Spread the News

මොනවා ?

ජාතිවාදයට තදබල ලෙස විරුද්ධ , ජාතිවාදයට පුදුම ලෙස පහරදෙන , ජාතිවාදය අතිශයින් පිළිකුල් කරන , ඉතා සාමකාමී , සහජීවන ලැදි , උපාසක මත්මයෙක් මෑතදී මට හමුවිය.

මිත්‍රයා ….! ඔබ මිනිස් ප්‍රජාවේ හතුරෙක්. වෛරය වපුරන්නෙක්. අපායෙහි දොරගුළු හරින්නෙක්. ඔහු මට කියාගෙන කියාගෙන ගියේය.

මම බිඳක් නිශ්ෂබ්දව සිට ඔහුට මෙසේ පිළිවදන් දුන්නේය.  

ඔබගේ ඔය කතාවම ජාතිවාදීයකු විය යුතුම බව ලොවට හඬගා කියයි. ඔබගේ ඔය කතාව දිවිහිමියෙන් ජාතිවාදී විය යුතුම බව ඔප්පු කර හමාරයි !

ඈ……………..ඈ………………………ඈ..!

මොනවා ???????????????????????????????????

ඒ කොහොමද  ?

ඔබට තේරෙන්නේ නැත්ද මිත්‍රයා …මම ඔබට මෙතැනදී කියන්නට උත්සාහ කරන්නේ ජාතිවාදය හොඳ නැහැ කියාය. ඔබ මේ කියන්නේ මොන අපභ්‍රන්සයක්ද ?

හොඳට බලන්න යාළුවා ! ඔබ මේ කතාකරන්නේ අප හා ඔවුන් එක හා සමානයි කියලාය. ඔවුන්ටත් අපටත් ඇත්තේ එකම වූ ලේ ධාතුව කියලාය. අපට ඇති වරප්‍රසාද සියල්ලක්ම අඩුවක් නෑර ඔවුන්ටත් දිය යුතුයි කියාය. ඔවුන් අපගේ සහෝදරයන් කියාය. ඔවුනගේ දු දරුවන් අපගේම දු දරුවන් කියාය.

ඔව් ! ඉතින් ?

ඔබගේ එම ප්‍රකාශය කෙතරම් ඉස්තරම්ද ? කොපමණ හොඳද ? කෙතරම් අග්‍රගණ්‍යද ? එය ඉස් මුදුනේ තබා රැකිය යුතු වුවක්.

මා කියන දේ ඇත්ත නම් ඉතින් ඔබ ජාතිවාදියෙක් වන්නට උත්සාහ කරන්නේ ඇයි ?

ඇයි කල්පනාවුණේ නැත්ද ?

මොකක්ද ?

ඔබ මගේ යාළුවා. ඔබ අපේ කෙනෙක්. එනම් උතුම් අදහස් දරන පාර්ශවයේ කෙනක්. ඔබ වන්නන් ලොවට ආශිර්වාදයකි. ඔබ වැන්නෙක් නිසා මෙවැනි වූ උතුම් අදහස් ලොව සුරැකි පවතී. එනම් ඔබ අදහන්නේ ලොව උතුම්, අග්‍රගණ්‍ය, ඉස් මුදුනේ තබා රැකියා යුතුම වූ දේය. ඔබගේ එම අදහස් ලොව නිවෙයි. සැනහෙයි. ලොව ලස්සන වෙයි.

ඉතින් ?

ඉතින් එසේ නම් පළමුව රැකිය යුත්තේ එවැනි ප්‍රකාශ කරනා ඔබද නැතිනම් ඒ ගැන හාංකවිසියක්වත් වත් කතා නොකරන අයවළුන්ද ?

බුද්ධිමත්ව බලන්න !

ඔබ වැනි අදහස් ඇතියවුන් නිසා ලොවම සුවපත් වේ. ඔබ වැනි අදහස් නැතියවුන් නිසා ලොවම දැවේ.

එසේ නම් දිවිහිමියෙන් මම රැකිය යුත්තේම ඔබවද නැත්නම් එවැනි අදහස් නොමැති වූවෝද ?

ජාතිවාදියා කරන්නේ ඔබව රැකීමය. උතුම් අදහස් දරන්නා රැකීමය.

මලා ……………………………………!

ස්තුතියි !

– වෛද්‍ය ධම්මික විජේරත්න