Fri. Jul 5th, 2024
Spread the News

අන්තවාදී මුසල්මානුවන්ගේ භීෂණය නිසා අසරණ වුණු
වට්‌ටමඩුව දෙමළ මිනිස්‌සුන්ගේ ජීවිත ඛේදවාචකය

* වන රක්‌ෂිතය බලහත්කාරයෙන් අල්ලගෙන වගා කරලා
* ඒ පැත්තට යන හරක්‌ එළුවො මරාගෙන කනවා
* වගාව පැත්තට ගිය මිනිස්‌සු පස්‌ දෙනෙක්‌ අතුරුදන්


අම්පාර දිස්‌ත්‍රික්‌කයේ තිරික්‌කෝවිල් පොලිස්‌බල ප්‍රදේශයේ වට්‌ටමඩුව වන රක්‌ෂිතයේ ගැට`ඵවක්‌ ඇතිවුයේ කළකට පෙරය. මේ ගැටලුව නිසා අසාධාරණයට ලක්‌ව පීඩා වි`දින ජනතාව බළධාරීන්ගෙන් දිගින් දිගටම ඉල්ලීම් කරන්නට වුහ. අනේ ඒත් මෙම අවනඩුව කිසිම නිලධාරියෙකුට ඇසුනේ නැත. බැරි තැන පීඩාවටපත් මිනිස්‌සු විටින් විට උද්ඝෝෂණය කරන්නට වුහ. ඒ ආකාරයෙන් උද්ඝෝෂණය කළද නිළධාරින්ගේ පොට්‌ට වූ දෙනෙත්වලට ඒවා පෙනුනේ නැත. බිහිරිවූ කන් වලට ඒ හ`ඩ ඇසෙන්නේ නැත. මේ දිගහැරෙන්නේ වට්‌ටමඩුව ඉඩම් ආරවුලේ කතාවය.

 

 

වට්‌ටමඩුව වන රක්‌ෂිතය කලාන්තරයක්‌ තිස්‌සේ ප්‍රදේශයේ ජනයා විසින් සත්ව පාලනය සඳහා යොදාගන්නේය. රක්‌ෂිත කලාපය අක්‌කර 4000 ක්‌ පමණය. මේ බිම ප්‍රදේශයේ ගොවීහු සිය එ`ඵවන් සහ ගවයන් ඇතිකිරීම ස`දහා යොදාගත්හ. ඉන් 500 කට ආසන්න විශාල පවුල් ප්‍රමාණයක්‌ දිවි රැක ගත්හ. දැන් පීඩාවට පත්ව ඇත්තේ ඒ මිනිසුන්ය.

මේ එසේ පීඩාවට පත් ගොවියෙක්‌ වූ වඩුවෙල් මංගලේෂ්වරම්ගේ හ`ඩයි.

“අපි වසර 30 කට අධික කාලයක්‌ තිස්‌සේ මෙම ප්‍රදේශයේ සත්ව පාලන කටයුතු කරනවා. එ`ඵවන් සහ හරක්‌ ඇති කරමින් ඉතා දුකසේ තමයි අපි ජීවත් වෙන්නේ. නමුත් දැන් වසර ගනණක සිට අපිට නිදහසේ සත්ව පාලන කටයුතු කරන්න විදිහක්‌ නැහැ. මුස්‌ලිම් අය ඇවිල්ලා ඉඩම් අල්ලාගෙන වගා කරනවා. මේ වන විට අක්‌කර 2000 ක්‌ පමණ අනවසරයෙන් ඩෝසර් කරලා හාලා වගා කරලා තියෙනවා. 1976 දී මෙම ප්‍රදේශය වන රක්‌ෂිතයක්‌ ලෙස ගැසට්‌ කරලා තියෙනවා. 2010 දීත් මෙය රක්‌ෂිතයක්‌ ලෙස නම් කරලා තියෙනවා. නමුත් එහෙම තියෙද්දී මේ ආකාරයට මෙම ප්‍රදේශයේ වාසය කරන එක්‌ ජන කොට්‌ඨාශයක්‌ පමණක්‌ මේ ආකාරයෙන් ඉඩම් අල්ලා ගැනීම ගැට`ඵවක්‌” යෑයිද වඩුවෙල් මංගලේශ්වරම් පවසා සිටියේය.

