Spread the News
Image BY Pa…

ලොව්තුරා බුද්ධත්වය. විශ්වයේ ඉහලම තනතුර. සියල්ල නිමා කල මොහොත. කළයුත්ත කර අවසන් කල මොහොත.

නමුත්,

තම වර්ගයාට ප්‍රහාරයක් එල්ල වූ මොහොතේ……

ඒ වෙනුවෙන් ඉදිරියට ගොස් ලොවට පෙන්වූ ආදර්ශය.

මම සියල්ල කර හමාරවුවෙක්මි. නැවත මට කිසිවක් කිරීමට නැත. මගේ කොටස දැන් අවසානය. එසේ සිතා තම වර්ගයාට වූ විපතේදී කිසිවක් නොකර සිටියාද ?

මම බුදු වුවත් මගේ ජාතිය රැකීම මගේ යුතුකමකි. මට මොවුන් සංසාරයේදී නැවත මුණනොගැසුනත් මම මගේ අවසන් භවයේදීත් මොවුන් රකිමි.  “විරූඩභ ! ඔවුන් ඝාතනය කිරීමට ඔබට ඉඩ දිය නොහැකිය. ඔවුන් මාගේ ලේ ඤාතීන්ය. ඔබ ආපසු යන්න.”  බුදු වුවද දෙවරක් ලොවට පෙන්වූ ආදර්ශය ගැන ඔබට කිව හැක්කේ කුමක්ද ? වීරූඩභ ගේ තෙවැනි උත්සාහය නිතරම උලුප්පා දැක්වුවද බුදු හිමියන් දෙවතාවක් තම වර්ගය බේරාගැනීම ගැන කතා නොකරන්නේ ඇයි ?

තමන් නැසීමට තවකෙකු කැස කවන මොහොතේදී ජාතියක් නැත, බුදුන් වහන්සේ එසේ දේශනා කොට නැත, සියල්ලම මිනිසුන් යයි දමාගත් අන්ධ පෘතග්ජන මතවාදය කරපින්නාගත් වත්මන් බෞද්ධ පඬියනට එසේ නම් මේ සිදුවීම ගැන කීමට ඇත්තේ කුමක්ද ?

සේනාවකට මුහුණදීම තනි පුද්ගලයකුට කල හැක්කක් නොවේ. ඒ ගැන කිසිවකු තුල කිසිදු තර්කයක් නොමැත. එසේ නම් “මුළු මහත් ශාක්‍ය වංශයට පලදුන් කරුමය” කිය කියා දේශනා කොතෙකුත් කලත් බුදුන් වහන්සේ තනිව කල මේ “වීර වික්‍රමය” ගැන පඬියන් නොදෙසන්නේ ඇයි ?

සියල්ලම මිනිසුන් නම් එකෙක් තවකෙකු නසන්නට එන මොහොතේදී එකෙකුට ඤාතිත්වයක් ආදේශ කොට දෙවරක් ඔවුන් බේරාගත්තේ ඇයි ?

තමන් තම වර්ගයා වෙනුවෙන් සිටගත යුතුය. වර්ගයට අභියෝග පැමිණි කල තමන්ද එම වර්ගයේ සාමාජිකයකු බැවින් එම අභියෝගයෙන් පලා නොයායුතුය. හැකි සෑමවිටම තම තමන් එම අභියෝගය නිවැරදිව නිර්භයව බාරගත යුතුය. බුදු හිමියන් ලොවට පෙන්වූ ආදර්ශය එයයි.

ස්තුතියි !  

වෛද්‍ය ධම්මික විජේරත්න