සංහිඳියා කොම්සමේ වර්තාව ගැන කිසිදු සංදේශයක් ඇමරිකාවට බාර දී නැහැ – ජනාධිපති ලේකම්

Spread the News

යාවත්කාලීන වේලාව: 6/28/2012 10:34:31 AM source:

 සංහිඳියා කොම්සමේ වර්තාව ගැන කිසිදු සංදේශයක් ඇමරිකාවට බාර දී නැහැ – ජනාධිපති ලේකම්

උගත් පාඩම් හා සංහිඳියා කොමිෂන් සභාවේ වාර්තාව කි්‍රයාත්මක කිරීමට අදාළ කිසිදු ලියවිල්ලක් තමා හෝ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඇමරිකා රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් මහත්මිය වෙත මේ වසරේ මැයි මස වොෂින්ටන් නුවර නිල සංචාරයේ දී භාර දුන්නේ යැයි පල වී ඇති පුවත්පත් වාර්තා ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ඊයේ(26) එකහෙළාම ප්‍රතික්ෂේප කළේය.

එම කොමිෂන් සභාවේ නිර්දේශවල විභව්‍යතාව සහ ඒවායින් ක්‍රියාත්මක කළ යුත්්තේ මොනවා දැයි අප තවම නිශ්චය කර නැත. උගත් පාඩම් කොමිෂන් සභා වාර්තාව ක්‍රියාත්මක කිරීම පිළිබඳ කැබිනට් මණ්ඩලය විසින් පත් කරනු ලැබු කාර්යසාධක කණ්ඩායම් ප්‍රධානියා වන ජනාධිපති ලේකම් වීරතුංග මහතා පැවසීය.

එය වොෂින්ටනයේ අපේ කණ්ඩායමට හුදු මගපෙන්වීමක් සිදු කරන මා විසින් සකසන ලද ලියවිල්ලක් පමණි. එය එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් වරයාට භාරදීමට සකසන ලද්දක් නොවේ යැයි වීරතුංග මහතා අවධාරණය කළේය.

ජනාධිපති ලේකම්ට අනුව එය එක්සත් ජනපද නිලධාරීන් හමුවීමේදී සාකච්ජා කළ යුතු දෑ ගැන සදහන් සටහනකි. එය එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරියට භාර දීමක් සිදු නොවීයැයි ඔහු තව දුරටත් පැවසීය.

උගත් පාඩම් හා සංහිඳියාව කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන කරුණු දක්වමින් කාර්ය සාධක කණ්ඩායම එම නිර්දේශ අධ්‍යයනය කරමින් සිටින බව ද වීරතුංග මහතා හෙළි කළේය. කුමන නිර්දේශයක් ක්‍රියාත්මක කළ හැකි දැයි අප ළගදීම ප්‍රකාශයට පත් කරනවා යැයි ද ජුලි මස මැද භාගයේදී ප්‍රකාශයට ක්‍රියාත්මකත කිරීම පිළිබදව කෙටිකාලීන උපාය මාර්ග ප්‍රකාශයට පත්වනු ඇතැයි ද ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

අනුග්‍රහය : ජනාධිපති මාධ්‍ය ඒකකය

 


පුවත්වල අන්තර්ගතය සහ මුලාශ්‍රය වෙනස් කිරිමකින් තොරව භාවිතා කිරිමට අවසර ඇත.

© 2006 රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය සියලු හිමිකම් ඇවරිණි

යෝජනා සහ අදහස් : අන්තර්ජාල කතෘ