සන්නද්ධ රථ 85 ක් කටාරයට

Spread the News

Source Lankadeepa News Paper

කටාර් ආරක්ෂක අංශ සඳහා නවතම සන්නද්ධ රථ 85 ක් එරටට යැවීමට තුර්කි රජය තීරණය කර ඇත.

මෙම සන්නද්ධ රථ නිපදවා ඇත්තේ තුර්කියේ ප්‍රධානතම මෝටර් රථ නිෂ්පාදන සමාගමක් ලෙස සැළකෙන අනඩූලූ ආයතනයයි.
මෙම සන්නද්ධ රථ ගනුදෙනුව හරහා කටාර් රාජ්‍යය සහ තුර්කිය අතර පවතින බැඳීම තව තවත් ශක්තිමත් වනු ඇතැයි ‘ද පෙනින්සියුලා’ පුවත් වෙබ් අඩවිය කියයි.

සෞදිය ඇතුළු අරාබි රටවල සම්බාධක හමුවේ කටාර් රාජ්‍යය හුදෙකලා වී සිටී. සම්බාධක හමුවේ නැගී සිටීමට කටාරයට සහාය පළ කරන එක් රාජ්‍යයක් වන්නේ තුර්කියයි.

(ද පෙනින්සියුලා)