Breaking
Fri. Sep 13th, 2024

වන උයන් වනසා තැනූ ‘සංවර්ධන කාන්තාරය’

Spread the News

වන උයන් වනසා තැනූ ‘සංවර්ධන කාන්තාරය’
source:
පසුගිය රජයේ දස වසරක පාලන සමය තුළ ඉඩම් අක්‌කර ලක්‌ෂ දෙකක්‌ පමණ කොල්ලකෑම සිදු කර තිබේ. වනාන්තර, වෙරළ, කඩොලාන වනාන්තර, ලවණ වගුරු බිම්, කලපු පරිසර, තෙත් බිම්, දූපත් පමණක්‌ නොව නොගැඹුරු මුහුද ද පසුගිය කාලය තුළ දී දැවැන්ත කොල්ලකෑමකට ලක්‌ විය.

පසුගිය රජයේ ඉඩම් කොල්ලකෑම ආරම්භ වූයේ උදය ගම්මන්පිල මහතා මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති ධූරය හෙබවූ සමයේ දී ය. ඔහු මෙම ඉඩම් කොල්ලයේ නියමුවා ලෙස ක්‍රියා කරමින් ක්‍රිස්‌බෝ සමාගමට මහපිටිය අලිමංකඩේ අක්‌කර 150 ක්‌ බඩඉරිඟු වගා කීරීම සඳහා නීති විරෝධී ලෙස ලබා දුන්නේය. එතැන් සිට ඇරඹි මෙම ඉඩම් කොල්ලය අවසන් වූයේ මහ මුහුදේ අක්‌කර 496 ක්‌ නීති විරෝධී ලෙස ගොඩ කරමින් චීන වරාය නගර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරමින් මහ මුහුද ද කොල්ල කමිනි.

ආර්ථික කොල්ලයට නොදෙවෙනි මෙම ඉඩම් කොල්ලය 2005 වසරේ සිට 2009 වසර දක්‌වා සෙමින් සිදු වුව ද 2009 වසරේ දී එල්.ටී.ටී.ඊ. රුදුරු ත්‍රස්‌තවාදය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් අනතුරුව ආර්ථික කොල්ලය සිදු කළා සේම රට පුරා ඉඩම් කොල්ලය ද ශීඝ්‍රයෙන් වර්ධනය වන්නට විය.ඉඩම් කොල්ලය යනු ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම පමණක්‌ ම නොවේ. ඉඩම් කොල්ලය යනු වත්මන් හා අනාගත පරපුරේ යහ පැවැත්මට බලපෑම් ඇති වන ආකාරයෙන් නීත්‍යානුකූල නොවන ලෙස සංවර්ධන කටයුතු සඳහා සිදු කරන ඉඩම් අත්පත් කර ගැනීමකි.

මේ අනුව පසුගිය කාලය තුළ සිදු කළ සියලු ඉඩම් කොල්ලයන් ඉඩම් අණ පනත්, පාරිසරික අණ පනත් උල්ලංඝනය කරමින් ජනතාව ඇතුළු ව සියලු ජෛව ප්‍රජාව අවතැන් කරමින් පරිසරය දැවැන්ත අනතුරකට ලක්‌ කරමින් සිදු කළ එAවා ය.

මෙම ඉඩම් කොල්ලයේ ප්‍රතිඵලයක්‌ ලෙස පසුගිය රජයේ පාලනය ආරම්භ වන විට 20% ක්‌ ව පැවති ස්‌වාභාවික වන ආවරණය අද වන විට 15% ත් 16% ත් අතර ප්‍රමාණයකට ශීඝ්‍ර පහළ බැසීමකට ලක්‌ ව තිබේ. මේ හේතුවෙන් බොහෝ ජල මූලාශ්‍රවල ජල පෝෂක වනාන්තර බිම් ප්‍රදේශ දැවැන්ත ලෙස විනාශයට ලක්‌ ව තිබේ.

හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ සිදු කරන මහා පරිමාණ හානි කර සංවර්ධන ව්‍යාපෘති ස`දහා පමණක්‌ වනාන්තර අක්‌කර 15,000 ක්‌ පමණ සම්පූර්ණයෙන් ම එළිපෙහෙළි කිරීම සිදු කර තිබේ. මේ සියලු වනාන්තර අලි – ඇතුන්ගේ ගැවසුම් ප්‍රදේශ වේ. මත්තල ගුවන් තොටුපළ ඉදි කිරීම සඳහා වනාන්තර අක්‌කර 5000 ක්‌ යොදාගෙන තිබේ. මීට අමතර ව ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලාව, මාගම්පුර වරාය, සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට්‌ ක්‍රීඩාංගනය, හම්බන්තොට පරිපාලන සංකීර්ණය, මිරි-ජවිල ආයෝජන කලාපය හා සූර්යතාප විදුලි බලාගාර ඉදි කිරීම සඳහා ඉතිරි වනාන්තර අක්‌කර 10,000 එළිපෙහෙළි කිරීම සිදු කර තිබේ. මේ හේතුවෙන් අද වන විට වයඹ කලාපයට වඩා වැඩි අලි – මිනිස්‌ ගැටුමක්‌ හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ වර්ධනය වී තිබේ.

හම්බන්තොට සිදු කරන අක්‍රමවත් සංවර්ධන ව්‍යාපෘති සඳහා ජලය ලබා ගැනීමට උමා ඔය, උඩ මව්ආර හා කුඹුක්‌කන් ඔය ගංගා ෙද්‍රdaණිවල ජීවත්වන ජනතාවගේ නිදහස්‌ ජල අයිතිය හා නිදහසේ ජීවත් වීමේ අයිතිය සම්පූර්ණයෙන් ම අහිමි කර තිබේ. ඊට අමතර ව ඉඩම් අක්‌කර 50,000 ක්‌ පමණ කොල්ලකමින් පාරිසරික අර්බුද රැසක්‌ ඇති කරමින්, පාරිසරික අණපනත් උල්ලංඝනය කරමින් මෙම බහු කාර්යය වාරි ව්‍යාපෘති තුන ක්‍රියාත්මක කරනු ලැබේ. උමා ඔය ව්‍යාපෘතිය යටතේ ඉහළ කඳුකරයේ ඉදි කරන ජලාශ දෙක හා උමං පද්ධතිය හේතුවෙන් මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශ සම්පූර්ණයෙන් ම අස්‌ථාවරභාවයට පත් ව ජල හිඟයකට ගොදුරු වෙමින් තිබේ. මේ හේතුවෙන් ඉදිරියේ දී නාය යැම් දැවැන්ත ලෙස වර්ධනය විය හැකිය.

උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය වන ප්‍රදේශ ආශ්‍රිත ව ද මේ වන විට දැවැන්ත ඉඩම් කොල්ලයක්‌ සිදු වේ. බදුල්ල දිස්‌ත්‍රික්‌කයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් බලහරුව, අඹකොලේ ප්‍රදේශයේ ඉඩම් අක්‌කර 1000 ක්‌ පමණ හා අක්‌කර 500 ක්‌ පමණ වෙන් කර ගෙන තිබේ. මෙසේ වෙන් කර ගෙන ඇති ඉඩම් වලින් වැඩි කොටසක්‌ ගොවි ජනතාවගේ හේන් වගා බිම් ය. කන්දයාය කන්ද හා ගොමදියවල කන්ද අතර පිහිටි විශාල තැනිතලා බිම් ප්‍රදේශය මේ වන විට ප්‍රදේශයේ මහ පරිමාණ ව්‍යාපාරිකයන් විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන වගා කටයුතු සිදු කෙරේ. මේ ආශ්‍රිත ව පිහිටි ඉඩම් අක්‌කර 1000 ක්‌ මේ වන විට උදිත් ලොකුබණ්‌ඩාර මහතා විසින් මැනීම් කර වෙන් කර ගෙන තිබේ.

තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් සූරියආර ග්‍රාම නිලධාරි වසමේ පිහිටි කතරගම දේවාලයට අයත් කුමාරගම වැව හා නයිවල වැව යන වැව් ආශ්‍රිත ව හා එම වැව්වල ජල පෝෂක ප්‍රදේශයට අයත් වනාන්තර ඉඩම් අක්‌කර 650 ක්‌ කොස්‌ මාමා යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයකුට ලබා දී තිබේ. මීට අමතර ව මෙම ප්‍රදේශයේ තවත් වනාන්තර අක්‌කර 150 ක්‌ හිටපු නියෝජ්‍ය පොලිස්‌පතිවරයකු හට ලබා දී ඇත.

තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයටම අයත් මහවැව ග්‍රාම නිලධාරී වසමේ කලවැල්පල, සිංහලයාගම වැව ආශ්‍රිත ව වනාන්තර අක්‌කර 500 ක්‌ නම වසං කරමින් සමාගමකට ලබා දී තිබේ. දැනට මෙම ප්‍රදේශය මැනීම් කර මායිම් සකස්‌ කර අවසන් ව ඇත. මේ සියල්ල සිදු වන්නේ උමා ඔය බහුකාර්යය ව්‍යාපෘතියට සමගාමීව ය.

ආරක්‌ෂක අංශ විසින් ඉඩම් කොල්ලය සිදු කළ එක ම යුගය වන්නේ පසුගිය රජයේ පාලන යුගයයි. යුධ හමුදාව විසින් කන්දකාඩු ප්‍රදේශයේ වනාන්තර අක්‌කර 11600 ක්‌ බලහත්කාරයෙන් අත්පත් කර ගෙන විවිධ සමාගම්වලට ලබා දීම සිදු කරයි. මෙම සියලු වනාන්තර සෝමාවතිය ජාතික වනෝද්‍යානය හා ත්‍රිකෝණමඩු ස්‌වභාව රක්‌ෂිතය අතර පිහිටි අලි – ඇතුන්ගේ නිජබිම් වන අතර මහවැලි ගඟේ අතු ගංගාවක්‌ වන මාවිල්ආරු හි ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශය වේ. මේ ප්‍රදේශයේ වනාන්තර අක්‌කර 500 ක්‌ එළිපෙහෙළි කර යුධ හමුදාව විසින් ගොවිපළක්‌ පවත්වා ගෙන යන අතර තවත් වනාන්තර අක්‌කර 1000 ක්‌ සමාගමකට නීති විරෝධී ලෙස බදු දී තිබේ. එම වනාන්තර එළිපෙහෙළි කර තේක්‌ක වන වගාවන් හා කැවැන්ඩිස්‌ කෙසෙල් වගාවන් සිදු කර තිබේ. මෙම කෙසෙල් වගා බිම් සඳහා යොදන ඉතා ම අහිතකර කෘෂි රසායන හේතුවෙන් මාවිල්ආරු ඔය දැවැන්ත දූෂණයකට ලක්‌ ව තිබේ. මේ හේතුවෙන් මාවිල්ආරු සොරොව්ව යටතේ වගා කරන බොහෝ ගොවි ජනතාවක්‌ සෞඛ්‍ය බලපෑම්වලට ලක්‌ ව ඇත.

