Spread the News

(කුකුලන් පොර කෙටවීම )

කුකුලන් පොර කෙටවීම සූදුවකි. කුකුලන් ඔවුනොවුන් එකිනෙකා හා කොටවන්නේ එකෙක් අනිකාට උසිගැන්විමෙනි. අරමුණ මුදල් හරිහම්බ කරගැනීමයි. මුදල් හරිහම්බ කරගන්නේ පොර වදින කුකුලන් නොව ඔවුන් කොටවන මිනිස් චරිතයි. මෝඩ කුකුලන් ඒ බව නොදනී. ඇතැම්විට කුකුලන් මරණය තෙක්ම සටන්වදි. ඒ අභිමානය නිසාය. ඔවුනොවුන් ලේ හලන්නේ , අංග අහිමි කරගන්නේ අවසන මැරෙන්නේ මේ මෝඩ අභිමානය නිසා යයි ඔවුනට නොතේරේ.

මල කුකුළු මස් ඔවුන් එකිනෙක හා කොටවන පාර්ශ්වයන් සතු වේ. තමන් ලේ හලා , අඟ පසඟ අහිමිකරගනිමින් , ඇතැම්විට මැරෙමින් කරනා සටනින් මුදල් හොයන්නේ තෙවැනි පාර්ශවයන් බව සිතිය හැකි මොලයක් උන් සතුව නැත.

ඇයි මේ කතාව ?

උරුමක්කරුවන්, උරුමක්කරුවන් හා කෙටවිමත් මේ හා සමානය.

ඉන් ප්‍රධාන වන්නේ පක්ෂ වශයෙක් කෙරෙනා කෙටවිමය. නිල්, කොළ, රතු, දම්, ආදී වශයෙන් බෙදා ඔවුනොවුන් කෙටවීමට සලස්සනු ලැබේ. මෝඩ සිහළයන්ට මේ බව නොතේරේ. තෙවැනි වූ පිලකට වැඩි බලය ලබාගැනීම මෙහි වූ ඒකායන අරමුනයි.

දෙවැනි කෙටවීම කරන්නේ විවිධ වූ මතවාද එබ්බවිමෙනි. සිහළ උරුමය , සිහළ ඉතිහාසය , සිහළ සංස්කෘතිය , සිහළ වත්පිළිවෙත් ඉතා දැඩි ලෙස අභියෝගයට ලක් කරමින් වසර 2600ක නොසිඳී පැවතී දෘඩ පැවැත්ම සිඳලීම එහි වූ එකම වූ ඒකායන අරමුනයි.

තෙවැනි කෙටවීම ඊටත් වඩා සුක්ෂ්ම ආකාරයෙනි. “සාමය , සමගිය , සංහිඳියාව” යන සුකිරි වචන පෙළක් යොදවා ඊට අන්ධානුකරණයෙන් අනුගතවන රැලක් නිර්මාණය කිරීම එම ක්‍රමයයි. ඒ සඳහා ඉතා රහසින් කහවනු වැසි වැස්සවීම සිදුවේ. ඉන් කෙටවෙන්නේ කෙසේද ? ඒ උපායත් සමග මේ උගුල දැනගත් එවුන් සමග කෙටවිමකට යැවීම මෙහි අරමුනයි.

මෙකි නොකී තවත් බොහෝ උපක්‍රමයන් තෙවැනි පාර්ශවයන් සතුය.

කෙටෙන්නේ උරුමක්කරුවෝ යනු උරුමක්කරුවෝ නොදනිති. ලේ හැලෙන්නේ , අංග අහිමි වන්නේ උරුමක්කරුවාගෙමයි යන්න ඔවුන් මොහොතකටවත් නොසිතති. අවසන මැරෙන්නේ අපිම නොවේද යයි ඔවුන් ගේ මොළ වලට නොවැටහෙති.

ප්‍රතිපලය !

මස් කොටවන්නන්ටය.

බිම කොටවන්නන්ටය.

උරුමය කොටවන්නන්ටය.

කොටවන්නෝ ඉතිරිවෙති. කොටවන්නෝ කොටාගන්න්නන් මතින් ජය පැන් බොති. කොටවන්නෝ ජය කෙහෙළි නංවති.

කෙටවිමක අවසානය මෙයයි.

ස්තුතියි !

වෛද්‍ය ධම්මික විජේරත්න