Sajith Premadasa5
Spread the News

ඉදිරියේ දී පිහිටුවනු ලබන සමගි ජන බලවේග රජයක් යටතේ 13 වන සංශෝධනය ‍ක‍්‍රියාත්මක කරන බව ත් 13 වන සංශෝධනය ගැන කතා කිරීමට විවිධ නායකයන් බියවන නමුත් ඔවුන් දේශපාලන අවස්ථාවේදීන් බවත් තමන් කෙලින් කතා කරන පුද්ගලයකු ලෙස මෙම සංශෝධනය ක්‍රියාත්මක කරන බව ද එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර ඇත.
ඔහු මේ බව කියා සිටියේ කිලිනොච්චිය එය ප්‍රදේශය පැවැති සක්වල වැඩසටහනකට එක්වෙමින් බව මාධ්‍ය වාර්තා කර ඇත.
“13 අංකය භයානක අවසනාව ගෙන දෙන” අංකයක් ලෙස මතයක් ඇත; ලංකාවේ 13 වන ව්‍යවස්ථා සංශෝධනය ඊටත් වඩා භයානක ය. අවාසනාවන්ත ය. 13 වන ව්‍යවස්ථා සංශෝධනය කිරීමට ප්‍රධානතම පුද්ගලයා වන හිටපු ඉන්දීය අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධි මහතාට අත් වූ ඉරණම ද එවකට මෙරට ජනාධිපතිවරයා වු, ජේ. ආර්. ජයවර්ධන මහතාගේ පාලන කාලය බරපතල ලෙස අවුල් වියවුල් සහගත වීම ද 13 ක්‍රියාත්මක ක්‍රිරීමට හෝ ඊටත් වඩා පෙඩරල් ක්‍රමයකට හෝ යාමට උත්සාහ කළ ඒ ඒ කාලයේ දේශපාලනය හෙබ වූ සියලු දේශපාලඤයන්ට හා දේශපාලන නායකයන්ට සිදු වූ දේශපාන පසු බැසීම්, පක්ෂ දෙදරායෑම්, ජීවිත ව්‍යසන, එවකට ඔවුන්හේ දෙශපාලන බලය පිරිහීම ගැන සිතා බැලීම වටී. කිසි ලෙසකින් ඔවුන්ට හොදක් සිදු වී නැත. ඔවුන්ගේ ඒ කාලවකවානු දේශපාලන ඉතිහාසය. අපකීර්තිමත් ලෙස කෙලවර වී බලය අහිමි වී ඇත. බලයේ රැදුනා නම් 13 ක්‍රියත්මක කිරීම සහ පෙඩරල් අත හැරීමෙන් පමණ ය. සජිත් පේමදාස විපක්ෂ නායකවරායට ද, නියත වශයෙන් ම අත්වන්නේ ඒ ඉරණමයි. යමෙකුගේ විනාශ කාලය ලං වුනා ම බුද්ධිය විපරීත වන බව පැරණි පඬි වදනක් ද ඇත. මේ රටේ තීන්දු තීරණ තම තමන්ට ඕන ඕන විධියට ගන්න පුළුවන් රටක් නොවන බව සැම දෙනා ම ඉගන ගත යුතු ය. මේ රට සම්බුදු රදුන්ට පූජා වී ඇති බව සිහි ගන්වමු. එය අමතක කර කටයුතු කළ ඉරු නො බසින අධිරාජ්‍යට දැන් ඉරු බසී. දැන් ඒ රාජ්‍යයේ සැදෑ සමය යි ලෝක ඉතිහාසය සහ ථේරවාද ශාසන ඉතිහාස්‍ය ශක්තිමත් ගුරු උපදේශ සහිතව හැදෑරීම වටිනවා ඇත.

ආරියතිලක
2024.06..09