ශ්‍රී ලංකාවේ ආදිවාසීන් දමිළයින් බව මන්ත්‍රී සෙල්වරාසා කියයි

Spread the News

ශ්‍රී ලංකාවේ ආදිවාසීන් දමිළයින් බව මන්ත්‍රී සෙල්වරාසා කියයි

කීර්ති වර්ණකුලසූරිය

ශ්‍රී ලංකාවේ ආදිවාසීන් දමිළයන් යෑයි ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී සී සෙල්වරාසා මන්වුර්හි ක්‍රීඩා උත්සවයක්‌ අමතා ප්‍රකාශ කර ඇත. එම ක්‍රීඩා උත්සවය ඇමතූ සෙල්වරාසා බ්‍රිතාන්‍ය පාලන සමයේ රාජ්‍ය සේවයේ යෙදීසිටි වැඩිදෙනා දමිළයන් බවද කීවේය.

ගතවූ වසර 35 තුළ දමිළයන්ට රාජ්‍ය සේවයේ කටයුතු කිරීමට ඉඩ ලැබී නැති බව පවසා ඇති ඔහු අපගේ සන්නද්ධ අරගලය 2009 දී නිහඬ කර ඇති බවද කියා සිටියේය.

එහෙත් දැන් දමිළ ජනතාවගේ නායකයන් ද්‍රවිඩ සන්ධානය බවද හෙතෙම පළ කළේය.