හිමියන්, බුද්ධශ්‍රාවක භික්‌ෂු විශ්වවිද්‍යාලයේ හිටපු කතිකාචාර්ය පොතානේ ධම්මානන්ද, උතුරු හා උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝනායක අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරාධිපති නුගේතැන්නේ පඤ්ඤානන්ද නාහිමිවරුන් ප්‍රධාන මහා සංඝරත්නය හා අන්‍යාගමික පුජකයන් මෙම අවස්‌ථාවට එක්‌ව සිටියහ.

අනුරාධපුර දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ, එස්‌. එම්. චන්ද්‍රසේන, එස්‌. සී. මුතුකුරාරණ, උදය ගම්මපිල, ජී. එල්. පීරිස්‌, රියර් අද්මිරාල් සරත් වීරසේකර, උතුරු මැද පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්‌. එම්. රංජිත් සමරකෝන්, හිටපු අමාත්‍යවරුන් වන එච්. බී. සේමසිංහ, කේ. එච්. නන්දසේන, හිටපු සභාපති ටී. එම්. ආර්. සිරිපාල, මන්ත්‍රීවරුන් වන කේ. පී. එස්‌. කුමාරසිරි, කල්‍යාණී කරල්ලියද්ද, ගමගේ වීරසේන, උපාලී විෙ-කෝන්, පී. බී. කුමාර, අබ්දුල් හුසේන්, අනුරාධපුර මහා නගර සභාවේ හිටපු නගරාධිපති එච්. පී. සෝමදාස යන මහත්වරුන් ඇතුළු අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයේ සියලුම ප්‍රාදේශීය සභා නියෝජනය කරමින් හිටපු මන්ත්‍රීවරුන් රැසක්‌ මෙම අවස්‌ථාවට එක්‌වූහ.

නොච්චියාගම – එම්. එම්. පී. ජී. පෙරේරා