Spread the News
පින්තුරය ඒ එදා මේ මෙදා…

ඩොක්ටර් !……..ගහන්නේ කාටද ?

……………….. නැහැ.

ඒක මහා ජාතික අපරාධයක්. ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කිරීමක්… ! 100%ක් හොඳ නොවෙන්න පුළුවන්. සංසන්දනාත්මකව බලන්න. කාට හරි ගහන්න.

එදා ……..!

####…….“පුත නුඹ වකුටු වී මෙලෙස නිදා සිටින්නේ ඇයි ? මෑණියනි ! එසේ නම් කෙලෙස නිදා ගන්නද ? උතුරින් හැඩි……..!. දකුණින් ගොළු මුහුද….!. මම කෙසේ නම් අත් පා දිගහැර නිදන්නද ?”….###

එකෙක් සැප දෙන්නම් කියති. නමුත් ඒ ඔබ සහ මාගේ මව් වන් රන් බිම පරදේශින්ට විකිනීමෙනි. තවෙකෙක් සැප නාවන්නම් කියති. ඒ මවත් , මව්ගේ වර්ගයත් ,  මව්ගේ උරුමයත් උගසට තබමිනි. තවත් එකෙක් සැප යෝජනා කරති. ඌ මව් ගැන කියා මව්ගේ වර්ගයත් , මව්ගේ උරුමයත් කුණු කුඩයට දමමී යයි හිවල් නද පතුරුවති. උන්ගේ ගෝල බාලයෝ ඌරන් මෙන් තප්පුලති. තවෙකක් ද්විත්ව රංගනයක යෙදෙන්නකි. තවත් අමුතුම තාලේ එකෙක් උරුමයට නිගා කරමින් සිට හිටි ගමන් උරුමක්කරුවකුගේ චරිතය රඟපෑමේ යෙදෙන්නකි.

ඉතින් කාට නම් ගහන්නද…… ?

ඔබට මුන් අතර සංසන්දනයක් කල හැකිද ?

රටක් , වර්ගයත් , උරුමයක් වෙනුවන් ලංසු තියන්නන් ගැන ඔබට සංසන්දනයක් කල හැකිද ?

සංසන්දනයක් කලොත්….,

එක්කෝ රට නැතිවේ. එක්කෝ වර්ගය නැතිවේ.  එක්කෝ උරුමය නැතිවේ. නැත්නම් මේ තුනම නැතිවේ.

අද……!

සෙවිය යුත්තේ මෙවැන්නෙකි……..

“ පුත..! නුඹ අත් පා හතරම වකුටු කරගෙන නිදන්නේ ඇයි ? මෑණියනි ! එකෙක් මව් බිම විකුණා සැප දෙන්නට යෝජනා කරයි. එකෙක් මව , මව්ගේ වර්ගය , මව්ගේ උරුමය උගසට තබා සැප දෙමි යයි කියයි. එකෙක් මව වෙනුවෙන් වර්ගය සහ උරුමය උගසට තබමියි කියයි. අනිකා මව , වර්ගය සහ උරුමය වෙනුවෙන් ද්විත්ව රංගනයක යෙදෙයි. ඉතිං මෑණියනි ! මා කවදා නම් , කෙසේ නම් අත් පා හතර දිගහැර නිදහසේ නිදන්නද ?

සෙන්කඩගල පුර දළදා බුදු රැස් විහිදෙන තුරු නැහැ වරදින්නේ……

                සිංහලයන්හට සිංහල දේසෙට සරණයි දළදා සමිඳුන්ගේ………….

ස්තුතියි !

වෛද්‍ය ධම්මික විජේරත්න.