Spread the News

ගරු නව ජනධිපති තුමනි,
-ඔබ කිනම් පක්ෂයකට අයත් බව තවම මා නොදන්නෙමි –

ඉතින් ජනධිපති තුමනි අවුරුදු ගණනාවක් තිස්සේ මොර සුරන වැස්ස මෙන් දේශපාලනික වේදිකාවන් තුල හඬ නැගු ඔබ හෙට දින වනවිට රටේ ජනාධිපති වී හමාරය.එය කුමන පක්ෂයකින් වුවද සිංහල බෞද්ධවන අපහට නම් කමක් නැති බව ඔබ හොඳින් දන්නෙමි කියා සිතමි, අප සිතමු. ඉතින් අද උදෙන්ම නැගිට ගමේ වට පිට දේස බලද්දී වැටහුණුනේ සාමකාමී මැතිවරණයකට මග පැදි ඇති බවය. එය ඉතා සතටුදායක තත්වයකි මහත් ආඩම්බරයකි. නමුත් මෙම තුෂ්ණීම්භූත භාවය කුමක් අරඹයාද කියා අප නොදනිමු වාතයක් පිටකිරීමට පෙර ශරීරය දැඩි නිසොල්මන් භාවයකට පත්වෙන මොහොතද අපි සිහියේ තබා ගනිමු. වාතය පිටවුපසු මුළු රටම ගඳ ගහන වැසිකිලි වලක් නොම වේවායි සිතමි.

ඒ කොයි වෙතත් සමහර පක්ෂවල විවෘත නිරුවත් භාවය දුටු අප භෝ දෙනා චන්ද පොලට නොගියහ. ඒ අතර ඔබට මේ ලිපිය එවන කතෘ වන මමත් එවැනිම කෙනෙකි. එදා ගම්පෙරලිය පොත අතේ තිබු බොහෝදෙනා හඳට ගියේ තුවක්කුව වෙඩි උණ්ඩය හා ගිණි උඳුන තුලනි. ඔබ මේ රටේ වැඩි හිටියෙකු වශයෙන් මට වඩා ඒ අඳුරු ඉතිහාසය ගැන දන්නා බව විවිධ කථා බහා තුලින් තේරුම් ගත්තෙමි. අපරටේ නිරුවත උදැසන සිට රැවන තෙක් මුහුණු පොතේ අඩුම ගණනේ පාන්දර දෙක වෙනතුරු, ඒ කියන්නේ පසුයම් කිස වනතුරැ එහෙට මෙහෙට තම දේශපාලන ජය බල ගැන දොඩන අමුතුම ආකාරයේ ධර්මයන්, මතයන් බෙදනා ගිහියන් පමණක් නොව අපේ ගම්වල සමහර හාමුදුරුවරුන්ද මේ චන්දය සඳහා නිදිමරාගෙන වැඩ සිටියේ පිරිත් දේශනවලට හෝ දෙවියන්ට බණ කීමට නොව නොව තම පක්ෂ දේශනාව දියත් කිරීමටය. ජනාධිපති තුමනි එය ඔබ අප ආඩම්බර වියයුතු කාරණයක් නොවේ අපි කොයි කව්රුත් ජාතියක් වශයෙන් ලැජ්ජා විය යුතු කාරණයකි. ඔබ හොඳින් දන්නවා පාස්කු බෝම්බෙන් පසු අනිත් ආගමික මැති ඇමතිවරු එකට එක්ව රජය අසුචි ගොඩක් අතහැර යන මිනිසෙකු වගේ ඔවුන් සියලන්ම ගෙදර ගිය හැටි. එය ඔවුන්ගේ අන්තවාදය නොවේ. එකමුතු කම කියලා සමහර උගත්තු අපහට උගැනුහ.

