Mon. Jul 8th, 2024
Spread the News

පුජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන හිමි

පුජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන් ගේ ප්‍රකාශනය ඇතුලත් විඩියොව:
https://youtu.be/ZB1GxwNad_c

අහිංසක සතුන් කෙරෙහි සංවේදනයෙන් කටයුතු කල උදාර උතුම් ශ්‍රේෂ්ඨ  මිනිසෙකු වශයෙන් තවත් පැත්තකින් මුන්වහන්සේව අපිට හඳුන්වා දියහැකිය. ඒවාගේම මෙවැනි හඬක් ඇති මිනිසෙකු ලොව තවත් සිටියාදැයි අප නොදනිමු . පුජ්‍ය බෝවත්තේ ඉන්ද්‍ර රතන හිමි ගේ ජිවිත පුජාව හුදෙක් ‘ගිණි තබා ගැනීමක්” ලෙස ගැනිය නොහැක්කේ ‘ මුළු සිරුරම ගිණි ගෙන අළු දුවිලි ලෙස පත්වෙත්දීත් උන්වහන්සේ පැවසුවේ ”මේ ලක් බිම තුළ ඝව ඝාතනය කිරීම වලක්වන ලෙසය”. මිනිසුන් වතුර වත්කොට ගින්න නිවීමට උත්සහා ගත්තත් ඔවුන්ගෙන් මුන් වහන්සේ කැ මොර දී උදවු උපකාර ඉල්ලුවේ නැත. වතුරට පැන්න මිනිසා මරණයෙන් බේරීමට උත්සහා කරයි. සියදිවි හානිකරගන්න පුද්ගලයා මරණෙන් ගොඩ ඒමට කැ මොර දෙයි නමුත් මුන් වහන්සේ මේ කිසවක් නොකළේය.

ගිණිගෙන තිබෙන සිවුර තව දුරටත් ගිණිගෙන රත්වී බැරෑරුම් තුවාල සියල්ලම තිබියදීත් උන් වහන්සේ පැවසුවේ. ”ඝව ඝාතනය කිරීම වලක්වන ලෙසය”.ඒ පුදුමාකාර අධිෂ්ඨාන ශක්තියකින් හා හා නිර්භය භාවයකයිනි.ඒ වටා එදා රොක්වී සිටි පිරිස් අද දක්වා තම මතකයෙන් පවසන්නේ උන් වහන්සේ මාන සිහියෙන් සිටිය බවය. උන්වහසේගේ එම ක්‍රියාව දුටු දහස් ගණනක් හා ගව මස් බුදිනලද වෙනත් ආගමිකයන් පවා හරක් මස් කෑම අතහැර තිබෙන බව පසුව අප සොයා ගත්තෙමු.

ඉතින් උන්වහසේ අද වැඩ සිට ඉවන්ජෙලිකල් කල්ලි විසින් අදද නීති විරෝධී අන්‍යාගමික කරණයේ යෙදී සිටීම. සිංහල බොදු රටට ගැලපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොමැතිවීම. තවමත් දෙමළ හා මුස්ලිම් මැර ත්‍රස්තවාදය උඩ දිවීම හා මේ පුහු අටෝප සාටෝපයෙන් ක්‍රමක් ක්‍රමයෙන් සිංහල බොදුනුවෝ ගිලගැනීමට ලංකා පොළොවට පත් හෙන ගෙඩියක් මෙන් පාත්වී වී තිබෙන බහු ජාතික බහු ආගමික කොලොප්පොම, තවද ජම්බු කල්ලි වැනි පිරිස් මුන් වහන්සේ තම මසැසින් දුටුවානම් උන්වහන්සේ අද දින යළිදු මේවා නැවත්වීම දිවි පුදනවා නොවනුමානයි.


අපගේ අදහස අනුව ගව ඝාතනය සිදුවන්නේ ශ්‍රී ලංකා රජයේ යම්කිසි දිරිදීමක් අනුමැතියක් හා දිරිගැන්වීම මතය.එම කාරණයට ඉහළින්ම වගකිව යුත්තේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයාය. නමුත් ඔවුන් සියල්ලන්ම මේ සම්බන්ධයෙන් තුෂ්ණීම්භූතව තම ප්‍රති පත්ති ක්‍රියාත්මක කරයි. එදා මුන් වහන්සේ ඇසුරු කළ සමහර සංඝයා වහන්සේලා ඒ උදාර අරමුණුට දිවි කැපකළ මුන් වහන්සේ අමතක කොට ඇත.

