Spread the News

අන්න උඹට වැරදුනු තැන………!
මගේ වෛද්‍ය මිත්‍රයා හමුවීමට එක්තරා පිරිසක් පැමිණියේය. ඔවුන් ගේ වැඩපිළිවෙලකට සහයෝගය දෙන ලෙස ඔවුන් ඉල්ලිමක් කලේය.
මම මේ වර්ගයේ යාළුවා …..
ඉතින් ?
මට ඔබලාගේ ඇතැම් අදහස් ගැලපෙන්නේ නැහැ.
“අන්න උඹට වරදුණු තැන…………. අපි ඉපදෙනකොට කොයි වර්ගයේද කියලා අපි දන්නවාද? හිතින් අයින් කරපන් ඕක. අපිත් එක්ක එකතු වෙයන්.”
මගේ මිත්‍රයා මෙලෙස පිලිතුරු දුන්නේය.
ඔයාගේ අම්මා කව්ද? අම්මෙක් නොසිටියාද ? අම්මට වර්ගයක් නොතිබුනාද ? එහෙනම්  අම්මා මොන වර්ගයේද?
ඔයාගේ තාත්තා කව්ද? තාත්තා කෙනෙක් සිටියේ නැත්ද ? ඔබ ඕපපාතිකව බිහිවුනාද ? තාත්තට වර්ගයක් නොතිබුනාද ? එහෙනම් තාත්තා මොන වර්ගයේද?  
ඔබගේ සීයා කව්ද ? සීයාට වර්ගයක් නොතිබුනිද ? ආච්චී ?
ඔබ මේ දක්වා ගෙන ඒමට දර දිය ඇද්දේ ඔබ කියනාකාරයට වර්ගයක් නැති වුන්ද ? ඔබ වර්ගයන් නැහැ කියා කියනවා නම් අන්‍ය වර්ගයක වූ අයෙකුත් ඔබ ඔබගේ අම්මා කරගන්නවාද? තාත්තා කරගන්නවාද ?
ඔබ මේ දක්වා ගෙන ඒමට ඔබගේ වර්ගයේ අම්මා සහ තාත්තා හැර අන් වර්ගයක හෝ වර්ගයකින් තොර වූ අම්මාවරුන් සහ තාත්තාවරුන් ඔබට උදව් කලාද?
ඔබ විවාහ වුයේ වර්ගයක් නොමැති කෙනෙකුන් සමගද ? ඔබ විවාහවීමට එහනම් වර්ගයක් බැලුවේ ඇයි ?
ඔබගේ දරුවන්ට එවිට වර්ගයක් නැත්ද ?
එහෙනම් ඔවුන් විවාහ කරදීමට ඔබ වර්ගයක් නොමැති වුවන් සොයනවාද ?
ඔවුන් විවාහක නම් ඔබ ඔවුන් සඳහා වර්ගයක් ගැන බැලුවේ ඇයි ?
ඔබ යම් ආගමික ස්ථානයකට විනෝදයට හෝ දිනෙක ගොඩවදියි නම් ඔබ වර්ගයක් නොමැති වුවෙක් කියා එම ආගමික ස්ථානය භාර කරුවන් ඔබට ශ්‍රේෂ්ට වූ පිළිගැනීමක් කරයිද ? විනෝදයට හෝ ඔවුන් ඔබව ඔවුන්ගේ ආගමික හල තුලට ඔබව කැන්දාගෙන යාවිද ?
මිත්‍රයා ……! සම්මතය සහ පරමාර්ථය පටලවාගන්න එපා….. ! පරමාර්ථයට සියලු මිනිසුන් මිනිසුන් වේ. නමුත් සම්මතයේදී බෙදීම් පවතී. ලොව යුද්ධ පවා ඇත්තේ ඒ නිසායි.
ඔබට පමණක් නිර්වාර්ගිකව සිටිය නොහැකියි. ඔබ එලෙස සිටීමට සිතුවත් අන්‍යයෝ ඔබ දකින්නේ වාර්ගිකයෙක් හැටියටයි. එයයි ලෝකයේ ක්‍රමය.
එනිසා වර්ගය ගැන හිතන්න. වර්ගයට වැඩකරන්න. වර්ගය නොමැති වුවහොත් දිනෙක ඔබට සහ ඔබ නැතත් ඔබගේ ආදරණිය වූ දරුවන්ට වාර්ගිකයන් විසින් ලබාදෙන අනාගත අභියෝග අත්විඳින්නට සිදුවන බව තරයේ සිතටගන්න.
“ජාතිය රන් විමනක් වේ…………” කියා එදා ලියුවේ ඒ නිසාය.
ඔහු නිරුත්තර විය.
ස්තුතියි !