අරගලයේ සිටි පුජ්‍ය පුජකාදින් පමණක් නොව හොර,මැර කල්ලි වල සියළුම රහස් වැඩ දෙස ඇස් කම් යොමු කිරීමට කාලය ගත කල අපද ලෙඩවී හමාරය, අහෝ කරුමයකි ඔබද ලෙඩවී ඇත. අරගල තරුණයන් කියන ආකාරයට ‘ලෙඩ පමණක් නොවේ අප නාකිවී ඇත’ හරියට වේලක් දෙවේලක් කන්න නැති රටේ කවුරු කවුරුත් පුරම් බෑවට මුළු මහත් ජාතියේ ශබ්දය හරියට අර වේලක් කන්න නොදී වතුර පොදක්වත් බොන්න නොදී බැඳ සිටින මිගොන්නුන් රෑනක් මෙන් වේලිච්ච හුබස් කටින් එන ශබ්දය වගේය. කෑගසන්නේද මරහඬ තලන්නේද කියා සොයා ගත නොහැක. එතරමට අප අපවම ජාතියක් වශයෙන් අනාත කරගෙන් ඇත. ඔබව ගැලවුම් කරු ලෙස අද දින පත්කරගෙන ඇත. ගැලවුම් කරුවෙකු පිළබඳ කිසිම විශ්වාසයක් ඇදහීමක් නැති අප ඔබ දෙස බලා සිටින්නෙමු. ඒ කොතෙක්ද යතහොත් ශ්‍රී සත්ධර්මය පසෙකලා අපි එය කරන්නෙමු. ඔබයි අපේ මිනිසා ඔබයි අපේ විරුවා. ඇස් පෙනී පෙනී රැ දවල් දෙකේම වලේ වැටුන ජාතිය මේ වලෙන් ගොඩගන්නා තුරු බලා සිටිනෙමු.

කාරුණික ජනාධිපතිතුමනි අද ඔබ බලයට පත්වන්නේ ඔන්න ඉහතින් කි වැඩිමනක් කුළු මිහරක් වැනි අදහස් තියෙන රටක බව මොහොතකටවත් අමතක කරන්න එපා දැනටමත් අප ජාතිය සතුව ඇති චන්ද පොලෙන් රාශියක් තරුණයන් කියා සිටින්නේ ”කොකා බලයට අවත් අපි මොකාටවත් රට කොරන්න දෙන්නේ නැහැ” කියාය. ඒවගේම වීරයෙකුගේ ප්‍රියම්භිකාව පවා ඕනෑම මොහොතක පැහැර ගැනීමේ අරමුණු තිබෙන පුහු වීරයන් බව ඔවුන් විසින් ඉල්ලන බලපත්‍ර දේශ මානව වැටහේ. ඒ ඔවුන්ගේ ජඩ පුරුද්දය. හෙට අනින්දා අපේ බාප්පා අල්ලපු ගෙදර බාප්පා බඳින දවස වැඩි ඇත නැති බව ඔබහට වැටහේවි. අල්ලපු ගෙදර අක්කා රක්ෂාව කරන්න පටන් ගත්තම මොන දහම් පාසල්ද? ඒ වියදම රටේ දියුණුවට යොදාගතහැකියි. කුඩා දැරිවියන් පසු පස නාකි මහල්ලන් විවාහය ඉල්ලා ගොඩ නගින දවස ඇතක නොවේ. එය ඔබ හොඳින් දනී.

ඉතින් ජනාධිපති තුමනි එදා මෙවැනිම දවසක ලෝකයේ වෙනත් රටක සිදුවූ දෙයක් මත කරන්නද කැමැතෙමු ඒ විශේෂාංගී සිදුවීම නම් සෝවියට් පාලනයට එරෙහි ප්‍රතිරෝධයේ තෝතැන්නක් බවට පත් වූ පෝලන්ත වෘත්තීය සමිතිය සහ දේශපාලන පක්ෂය වන සොලිඩරටි 1980 දී අද වැනි දිනක ආරම්භ කරන ලද වෘත්තීය සමිති 36 ක නියෝජිතයින් ලෙච් වෙල්ශාගේ නායකත්වය යටතේ රැස්වී එක්සත් වූ විටය. ඉතින් ඒ සමිති 36 ක නියෝජිතයින්ගේ නායකත්වය යටතේය. ඉතින් ඔබ දන්නවා පක්ෂ විපක්ෂ යටතේ කොපමණ කණ්ඩායම් අපරට තුල සිටිනවද කියා එය හිසේ කෙස්ගනනටත් වඩා වැඩිය. කොවිඩ් වසංගතය හා තෙල් උවදුරු කලයන් වල මහජනතාව කුසගින්නේ පෙළෙමින් සිටියදී මාසික වැටුප ගත් ඔවුන් වලේ වැටි සිටි මහනජතවගේ බදු මුදල් වලින් පඩි වැඩි කරගෙන කුස පුරවා ගත් සැටි මතක්වෙනකොට දේශානුරාගයෙන් අප කවුරුත් කුල්මත් වූවෙමු.