ගුවන් හමුදාව හා නාවික හමුදාව එක්‌ ව පානම වෙරළ තීරයේ වනාන්තර ඇතුළු ව ඉඩම් අක්‌කර 1220 ක්‌ බලහත්කාරයෙන් අත්පත් කර ගෙන තිබේ. මේ ප්‍රදේශයේ හේන් වගාවන් හා කුඹුරු වගා කළ ජනතාව ගිනි තබා පලවා හැර මෙම ඉඩම් අත්පත් කර ගෙන ඒ වටා විදුලි වැටවල් ඉදි කර තිබේ. අලි – ඇතුන්ගේ විශාල ගැවසුම් ප්‍රදේශයක්‌ මේ අයුරින් අහිමි කිරීම හේතුවෙන් අවට ප්‍රදේශය අලුතින් අලි – මිනිස්‌ ගැටුමට ගොදුරු වෙමින් පවතී. මෙසේ බලහත්කාරයෙන් අල්ලා ගත් ප්‍රදේශවල මේ වන විට සංචාරක හෝටල් පවත්වා ගෙන යැම හා කඳවුරු බිම් ඉදි කිරීම ආරක්‌ෂක අංශ විසින් සිදු කර තිබේ.

වවුනියාව ප්‍රදේශයේ පිහිටි සුවිශේෂි වන රක්‌ෂිතයක්‌ වන කරුන්කාලිපුරම් වන රක්‌ෂිතයේ අක්‌කර 5000 ක්‌ සම්පූර්ණයෙන් ම එළිපෙහෙළි කර යුධ හමුදාව විසින් අලුතින් ජනාවාස ඉදි කිරීම සිදු කර තිබේ. මේ සඳහා සිවිල් ආරක්‌ෂක බලකාය හා මහවැලි අධිකාරිය ද යොදා ගෙන ඇත. මෙහි දෙවන අදියර ලෙස තවත් වනාන්තර අක්‌කර 5000 ක්‌ ලබා ගැනීමට යුධ හමුදාව විසින් මේ වන විට ක්‍රියාමාර්ග ගනිමින් සිටී.

සාම්පූර් ගල් අඟුරු බලාගාරය හා ඉන්දියානු කර්මාන්තපුරය ඉදි කිරීම සඳහා අක්‌කර 5000 ක භූමි ප්‍රදේශයක ජනතාව බලහත්කාරයෙන් ඉවත් කර නාවික හමුදාව විසින් අධි ආරක්‌ෂිත කලාපයක්‌ ලෙස ප්‍රකාශයට පත් කර අත්පත් කර ගෙන ඇත. මේ හේතුවෙන් පවුල් 1651 ක්‌ පමණ අවතැන්ව සිටී. මේ ප්‍රදේශයේ පිහිටි වනාන්තර බොහෝමයක්‌ ද මෙලෙස බලහත්කාරයෙන් ආරක්‌ෂක අංශ විසින් පවරා ගෙන තිබේ.

විල්පත්තු ජාතික වනෝද්‍යානයේ උතුරු මායිමේ පිහිටි වනාන්තර අක්‌කර 900 ක්‌ ඇතුළු ව මොල්ලිකුලම් පැරණි ගම්මානය නාවික හමුදාව විසින් මේ වන විට බලහත්කාරයෙන් අත්පත් කර ගෙන තිබේ. මෙවන් දෑ ආරක්‌ෂක අංශ විසින් සිදු කරනු ලැබූවේ පසුගිය රජයේ උවමනාවන් මත ය. ඉන් සිදු වූයේ ආරක්‌ෂක අංශ සමාජය ඉදිරියේ අපකීර්තියට ලක්‌ වීම ය.

මහ පරිමාණ සංචාරක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා නීති විරෝධී ලෙස ඉඩම් අත්පත් කර ගැනීම පසුගිය කාලය පුරා ම දිගින් දිගට ම සිදු විය. කල්පිටියේ දූපත් 14 කට අයත් අක්‌කර 2750 ක භූමිය සංචාරක සංවර්ධන අධිකාරිය මඟින් අත්පත් කර ගෙන මේ වන විට මහ පරිමාණ සංචාරක ව්‍යාපෘතියක්‌ ක්‍රියාත්මක කරනු ලැබේ. පාරම්පරික ධීවර ප්‍රජාව එම ප්‍රදේශවලින් ඉවත් කර කඩොලාන වනාන්තර පද්ධති, වැලි කඳු හා වෙරළබඩ ශාක ප්‍රජාව විනාශ කරමින් පුත්තලම කලපුව හා බාර් රීµa කොරල් පරය දැවැන්ත තර්ජනයකට ලක්‌ කරමින් මෙම අසාර්ථක මහ පරිමාණ සංචාරක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබේ.

