Wed. Jul 3rd, 2024
Spread the News
SERD Bandaranayake & S.J.V. Chelvanayagam

මාධවන් නම්වූ දමිළ තරුණයෙක් වර්තමාන ඛේදවාචකය පිළිබඳව සමාජ මාධ්‍ය ජාලා වට සිංහල භාෂාවෙන් ලියා තිබුණු කදිම සටහනක් වෙනුවෙන් මා දුන් ප්‍රතිචාරය පහත පළවේ.


මාධවන්, ඔබ සැබෑ මහත්මයෙක්.
ඒ වගේම රටේ සිංහල බහුතරයට තවමත් නොවැටහුන දෙයක් ඔබ වචන කිහිපයකින් පවසා තිබෙනවා.

S.J.V. Chelvanayagam නැමැති, දමිළ ගෝත්‍රවාදයෙන් හා ක්‍රිස්තියානි ආගමික උන්මාදයෙන් පෙළුණු එංගලන්තයෙන් ලැබුණු ආචාර්ය උපාධියක්ද ඇතිව
ඔහු විසින් 40 දශකයේ අග භාගයේ ඉන්දියාවේ පළ කරන ලද කුඩා පොත් පිංචක මෙසේ ලියා තිබුණා.

“අනාගත ලංකාවේ ජීවත් වන දමිළ දූපුතුනේ!
ද්‍රවිඩ භාෂාව යනු මේ ලෝකයේ තිබෙන සුන්දරම භාෂාවයි. අප මව් භාෂාවේ හතුරන් මෙම භාෂාව විනාශ කර දැමීමට සෑම උත්සාහයක්ම දරනවා.

අපගේ මෙම උතුම් භාෂාව රැකගැනීම සඳහා අන්තිම ලේ බිඳුවත් හෙළන්න සූදානම් වෙයල්ලා!”

(උපුටා දැක්වීම අවසන්…)

උතුරු-නැගෙනහිර වේවා වතුකරයේ වේවා ජීවත්වෙන දමිළ මිනිසුන්ගේ ජීවිත දකුණේ ජීවත් වන මිනිසුන්ගේ ජීවිත වගේම සදාකාලික අරගලයක්.

ශ්‍රී ලංකාව තුළ ජීවත්වන සමස්ත ජනතාවගේ දිළිඳු බවට හේතුව දකුණ මෙන්ම උතුර සහ නැගෙනහිරත් ගිලගනිමින් තිබුණු ගෝත්‍රවාදී ජඩ දේශපාලනය හා ආගමික උන්මාදයයි. එය අවසන් කර ගැනීමට ජනතාව දැනුවත් කිරීම වෙනුවට චෙල්වනායගම් නැමැති පටු ආගමික ගෝත්‍රවාදියා ඒ කාලයේම තරුණ ජනතාවට වෛරී දේශපාලනය කියාදුන්නා.

ඊළඟ පරම්පරාවේ ගෝත්‍රවාදීන්වූ උතුරේ ප්‍රභාකරන් යටතේ සිංහල බෞද්ධයන්ට හා උතුරේ දෙමළ හින්දු භක්තිකයින්ට එරෙහිව ත්‍රස්තවාදී කුරිරු යුද්ධයක් ආරම්භ කිරීමට ඇන්ටන් බාලසිංහම් වැනි දුෂ්ටයින්ට මේ කටයුත්තට ආශිර්වාද කළේ කවුද?


චෙල්චෙල්වනායගම් ට එංගලන්තයෙන් ලැබුණු ආචාර්ය උපාධියක් මෙන්ම පල්ලියෙන් ලැබුණු කතෝලික ආගමත් උරුම වී තිබුණි.
ඇන්ටන් බාලසිංහම් ටත් බටහිර රටකයින් ලැබුණු ආචාර්ය උපාධියක් සමග පල්ලියෙන් ලැබුණු කතෝලික ආගම ආශිර්වාදයක් වී තිබුණි.

බටහිර රටවල් වල මිනිසුන් කතෝලික ආගම ඉතාමත් විනයගරුකව හා ශික්ෂාකාමී ව අදහන විට වතිකානුව විසින් ඒ ආගමම දුප්පත් රටවල් වලට උරුම කළේ ජන කොටස් අතර බේද ඇති කිරීමට, එකිනෙකා ඇණකොටා ගැනීමට හා සාම්ප්‍රදායික ස්වදේශීය ආගම් අත්හැර ක්‍රිස්තියානි ආගම වැලඳගැනීමට පොලඹවන සමාජ-ආර්ථික හා දේශපාලන වාතාවරණයක්.

ප්‍රභාකරන්ගේ පවුලේ අයත් බෞතිස්ම කර, ප්‍රභාකරන් යනු යේසුස් වහන්සේ නැවත ඉපදීමක් යයි ලෝක ක්‍රිස්තියානි ප්‍රජාවට ඒත්තු ගැන්වීමට ගත් දුෂ්ට ප්‍රයත්නය තාවකාලිකව හෝ නිමා වූයේ තිස් වසරක් තිස්සේ පවත්වාගෙන ගිය උතුරේ ම්ලේච්ඡ ත්‍රස්තවාදය පරාජය කිරීමෙන්.

යුද්ධය අවසන් වූ 2009 වසරේ මැයි මාසයේ දිනක එවකට කොළඹ කතෝලික සභාවේ ප්‍රධානී ඔස්වල්ඩ් ගෝමිස් අගරදගුරු පැවසුවේ යුද්ධය අවසන් වූවත් ත්‍රස්තවාදය අවසන් නොවුනු බවයි.

කට බොරු කිව්වත් දිව බොරු නොකියන නිසා ත්‍රස්තවාදය ආරම්භ කළ පිරිසට ම පමණයි එවැනි අනාවැකියක් කිව හැකිව තිබුණේ.

ඒ කතාව නිවැරදි බව මිය නොගිය දමිළ ත්‍රස්තවාදයට අදටත් උඩගෙඩි දෙමින් සිටින දමිළ ඩයස්පෝරාවේ නායකයා කතෝලික දමිළ පූජකයෙක් වූ ඉමෑනුවෙල් පියතුමා වීමෙන් පැහැදිලි වෙනවා. මෙතැන ඇත්තේ ආගමික ප්‍රශ්නයක් නොව ජඩ දේශපාලනයට පිරිහුණු ආගමික සදාචාරය කාන්දුවීමක්.

(මේ ලිපිය කියවන බෞද්ධ විරෝධී ආගමික කණ්ඩායම් වල මුර බල්ලන්ගේ බුරන හඬින් කලබල නොවන ලෙස සැදැහැවත් කතෝලික බැතිමතුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.)

– එඩ්වර්ඩ් –

28.03.2023