Fri. Jul 5th, 2024
Spread the News

ආරියතිලක
2023.02.14

“අද තියෙන්නේ රනිල් වික්‍රමසිංහ තම දේශපාලන පන්නරයෙන් තනියම ගහන ගේම් එකක්”
“මේ වන විට විදේශ සංචිත ඩොලර් බිලියන 2කට පැමිණ තිබෙනවා” යැයි
හිටපු අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීයැ යි මාධ්‍ය වාර්තා කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියට රට පාලනය කරනවා මිස රට පලනයට තනියම ගේම් කිසිවකුගහන්න අවශ්‍ය නැත; නීතියට පිටින් තනියෙන් ගේම් ගහන්න ගිහින් තමයි, රට අද මේ තත්වයට පත් වී ඇති බව කිව යුතු ය. තව දුරටත් කිසිදු ලෙසකින් තනියෙන් ගේම් අවශ්‍ය නැත. ව්‍යවස්ථාවට අනුව ජනතාවගේ පමාධිපත්‍ය බලය සුරැකෙන පරිදි මැතිවරණ පවත්වූවා නම් තනියෙන් ගේම් නැතුව සාමූහික වගකීමෙන් පාලන බලය විධිමත් වනවා ඇත;
“මේ වන විට විදේශ සංචිත ඩොලර් බිලියන 2කට පැමිණ තිබෙන” වා යැයි යන කීම අනුව මැතිවරණයට මුදල් නැත කියන්නේ කෙසේද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104ඇ (1),(2),(4)
104 උ සහ 104 උඋ (1) (අ) (ආ) ව්‍ය්වස්ථ, අනුව්‍ය්වස්ථා, ඡෙද ප්‍රකාරව, මුදල් තබා ගෙන ම මැතිවරණයට මුදල් නොදී බාධා කිරීම , එයට වගකිව යුතු සියලු පුද්ගලයන් ආණ්ඩුක්‍රම ව්‍ය්වස්ථාව උල්ලංඝනය කිරීම මත වැරදි කරුවන් වනවා ඇත.

” 104උඋ (1) කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව –
(අ) යම් ඡන්ද විමසීමක් පැවැත්වීමට හෝ ජනමත විචාරණයක් පැවැත්වීමට බලාත්මක කිරීම සහතික කිරීම පිණිස කොමිෂන් සභාව සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ප්‍රතික්ෂේප කරන හෝ අපොහොසත් වන; හෝ

ආ) 104(අ) ව්‍යවස්ථාවේ පිළිවෙලින් (4) වන අනු ව්‍යවස්ථාවේ (අ )ඡේදය හෝ (5) වන අනු ව්‍යවස්ථාවේ (ආ) ඡේදය යටතේ කොමිෂන් සභාව විසින් නිකුත් කරනු ලබන විධානයක් හෝ උපමාන සමඟ කටයුතු කිරීමට අපොහොසත් වන
යම් රජයේ නිලධරයෙකු, රාජ්‍ය සංස්ථාවක හෝ වෙනත් යම් ලිඛිත නීතියක් යටතේ රජය වෙත පවරනු ලැබ ඇති යම් වෙළඳ ව්‍යාපාරයක හෝ වෙනත් ව්‍යාපාරයක සේවා නියුක්තිකයකු සහ 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ලියාපදිංචි වී ඇති හෝ ලියාපදිංචි වී ඇති බවට සළකනු ලබන සහ ස්වකීය කොටස් වලින් සියයට පනහක් හෝ ඊට වැඩි ප්‍රතිශතයක් රජය හෝ රාජ්‍ය සමාගමක් හෝ පළාත් පාලන ආයතනයක් හෝ විසින් දරනු ලබන යම් සමාගමක් වරදකට වරදකරු වන අතර, වරදකරු කිරීමේදී රුපියල් එක් ලක්ෂයකට නොවැඩි දඩයකට හෝ අවුරුදු තුනක් නොයික්මවන බන්ධනාගාරගත කිරීමකට හෝ එකී දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඩුවම් දෙකට ම හෝ යටත් විය යුත්තේ ය.”
යනුවෙන් ව්‍යවස්ථාපිත ය.