 

කොලාවිල් පදිංචි අලගයියා මුරුගන් මෙසේ පැවසුවේය.

“අපි සත්ව පාලන කටයුතු කලේ සතුන්ට කන්න දුන්නේ ඔය ප්‍රදේශයේ. දැන් මුස්‌ලිම් අය බලෙන් ඉඩම් අල්ලන් කුඹරු කරන නිසා අපි අසරණයි. නිළධාරීන්ට කීවාම කියනවා දේශපාලකයන්ට කියන්න කියලා. පොලිසියට කීවාම පොලිසිය ඒ අයව ගෙන්නලා කියනවා කුඹරු කරන්න එපා කියලා. නමුත් ඒ අය දිගටම කුඹුරු කරනවා. එ`ඵවන් එහෙම ඒ පැත්තට ගියොත් මරලා දානවා. ඒ අය තුවක්‌කු එහෙමත් තියගෙන ඉන්නේ. ඒ නිසා ඒ පැත්තට යන්නත් බයයි. අපි ආංඩුවෙන් ඉල්ලන්නේ මේ පිලිබඳ ඉතා සාධාරණ තීන්දුවක්‌ දෙන්න කියලා. එහෙම නොවුනහොත් සත්ව පාලන කටයුතු කරන අපි අන්ත අසරණ වෙනවා.” ඔහු කීවේය.

මෙම ප්‍රදේශයට පසු ගිය කාලයේ සත්ව පාලන කටයුතු සඳහා ගිය 05 දෙනෙකු අතුරුදහන්වු බවද මෙම ජනයා පවසති. ඔවුන්ට සිදුවුණේ කුමක්‌ද? ඔවුන් කිසියම් පිරිසක්‌ මරා දැම්මාද?. නඩුත් නැත.

“අපි ජිවත් වුනේ හරක්‌ එ`ඵවෝ බලලා… අපේ සත්තු ඒ අය මරන නිසා හරි ගැට`ඵවක්‌ වෙලා තියෙනවා. මේ වනකොට එම ප්‍රදේශයේදී හරක්‌ බලාගන්න ගිය පුද්ගලයින් 05 දෙනෙක්‌ අද වෙනකොටත් අතුරුදහන් වෙලා තියෙනවා. ඒ අයට මොනවා උනාද කියලා කවුරුවත් දන්නේ නැහැ. 2008 ජුලි 12 වනදා තම්බිරාසා තාමෝදරම් අතුරුදහන් වුණා. තම්බිලිවෙල්වල තම්බිපිල්ලේ රාෙ-න්ද්‍රන් ඇතු`ඵ තවත් පිරිසක්‌ මේ වන විට අතුරුදහන් වෙලා තියෙනවා ඔය වට්‌ටමඩුව ප්‍රදේශයේදී. අපිට ඒ ගැන ලොකු සැකයක්‌ තියෙනවා. පොලිසිය සහ ආරක්‌ෂක අංශවලට මේ පිළිබඳව පැමිණීලි කළත් තවමත් කිසිම හෝඩුවාවක්‌ නැහැ. තවමත් ඒ අයව හොයා ගන්න බැරි වුණා. “මෙනෙවාද එයාලට උනේ. එයාලව කවුරුහරි මරලා දැම්මාද?. මේ විහදිට අපිව අසරණ කරන්නේ ඇයි?. අපිටත් ජිවත් වෙන්න අයිතියක්‌ නැද්ද?. අපිට අයිතියක්‌ නැද්ද නිදහසේ අපේ රැකියා කරගෙන යන්න. අපේ අයිතිවාසිකම් අපිට අහිමි වෙද්දී බළධාරීන්ගෙන් කිසිම පිලිසරණක්‌ අපට නැහැ.” කන්නගිගාමම් හි පදිංචි සින්නතම්බි විග්නේෂ්වරන් අපත් සමග කීවේය.

අතුරුදහන්වු අයගේ පුතෙකු වන තමොදරම් සුසි කුමාර මෙසේ අදහස්‌ දක්‌වා සිටියේය.