ගරු ජනාධිපතිතුමනි ඉතින් දිගින් දිගටම ඇහෙන මේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පෙර පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කෙටි සටහනක් සදහන් කරන්ට කැමැත්තෙමි.

ආණ්ඩුක්‍රම වියවස්තාවේ 10 සහ 14(1)e වගන්තිවලින් සියළුම ආගම් වලට සිය අයිතිය ලඛා දිය යුත්තේ නමවැනි ව්‍යවස්ථාවෙන් බැදී ඇති බුද්ධ ශාසනය ආරක්ෂාව සහ පෝෂණය සැලසෙන අයුරින්ය.

යම්කිසි තැනක කවර අන්දම හෝ ආගම් ප්‍රචාරයත් හෝ බෞද්ධයාට හිරිහැර වන අන්දමේ ආගම් ඇදහීමක් හෝ බුද්ධ ශාසනයට හානියක් වන ආගමික ක්‍රියාවක් හෝ ආගමට හරවා ගැනීමත් හෝ අනවසර පල්ලි ඉදිකිරීමක් හෝ සිදු වන්නේ නම් එය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නීති විරෝධී ක්‍රියාවක්. බව ඔබතුමාගේ නව නීති අංශවලින් අසා දැනගන්න. සමහර සුපිරි උසාවි තීරණ අනුව බුද්ධ ශාසනය ධනාත්මක හෝ ඍණාත්මක බලපෑම් කිරීම අපරාධ වරදක් බව ඔබ ළඟ සිටි කවුරු හෝ දැනුම්වත් කලාද? අන්න ඔහු නියම බුද්ධිමතෙකි.

බහු ජාතික බහු ආගමික ගැන කථාකරන්නේ ඔබව ඔය උඩින් තිබෙන ආණ්ඩුක්‍රම වියවස්තාවට පටහැනිව ක්‍රියාකොට ඔබ දඟ ගෙයට ඇරීමේ අරමුණ නිසාය.

බුද්ධ ශාසනය නීතියට උඩින් අප මවු රට තුල කිසිවෙක් නැති බව ඔබ බුද්ධිමතෙකු වශයෙන් දන්නවා ඇතැයි මම සිතමි. දේශපාලනයේ නොයේදෙන අප හුදෙක් බලාපොරොතුවන්නේ බුද්ධ ශාසනයට පුජා කල මේ පින්බිම අනාගත දරු පරම්පරාව වෙනුවෙන් රැක ගැනීමටයි. අප කිසිවේකුටත් කුහක අරමුණු නැත මෙසේ ලියන්නේ අපේ බඩ වියත හා හතර කොන රැකගැනීම වෙනුවෙන් නොව හුදෙක් බුද්ධ ශාසනයේ චිරථිතිය සදහා පමණක් බව එක හෙලා ප්‍රකාශ කරන්නෙමු.

ජනාධිපතිතුමනි ඔබ බොහෝදුර පැමිණ ඇත ටිකක් ගිමන් නිවන්න, හද්දීස්සි වෙන්න එපා. සතුරෙකු දෙපිට කාට්වෙටුවෙකු ඔබව බොරු වලකට තල්ලු කල හැක.

දැනට ඔබට මොහොතකට සමුදෙමි සිංහල බෞද්ධයන් වශයෙන් ඔබගෙන් අප ”ලන්ඩන් ” ආකාරයේ දියුණුවක් නොයිල්ලමු. හුදෙක් අපවෙනුවෙන් තම සිවුරට ගිනිතබාගෙන 2013-5-24 අපවත් වුනු ජාතිය යලි නැගිටට්වූ සමස්ථ සිංහල බෞද්ධයන්වම නියෝජනය කල භික්ෂුන්වහන්සේ නමකගේ ඉල්ලීමක් ඔබ ඇස ගැටෙන මෙන් තබමි. ඔබට සදා ජය…

තෙරුවන් සරණයි!

පාලිත ආරියරත්න