Wed. Jul 3rd, 2024
Spread the News
Picture Courtesy watpahnanachat.org

මේ සම්බන්ධයෙන් අප මීට වඩා ගැඹුරට යා යුතුයි.

බුදුදහමින් කියා දුන් නිසාම නොව, ලෝක ස්වභාවයට අනුව මුළු විශ්වයේම පැවැත්ම රඳා පවතින්නේ හේතු ඵල දහම අනුවයි.

එය තේරුම් ගැනීමට ග්‍රහලෝක තරණයක් අවශ්‍ය නැහැ.

බුදුන් වහන්සේ එක්තරා භික්ෂුවකට කමටහනක් දුන්නා (රජස් ගැනීම) පිරිසිදු තුවායක් දිගින් දිගටම පිරිමදින්න. එම ස්පර්ශය තුළින් පිරිසුදු තුවාය කිළිටි වුණා. හේතුව සහ ඵලය අතර තිබෙන ඒකායන සහසම්බන්ධතාවය
වචනයෙන් කරන පැහැදිලි කිරීමක් තුළින් නොව ප්‍රායෝගිකව විඳගත හැකි සරල උදාහරණයකින් බුදුන් වහන්සේ එය ඔප්පුකර පෙන්නුවා.

මිනිසුන් බොහෝ විට අමාරුවේ වැටෙන්නේ අනවශ්‍ය දැනුම් සම්භාරයක් එදිනෙදා ජීවිතයට ආරෝපණය කරන්න යෑමෙන්.

ජීවිතය බොහෝ විට සැනසීම ලබන්නේ නිසංසල තාවය, සරල බව හා ලද දෙයින් තෘප්තිමත් වීම තුළින්.

අපි අල්ලා ගැනීමට බැරි දේවල්ම අල්ලා ගැනීමට වෙහෙසෙමු.

– එඩ්වර්ඩ් –
22.03.2023