Spread the News
Image: Copyright Dreamstime

කළගුණ සැලකීම අවියක් ලෙස පාවිච්චි කිරීම හෙවත් කළගුණ සැලකීමේ අවිය !

නවතම සොයාගැනීමක් !

අවි පාවිච්චි කරන්නේ ප්‍රහාරයන්ටය. ප්‍රහාර දෙන්නේ අනිකාව පරාජය කිරීමටය. අනිකාව පරාජය කර තමන් දිනන්නට උත්සාහ කරන්නේ තම පැවැත්ම උදෙසාය.

උතුම් මිනිස් ගුණධර්ම අවි ලෙස පාවිච්චි කිරීම දැන් දැන් බහුලව සිදුවේ. එය අවි ප්‍රහාරයකට වඩා බලවත්ය.

බුදු දහමේ එන උතුම් ඉගැන්වීමකි කළගුණ සැලකීම. එය බෞද්ධයන්ට උපතේ සිට උගන්වන්නක්. නමුත් එම උතුම් ගුණය තම වාසිය, තම ව්‍යාප්තිය, රට ආක්‍රමණය සඳහා යොදාගැනීම දැන් බහුලව සිදුවේ.

ඒ කොහොමද ?

උදාහරණයක් දෙකක් කියන්නම් !

මගේ අම්මා ගුරුවරියකි. ඇය විශ්‍රාම යනවිට ඇගේ සේවා කාලය වසර 35ක් ඉක්මවා ගොස් තිබිණි. ඈ සේවය කරන කාලයේ එක්තරා උරුමක්කාර නොවන පාර්ශවයට අයිති දේශපාලකයෙක් මුළු ගුරු මඩුල්ලටම සාරි බෙදා දීමක් කර ඇත. ඒ වෙනුවෙන් ඔහු වෙනුවෙන් ඔවුන් සියල්ලම තම චන්ද අයිතිය පාවිච්චි කර ඇත. ඔහු බලයට පත්වූ විට ඔහුගේ ක්‍රියාකලාපය වුයේ “පළමුව තම වර්ගය වෙනුවෙන්” පමණි යන්නය. ඒ ඔවුනට උපතේ සිට කරනා ඉගැන්වීමය. නමුත් මගේ අම්මා විශ්‍රාම ගිය පසුවද මේ කාරණය නිතර මතක් කරනා අයුරු මට මතකය.  අම්මා නිතර ඔහුව මතක් කලේ ඒ කළගුණ සැලකීම නම් උතුම්ගුණය නිසාය. නමුත් කපටියා එය පාවිච්චි කලේ තම ව්‍යාප්තිය සඳහාය.

ගමේ පන්සලක් විය එය වසර 100කට වඩා පැරණිය. දුප්පත් බෞද්ධයෝ එය කෙසේ හෝ මෙපමණ කලක් වත්තන් කරගෙන ආවෝය. සංඝයාට දාන මානාදියෙන් මෙතුවක් කල් සංග්‍රහ කලේ ඔවුන්වය. මේ දුටු කපටි උරුමයක් නොමැති දෙස්පාලුවෙක් හිමිනමට පන්සල් වට බැම්ම ඉදිකිරීමට මුදල් දීමට ඉදිරිපත් විය. මහණා රැවටිනි. මුදල් ලැබිණි. ඒවා ඔහුගේ මුදල් නොව රජයේ ගිණුම් වලින් ලබාගත් ඒවාය. එදා සිට මහණා ඔහුගේ වාලෙක් විය. “මෙවැනි මුදලක් කව්ද අපට දුන්නේ” ඔහු නිතර මන්ත්‍රණය කරන්නට විය.

ඒ නිසා නවතම අවිය වී ඇත්තේ මේ නවතම ප්‍රහාරක “කෙලෙහි ගුණ අවියයි.”

බෞද්ධයා ඉවරවූ දාට තොපට කළගුණ සලකන අවි පාවච්චි කරන්න වෙන්නේ කා වෙනුවෙන්ද ?

එදාට කළගුණ සලකන මිනිසුන් නොමැති වනු ඇත. ගුණ ධර්ම අවි සඳහා යොදා ගෙන උඹලා ජයග්‍රහණය කලත් ගුණ ධර්ම පරාජය වූ පසු උඹලාත් වැනසෙනු ඇත. එයයි නියතය.

ස්තුතියි !    

වෛද්‍ය ධම්මික විජේරත්න