ත්‍රිකුණාමලය, නිලාවේලි මුහුදු තීරයේ කිලෝමීටර 10 ක වෙරළ තීරය හා මඩකලපුව, පාසිකුඩා වෙරළ තීරයේ අක්‌කර 300 ක භූමිය පාරම්පරික ධීවර ජනතාවට අහිමි කර නීති විරෝධී ලෙස සංචාරක හෝටල් ඉදිකරමින් මහ පරිමාණ සංචාරක ව්‍යාපෘති ක්‍රියාත්මක කරනු ලැබේ.

සොරගුණේ වනාන්තරයේ අක්‌කර 628 ක්‌ ගොල්µa ක්‍රීඩා පිටියක්‌ හා මහ පරිමාණ සංචාරක හෝටලයක්‌ ඉදි කිරීමට යොදා ගෙන තිබේ. වේලි ඔය ව්‍යාපාර යටතේ වගා කරන ගොවි පවුල් 3000 ක්‌ පමණ අවතැන් කරමින් මෙම සංචාරක ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට සූදානම් වේ.

කඩොලාන වනාන්තර හා ලවණ වගුරු බිම් විනාශ කරමින් නීති විරෝධී ලෙස ඉඩම් අත්පත් කරගනිමින් ලුණු නිෂ්පාදනය හා අසාර්ථක ඉස්‌සන් ගොවි පොළවල් ව්‍යාප්ත කිරීම මේ වන විට සිදු කර තිබේ.

පුත්තලම කලපුවේ අක්‌කර 250 ක්‌ නියෝමාල් පෙරේරා මහතා විසින් බලහත්කාරයෙන් ලබාගෙන ලුණු නිෂ්පාදනය සිදු කරමින් පවති. රයිගම් සමාගම විසින් ත්‍රිකුණාමලය, සලපෙආරු කලපුවේ අක්‌කර 1805 ක්‌ නීති විරෝධී ලෙස අත්පත් කරගෙන ලුණු නිෂ්පාදන ව්‍යාපෘතියක්‌ මේ වන විට ක්‍රියාත්මක කරයි.

මඩකලපුව, වාකරේ කලපුවේ අක්‌කර 170 ක්‌ නීති විරෝධී ලෙස අත්පත් කරගෙන ජලජීවි වගා සංවර්ධන අධිකාරිය මගින් මහ පරිමාණ ඉස්‌සන් වගා ව්‍යාපෘතියක්‌ ක්‍රියාත්මක කරනු ලැබේ. මේ ක්‍රියාවලි හරහා සුළු පන්න කලපු ධීවර කර්මාන්තයේ නිරත ධීවර ජනතාව දැවැන්ත බලපෑමකට ලක්‌ ව ඇති අතර, මේ පරිසර පද්ධතිවල ජෛව ප්‍රජාවගේ පැවැත්මට දැඩි බලපෑම් එල්ල වී තිබේ.

අලුතින් ජනාවාස ඉදි කිරීම සඳහා වවුනියාව, මුලතිව්, මන්නාරම දිස්‌ත්‍රික්‌ක තුනෙහි රක්‌ෂිත වනාන්තර 13 කට අයත් අක්‌කර 12800 ක්‌ යොදා ගෙන තිබේ. රිෂාඩ් බදුර්දීන් මහතා හා පසුගිය රජයේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය එක්‌ ව මෙම නව ජනාවාස ඉදිකිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන ලදී.

සජීව චාමිකර
පරිසර සංරක්‍ෂණ භාරය
මතුසම්බන්ධයි

 

Related Post