Sat. Jun 29th, 2024
https://www.pexels.com/@sippakorn-yamkasikorn-1745809/
Spread the News

මහණාට ඇත්තේ මහණ වතයි.  මහණ වත අනුගමනය කිරීමයි. දහම රැක බලා ගැනීමයි. දහම රැඳෙන අත්තිවාරම රැකබලා ගැනීමයි (සියල්ලන්ම සහ සියලු තන්හි දහම සුරැකෙන්නේ නැත.).

එවැන්නක් කල යුත්තේ ඇයි ?

“මට බැරිවුනත් දිනෙක තවකෙකුට” යන න්‍යායට අනුගත වෙමින් එසේ කල යුතුය. උදා; අද අප දහම දන්නේ එදා දහම රැක තිබු නිසාය. අප ඉපදෙන විට මේ රටත් මිත්‍යාවට හසුවී තිබුනා නම් ඔය කයිවාරු කෙලින කෙරුමන්ට විවේචනය කරන්නට හෝ දහමක් තියෙයිද ?

ගිහියන්ට අර්ථයෙන් සහ ධර්මයෙන් අනුශාසනා කිරීම. අවසන නිවන් සාක්ශාත් කරගැනීම.

ගිහියාට ඇති රාජකාරිය කුමක්ද ? ගිහිවත අනුගමනය කිරීම. පැවිද්දන්ට චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍යෙන් අනුග්‍රහය දැක්වීම. සසුනට අදාළ සියලු චංචල සහ නිශ්චල දේපල රැකගැනීම. සසුනට සහ එහි අත්තිවාරමට අදාළ සියලු ක්රියාකාරින්හි නිරතවීම. සසුනෙහි නිරතවීම. අවසාන නිවන් දෙසට සිත යොමුකිරිම සහ එය සාක්ශාත් කිරීමට උත්සාහ කිරීම.

ගිහියා <->පැවිද්දා.

ගිහියා නොමැතිව පැවිද්දාවත් පැවිද්දා නොමැතිව බොදු ගිහියාවත් රැකෙන්නේ නැත.

මේ දෙක එකිනෙකට ප්‍රතිවර්තව පවතින්නකි.

යමෙක් ගිහියාට පැවිදි ප්‍රතිපදාවත් පැවිද්දාට ගිහි ප්‍රතිප්‍රදාවත් අනුග්‍රහ කෙරේ නම් එය යතාර්ථයේ විකුර්තියකි.

උදා; යමෙක් ගිහියාට රුක්ඛ මුලකට, ශුන්යාගාරයකට ආරාධනා කෙරේ නම් එය නිසා ඉහත වූ ප්‍රතිවර්ත වූ ප්‍රතික්‍රියාව එක් දිශාවකට පමණක් සිදුවී තුලනාත්මක වූ පැවැත්ම සහමුලින්ම අහෝසි වී එතැනින්ම දහම සහ සසුන යන දෙකම කෙලවර වනු ඇත.

මුළු ත්‍රිපිටකයම කියවන්න ! එහි සියලු සුත්‍ර පටන්ගැන්ම කර ඇත්තේ “ භික්ඛවේ (මහණෙනි )” යන ආමන්ත්‍රණය යටතේය. නමුත් මෙවැනි වූ සත්‍යක් අද තේරුම් කරනා පැවිද්දා කරන්නේ කුමක්ද ? “මෙය දෙසා ඇත්තේ පැවිද්දාට වුවත් ගිහියන්ටත් මෙය අදාළ වේ” කියා  තම දෙසුම පටන්ගැනීම ඔවුන් බොහෝ දෙනෙකුගේ චාරිත්‍රයයි. මෙය ගිහියාටත් අදාළ වුවා නම් ලොව්තුරා බුදු හිමියන් විසින් ගිහි ආමන්ත්‍රණයක් පෙරටුවන දේශනා උන්වහන්සේගේ දෙසුම් වලට ඇතුලත් නොකළේ ඇයි ? එක්කෝ ගිහියන් කෙලින්ම ආමන්ත්‍රණය කරමින් එම දේශනා පටන්ගැනීමට උන්වහන්සේට අවකාශ තිබිණි. නැතහොත් අඩුතරමින් “ගිහියන් සහ පැවිද්දන්” යන දෙකොටසම අළලා ආමන්ත්‍රණයක් වී තිබිය යුතුය. එසේ එකක් හෝ තිබේද ?

මේ දේශකයන් දෙස බලන්න !

මොවුන්ගේ  ප්‍රජ්නාව හීනකමෙන්\මඳකමෙන් කියන කතාන්තර මොනවාද ?

ඔවූන් මේ අද කියන්නට උත්සාහ කරන දේ අඩුතරමින් එදා ඔවුන්ගේ දෙමාපියන් විසින් අනුගමනය කළා නම් මෙවැනි වූ ඝෝෂාවක් කිරීමට අද ඔවුන් කිසිවෙක් නොමැති වනු ඇත. එසේ වුවා නම් මේ සෙට් එකම අද නොමැත.

වෛද්‍ය ධම්මික විජේරත්න