දැන් දැන් අයෙත් ගමේ ඉන්නා අහිංසක ගැමියාගේ සිට මහා පුටුවල ඉන්නා සියළුම දෙනන් අන්‍යාගමික මාරයා විසින් ගිල ගැනීමට ලක්කර ඇත. සම්බුද්ධ ශාසනයේ ඉදිරි පැවැත්මට හා නවවෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරියටත් සුරක්ෂිත කිරීමට,රැකගැනීමට, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හිතුමතේ මැරයන් ලෙස අභිබවා යමින් විවිධ විවිධ පුද්ගලයන් සිදු කරන්නාවූ සත්ව ඝාතනය , අන්‍යාගමික කරණය, බෙදුම් වාදී මැර ක්‍රියා, ඉතිහාසය හිතා මතා වෙනස් කිරීම යන කාරණා රජය (පාලකයා) වහා මැදිහත් වී සම්පූර්ණයෙන්ම නැවැත්වීමට හා රටේ ජනතාව (හිමිකරු) වශයෙන් අයිතියක් ඇත.මේ දෙගොල්ලන්ටම එය කිරීම සඳහා ස්වෛරී බලය ඇත.

රජයේ නිලධාරීන්ගේ හා දේශ් විදෙශ් කන්ඩායම් ගේ සියලු සුළු නීති තර්කවලට එරෙහිව කටයුතු කිරීම දැන් කාලය පැමිණ ඇත.එය ඉටුකරගැනීම ඉතා සරල ය.මෙයින් රටේ දේශපාලන ස්ථාවරත්වයට කිසිදු හානියක් නොවන අතර ජනතාවගේ ආහාර රටා හෝ වෙනත් කිසිවක් සඳහා තවද නිදහස් භාවයට, නිවහල් භාවයට ,තමන් කැමති ආගමක් ඇදහීමට බාධාවක්ද නොවේ. මෙය බොරදියේ මාළු බාන්නම් වටලා පලවා හැරිමක්ම පමණය.

තවද 19/2003 ශෙ‍්‍රෂ්ඨාධිකරණය තීරණය. එකෙන් පැහැදිලිව කියනවා ආගම් ප්‍රචාරය කිරීමේ අයිතිය , මුලික අයිතියක් ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළි නොගන්නා බව. සදාචාර සම්මත ක්‍රමවලින් පවා ආගම් ප්‍රචාරය කිරීම තුලින් පවා කෙනෙකුගේ මුලික අයිතිය වන නිදහස් චින්තනය බලපෑම් කිරීම නීති විරෝධී බව.තවද විවධ ජාත්‍යන්තර අණපනත්ද බොදු අපගේ සදාතනික උරුමයන් කඩා බිඳ දමා අපහට ඓතිහාසික අසාධාරණයක් කිරීමක්ය. මෙය නැවතත් වාර්තා කලයුතු තත්වයකි.

ඔබ ශ්‍රී ලංකාවේ සත්ව ඝාතනය ,අන්‍යාගමික කරණය, බෙදුම් වාදී මැර ක්‍රියා, ඉතිහාසය හිතා මතා වෙනස් කිරීම නම්,හෙළා දකිනවා ඔබේ අදහස් ද අසන්නට කැමැත්තෙමි.

ඔබ සැමට තෙරුවන් සරණයි !!!


සිංහලේ දිනපොත පුවත් ප්‍රධාන කතෘ :newswatch.ceylondiary@gmail.com

සභාපති හා කැදවුම් කරුජාතික බෞද්ධ බලවේගය හා සිංහලේ දිනපොතේ නිර්මාතෘ,

අද පෝය දින (2021-06-24) මිහිඳු මහ රහතන් වහන්සේ ප‍්‍රමුඛ ධර්මදූත කණ්ඩායම අප රටට වැඩම කරවූයේ අද වැනි උතුම් පොසොන් පොහොය දිනකදී ය. එබැවින් අප රටට බුදු දහම ලැබීම පමණක් නොව ශ්‍රේෂ්ඨ මානව හිතවාදී සමාජයක් අප රට තුළ නිර්මාණය වීමට මහින්දාගමනය ඉවහල් විය. උතුම් පොසොන් පුන් පොහොය දින සෙන්කඩගල සිංහ ද්වාරයේ සිට.