“අපේ තාත්තා තමයි ගමේ සංගමයේ භාණ්‌ඩගාරික. තාත්තා වට්‌ටමඩුව සතුන් බලන්න ගියා ඒදා උදේ පාන්දරම. ඒ අය ගියේ බම්මි අඩියවැව කිට්‌ටුවටයි. ඒ ගියේ 50කට ආසන්න හරක්‌ද අරගෙන. එදා ගෙදරින් ගිය තාත්තා අද වෙනකම් ආවේ නැහැ. තාමත් අපි ඒ අයව හොයනවා. පොලිසි වලට හැම තැනටම අපි පැමිණීලි කළා. නමුත් තවමත් කිසිම හෝඩුවාවක්‌ නැහැ. අපේ තාත්තා ඇතු`ඵ පිරිසට මොකක්‌ද වුණේ. අපිට සැක වට්‌ටමඩුව ප්‍රදේශයේ බලයෙන් ඉඩම් අල්ලාගෙන වගා කරන පිරිසයි. අපේ තාත්තට මොකක්‌ද වුනේ කියලා හොයලා දෙන්න කියලා අදාළ වගකිව යුතු අයගෙන් ඉල්ලා සිටිනවා.” සුසිකුමාර් කීවේය.

රාජ්‍ය නොවන ආයතනයක සේවය කරන කල්මුනේ පදිංචි එස්‌. ගනේෂ් කීවේ මෙවැනි කතාවකි.

“මේ ගමේ ජනතාවට ලොකු ගැට`ඵවක්‌ වෙලා තියෙනවා වට්‌ටමඩුව ඉඩම් අර්බුදය. ඒ ජනතාව ඉතා අසරණ වෙලා තියෙනවා. මෙම පිරිස ඉතා අපහසුවෙන් තමයි සතුන් ඇති කරමින් කාලය ගත කරන්නේ. එවැනි අවස්‌ථාවක තම සත්වයින්ට ආහාර සපයාදීමට තිබුණ රක්‌ෂිත ප්‍රදේශය මේ ආකාරයෙන් නිSති විරෝධී ආකාරයෙන් අත්පත් කරගැනීම නිසා මේ මිනිස්‌සුන්ට යන එන මං නැතිවෙලා…. ඒ නිසා මෙම අසාධාරණයට ලක්‌වුණ පිරිසට හැකි ඉක්‌මනින් සාධාරණයක්‌ ඉටු කර දෙන්න කියලා අදාළ බළධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.” ගනේෂ් ප්‍රකාශ කළේය.

මේ රටේ පොලීසිය ගැන අපට පුදුම හිතේ. දේශපාලන දුර්දාන්තකම් අභියස හීලෑ සුනඛයන්සේ දේශපාලකයන්ගේ පා ලොවන නිලධාරීන් ගැන පුදුමයකටත් වඩා හිරිකිතක්‌ සිතේ. රජයේ වන රක්‌ෂිත බලහත්කාරයෙන් අල්ලාගෙන ඩෝසර් දා එළිකරනතුරු බලා ඉන්නවා වන්නට පුළුවන. මේ ප්‍රදේශයට යන සතුන් අල්ලා මරාගෙන කනු බලා සිටිනවා වන්නට පුළුවන. එහෙත් පුදුමය නම් තුවක්‌කුත් අතේ තියාගෙන මිනී මරණ බවට සැක කරන පාදඩයන් ගැන, අසරණ සිවිල් වැසියන් පස්‌දෙනෙක්‌ අතුරුදන් කළ බවට චෝදනා ලබන මිනීමරුවන් ගැන මේ රටේ සිවිල් නීතිය ක්‍රියාත්මක නොවීම ගැනය.

මිනිසුන් තුවක්‌කු අතට ගන්නේ තමන් වසා යන අවනීතිය, අසාධාරණය දරාගත නොහැකි මොහොතකය. ඒ කාලකණ්‌ණි මොහොත ඇති නොකිරීමට මේ රට කටයුතු කළ යුතුව ඇති බව අපගේ විශ්වාසය ය.

සුසන්ත අමරබන්දු