Wed. Jul 3rd, 2024
Presidential Secretariat Office
Spread the News

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන.

අනාගත ජනාධිපතිවරයා තෝරා ගන්නා ජනතාව අනාගත ජනාධිපති ලේකම්වරයා කවුද යන්නත් දැන සිටීම වැදගත් වන අතර, ජනාධිපතිවරයා කෙතරම් හොඳ වුවද ජනාධිපති ලේකම්වරයාව මෙහෙයවන්නේ සැඟවුණු හස්තයක් විසින්නම් ඒ ජනාධිපතිවරයාට ජනතාවගේ ජනාධිපතිවරයා ලෙස පැවතිය නොහැකිය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලෙස පත් වූ පසු පී.බී. ජයසුන්දර ජනාධිපති ලේකම් ලෙස පත් කරන බව ජනාධිපතිවරණයට පෙර සිටම කී දෙනෙකු දැන සිටියාද යන්න තවමත් නොවිසුදුනු ප්‍රශ්නයකි.

ජනාධිපතිවරණයට දින 14කට පෙර  ජනාධිපති ලේකම් ලෙස පත්කරන්නේ කවුද යන්න සෑම ජනාධිපති අපේක්ෂකයෙකුම ප්‍රකාශ කළ යුතුය යන්න මෙයට ඇති ප්‍රායෝගික විසඳුමකි.

මීට පෙර කිසිම ජනාධිපති අපේක්ෂකයෙක් තමන් ජනාධිපති ලේකම් ලෙස තෝරාගන්නේ කවුද යන්න ඡන්දයට පෙර ප්‍රකාශ කර නැතැයි යන්න පවසමින් තමන් ජනාධිපති ලේකම් කරගන්නේ කවුද යන්න ජනතාවට එළි නොකර සිටීමට මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ජයග්‍රහණය බලාපොරොත්තුවන අපේක්ෂකයන්ට තරම් නොවේ.

රටේ ප්‍රධාන පරිපාලන නිලධාරීවරයා ජනාධිපති ලේකම් වන හෙයින් මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්වන ජයගනු ඇතැයි සිතන අපේක්ෂකයන් ජනාධිපතිවරණයට දින 14කට පෙර  ජනාධිපති ලේකම් ලෙස පත්කරන්නේ කවුද යන්න ප්‍රසිද්ධියට පත්කිරීම අවංකත්වය පමණක් නොව විවෘත පාලනයකටද හිත කරය.

Based Web Site Author

නීතීඥ අරුණ ලක්සිරි උණවටුන B.Sc(Col), PGDC(Col) සමායෝජක, වෛද්‍ය තිලක පද්මා සුබසිංහ අනුස්මරණ නීති අධ්‍යාපන වැඩසටහන. දුරකථන 0712063394

Leave a Reply

Your email address will not be published. Required fields are marked *