දෙශාභිමානී සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න

උතුම් පොසොන් පොහොය දිනය අදයි (වීඩියෝ)
අනුබුදු මිහිඳු මාහිමියන්  ශ‍්‍රී ලංකාවට වැඩම කොට බුදු සසුන පිහිටුවීම සිහිපත් කරන උතුම් පොසොන් පුන් පොහොය අදට (24-06-2021 යෙදී ඇත).

ශ්‍රී ලංකාවේ බෞද්ධයන් කුට උපක්‍රම මගින් සහ සදාචාර නීති විරෝධී ලෙස අන්‍යා ආගම් වලට හරවා ගැනීම පිලිබඳ ඔබ දන්නේනම් පහත ආයතන වෙත ඔබේ තොරතරු ලිඛිතව හෝ වාචිකව ඉදිරපත් කරන්න.


ශ්‍රී ලංකාවේ බෞද්ධයන්  අන්‍යා ආගම්වලට හරවා ගැනීම පිළිබද පරික්ෂ කිරීමේ කොමිෂම, 380, බෞද්ධා ලෝක මාවත ,කොළඹ 7.දුරකථන : 0112 691 695

ජයග්‍රහණය ශ්‍රී ලංකාව 2ඒ , සංඝ රාජ මාවත, මහනුවර දුරකථන : 0814471666විද්‍යුත් ලිපිනය :successilanka@yahoo.com


බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව135, ශ්‍රීමත් අනගාරික ධර්මපාල මාවත, කොළඹ 07දුරකථන : +94-11-2337315www.buddhistdept.gov.lk


ජාතික බෞද්ධ බලවේගය හා සිංහලේ දිනපොත

දුරකථන : 0724848668


බෞද්ධ තොරතුරු කේනද්‍රය ශ්‍රී විමලාරාමය,ඉසුරුපුරු මාලබේදුරකථන : 0114248423

https://buddhistinforctr.blogspot.com/
_______________________

ඉන්ද්‍රරතන හිමියන්ට  මේ  ගීතය උපහාරයක් වේවා.

ඉන්ද්‍රගුප්ත හිමියනි අපේ බොදු පින් බල මහිමෙන් නැවැතත් මනු ලොව වෙතවඩිනු මැනවි ඇතඅපගේ අධිඨනයෙන්….
තිරිසන් කුලයේඅහවල් කුලයේසතා  දෙපා සිව්පාජිවිත බිඳිමින් තිරිසන් මිනිසුන්කරයි අපා දුකා……
මිහිපිට ලෝකේනැහැ  අපරාධෙ බුදු හිමි දම්දෙසු එදාජිවිත බිඳිමින්තිරිසන් මිනිසුන්යතියි අපා ගතා……
ඉන්ද්‍රගුප්ත හිමියනි අපේබොදු පින් බල මහිමේන්නැවැතත් මනු ලොව වෙතවඩිනු මැනවි ඇතඅපගේ පින් මහිමෙන්…….
හිමි බල මහිමේජිවිත පිදුමේදිරිය දුටුවේ සදාඅසරණ සතුනට තිරිසන් නොවුමටපාඩම් කිවේ එදා……
සෙංකඩගල පුරධීර වීර පුතුගෞතම බුදුහිමිගේදළදා සරණේඅප ලක් දෙරණේසතුනට ආලෝකේ…….
ඉන්ද්‍රගුප්ත හිමියනි අපේබොදු පින් බල මහිමේන්නැවැතත් මනු ලොව වෙතවඩිනු මැනවි ඇතඅපගේ පින් බලයෙන්……

පද රචනය හා තනුව සුර්ය වංශ රත්න විභූෂණ පාලිත ආරියරත්න


2013 වෙසක් පුන් පොහෝ දිනයේදී ගව ඝාතනයට( හා බලහත් කාරයෙන් ආගම්  වලට හැරවීම,බහු ජාතික හා සර්වාගමික පුට්ටුව,බොදු රටට ගැලපෙනව්‍යවස් තාවක් නිර්මාණයනොවීම සම්බන්ධයෙන්)විරෝධය පළ කරමින්,වහාම එය නතර කරන ලෙස ඉල්ලාමහනුවර දළදා මාළිගාවේ වාහල්කඩඉදිරිපිටදී සිය සිරුරට ගිනි තබා ගත්බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්  ඉහත ගීතය උපහාරයක්වේවායි ත්‍රිවිධ රත්ණයේ නාමයෙන් ප්‍රර්ථනා කරමි.
—–