Spread the News
Sheikh Hasina

රටේ නායිකාව යාබද රටට පැණ ඇයගේ ජීවිතය ගලවාගනී.

ඇයගේ රට අප මෙන් අබ ඇටයක් නොව අතිවිශාල වූ රටක්.

ඇය තම දහම දිවිහිමියෙන් සුරකින්නියක්. ඇයගේ එදිරිවාදින්ද එම දහම එලෙසම රකින බව සතිපතා මහා පොලවේ හිස ගසා දිවුරන්නෝ වෙති.

ඇය තම දේශය වෙනුවෙන් මේ දක්වා යම් සුළු සේවයක් හෝ කළා නම් ඇයට සැඟවීමටවත් ඔවැනි වූ ඇති විශාල රටක යම් කෙනෙක් යම් තැනක් නොදුන්නාද ?

ඇයද , ඇයගේ එදිරිවාදින්ද එකම වූ වර්ගයේ අය වෙති. නමුත් එවැනි වූ අති විශාල භූමියක සන්ක්යාවෙන් අති විශාල වූ තම වර්ගයා මැද වුවත් ඇයට තාවකාලිකව හෝ රැකවරණය දිය හැකි කිසිවෙක් නොවන බව ඇයට ඉඳුරාම වැටහෙන්නට වැඩිවෙලාවක් නොයන්නට ඇත. එනිසා මුළු බිමෙන්ම සමුගෙන ඇයගේ ජීවිතය පමණක් බේරා ගැනීමට ඇය සිතුවා විය හැකිය.

එපමණක් නොව ඇය මෙන්ම ඇයගේ දහම දිවිහිමියෙන් සුරකින ඇය වැනිම වූ ලොව නායකයෝ අති විශාල සංක්‍යාවක් වෙති. ඒ එකෙකු හෝ ඇයට මේ මොහොතේදී ඇයගේ ජීවිතය ගලවා ගැනීමක් වෙනුවෙන් කිසිත් කරන්නට සුදානම් නොවන්නට ඇත.  අන්තිමේදී ඇයට සිදුවුයේ ඇයගේ ජීවිතය වෙනුවන් ඇය දිවිහිමියෙන් සුරැකියාවූ දහම නොමැති වූ අන් රටකට පලායාමටය. ඒ රටෙහිදී ඇයගේ ජීවිතය ගැලවිණි.  අසල්වැසි එවැනි වූ රටක් වත් නොතිබුනා නම් ඇයගේ ජීවිතය තොර වනු ඒකාන්තය.  

මේ සිදුවීම ඉතා විශාල යතාර්ථයක් ලොවට හෙළි කරයි !

ඇය යම් වරදක් කළා වෙන්නට පුළුවන. ඊට දඬුවම් ලෙස ඇයව අහවරක් කරනාවා හැරෙන්නට විකල්ප යමක් නොසොයනා දේශයක සිට යම් සරණක් ඇති දේශයක් දක්වා ඇය පැනයන්නට සිතුවේ ඇයි ? ඇය වැළඳගත් ඇයගේ දහම නොමැති වූ දේශයක්ම ඇයට අවසානය් පිළිසරණ විය. හොඳට බලන්න !  එවැනි වූ රටක් ළඟපාතක නොතිබුනානම් හෝ එවැනි වූ විකල්ප සරණක් ඇති රටවල් ලොව නොතිබුනානම් ?

ප්‍රශ්නයක් අසමි !

ඝාතනයම එකම විසඳුම වූ ලොවක යමෙක් ඝාතනය වෙනුවට පිළිසරණ සපයන රටක් රැකගැනීමට උත්සාහ කරනවා නම් හෝ එවැනි වූ ක්‍ෂේම භූමියක් රැකගැනීමේ උත්සාහයක යෙදේ නම් මිනිස්කමේ නාමයෙන් එය වරදක්ද නැතිනම් විය යුත්තක්මද ?

ස්තුතියි !

– වෛද්‍ය ධම්මික විජේරත්න